IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඌරුමීතැන්න පුරාණ විහාරස්ථානයේ බුදුපිළිමය විනාශ කරලා

(පාලිත ආරියවංශ)
 
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බදුල්ල ඌරුමීතැන්න විහාරස්ථානයේ ලෙනක බුදු මැදුරේ  සැතපෙන බුදු පිළිමවහන්සේ නිධන් හොරුන් යැයි සැකකරන කිසිවෙකු කඩාබිඳ දමා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
 
සැතපෙන බුදුපිළිම වහන්සේගේ සිරස හාරා  විනාශ කර තිබූ අතර පිළිමයේ විවිධ ස්ථානවලට ද පහර එල්ලකර ඇති බවද පින් පෙට්ටියේද ඉබ්බා කඩා විවෘත කර තිබූ නමුත් එහි කාසි  තිබූ බවද පොලිසිය පැවසීය. බුදු කුටියට යාබදව පිහිටි දේවාලයේද ඉබි යතුරු කඩන්නට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
මෙම  බුදුමැදුරට නුදුරින් එම පර්වතයේම පිහිටි කුටියක නිධන් සෙවීමේ අරමුණින් කැනීම් කළ සිවුරු ඇඳගත් අයෙකු බදුල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා පොලිසිය වසරකට පමණ පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසු දඩ නියමවිය. එම තැනැත්තා වසර 3ක් පමණ මෙම විහාරස්ථානයේ ගතකළත් ඔහුට භික්ෂු හැඳුනුම්පතක් හෝ නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
 
මීට පෙර කැණීම් කළ ලෙන තුළ අන්‍යාගමික නායකයකුගේ ඡායාරූපයක් දමා ගොස් තිබිණි.  එය පොලිසිය නොමග යැවීමට කළ දෙයක් වියහැකි බව පොලිසිය සඳහන් කළේය.
 
මෙම සිද්ධියෙන්  පසු  විහාරස්ථානය වසා දමා භාරකාරත්වය කහටරුප්පේ විමලකිත්ති හිමියන්ට ලබාදී තිබිණි.
 
විමලකිත්ති හිමියෝ සිද්ධිය මෙසේ විස්තර කළහ.
 
“මම ඉන්නේ මගේ  කහටරුප්ප පන්සලේ.   මේ පන්සල වහල තිබුණේ.  පුරාවිද්‍යාත්මක විමර්ශනයක් සඳහා ඒ නිලධාරීන් 23 දා  සවස ආවා.  ඔවුන් සමග ගමේ අයත් ගිහින් බලනකොට බුදුගෙයි දොර ඇරලා. ඊට පස්සේ තමයි බුදුපිළිමයට කළ විනාශය දැක ගන්න ලැබුණේ. දැන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා” යැයි උන්වහන්සේ පැවසූහ.
 
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පුරා විද්‍යා ආරක්ෂණ පොලිසිය  විමර්ශන පවත්වයි.



අදහස් (0)

ඌරුමීතැන්න පුරාණ විහාරස්ථානයේ බුදුපිළිමය විනාශ කරලා

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site