IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුව නටන්න බැරි නිසා පොළොව ඇදයි කියනවා

(මුදිතා දයානන්ද )
 
උපාධිධාරීන්ට රැකියා ලබාදීමත්, රැකියා ලක්ෂයේ වැඩසටහනත් ආණ්ඩුව අනාගත්තා ආණ්ඩුවට නටන්න බැරි නිසා පොළව ඇදයි කියනවා වගේ හැම දේටම තුනෙන් දෙක ඉස්සරහට දානවා යැයි  ජ.වි.පෙ. ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (08) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි වන අතර තවදුරටත් මෙසේද පැවසීය
 
මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්‍ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. ජනාධිපති පත්වෙලා මාස 04ක යද්දිත් පොරොන්දුව ඉටුකරන්න බැරි වුණා.
 
 
ජනවාරි මාසයේ පත්වීම් දෙන බව කිව්වා. පසුව පෙබරවාරිවලට කල් දැම්මා. මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරින්න දෙනවා කිව්වා. අවසානයේදී ලිපි යැව්වේ පෙබරවාරි 28වැනිදා. සමහරුන්ට ලිපි ලැබිලත් නැහැ. සමහර ලිපිවල අඩුපාඩු ගොඩයි. අන්තිමේදී මැතිවරණ සමය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පත්වීම් අත්හිටවනු ලැබුවා.
 
 මේ ආණ්ඩුව මුලින්ම උපාධිධාරින්ට රැකියා ලබාදීම දේශපාලන වැඩක් බවට පත්කරගත්තා. උපාධිධාරීන් රැවටීමකට ලක්කළා. හෙම්බත් කළා. ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුණනම් පාර්ලිමේන්තුව මාර්තු 02වැනිදා විසුරුවනවා වෙනුවට තව සතියක් පහුකරලා පත්වීම් ටික දීලා විසුරුවන්න තිබුණා. නැත්නම් පත්විම් දීම කඩිනම් කර දෙවැනිදාට පෙර ලබාදෙන්න තිබුණා. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔප්පුකර තිබෙනවා. එයින් අද කෝටි ගණනක් වියදම් කර ගෙන ගිය වැඩපිලිවෙලත් අසාර්ථක වි උපාධිධාරින්ට රස්සා ලැබෙන්න තිබුණ අවස්ථාවත් නැති වුණා. 
 
 
දැන් ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න තමන්ගේ මඩ බලකාය යොදාගෙන උපාධිධාරී පත්වීම් දෙන්න ජවිපෙ විරුද්ධ වුණා කියලා සමාජ ජාලා තුළ මඩ ව්‍යාපාරයක් ගෙනයනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා උපාධිධාරීන්ට රැකියා ලබාදීම වෙනුවෙන් වැඩිම හඬ නැගීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණත් අප පක්‍ෂයට අනුබද්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධානත් වෘත්තීය සමිතිත් උපාධිධාරී සංවිධානත් බව. අපේ පක්‍ෂයේ අනුර දිසානායක සහෝදරයා ජනවාරි මාසය අගදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා.
 
මා
සහභාගී වන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමකට පෙර එතැනට සහභාගී වූ අගැමැතිවරයාගෙන් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳවත් ඔවුන්ගේ වයස සීමාව පිළිබඳවත් ඌණ සේවා වියුක්තිය පිළිබඳවත් කතා කළා.
 
දින 100ක් ඇතුළත මේ තරම් අසාර්ථක වුණු බංකොළොත් ජනාධිපතිවරයෙක් අපි දැකලා නැහැ. උපාධිධාරීන්ට රැකියා ලබාදීම වැනි ඉතාම සරල වැඩක් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන වෙන මොන කතාද? ආණ්ඩුවේම ඇමතිවරු කියනවා, රැකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තා කියලා.
 
 
ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්‍ෂයේ වැඩසටහන අසාර්ථකයි. ආණ්ඩුව පොරොන්දු වුණේ සා.පෙළ අසමතුන් ලක්‍ෂයකට ආණ්ඩුවේ රැකියා ලබාදෙනවා කියලා. එහි සම්මුඛ පරීක්‍ෂණය මහා ජංජාලයක් බවට පත්වෙලා. මේ සම්මුඛ පරීක්‍ෂණවලට සාපෙළ සමතුන්, උපෙළ සමතුන් වගේම ඌණ සේවා වියුක්ති උපාධිධාරීන් පවා එනවා. දැන් ඔවුන් මෑන් පවර් ඒජන්සියකට අනුයුක්ත කරන තත්වයක් ඇති කරලා. ආණ්ඩුවට තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.



අදහස් (10)

ආණ්ඩුව නටන්න බැරි නිසා පොළොව ඇදයි කියනවා

Raveendra Sunday, 08 March 2020 11:01 AM

මේ රතු මල්ලියේ අනුන් නටන තැන පොළොව මට්ටමද නැද්ද හොයන්න ඉස්සෙල්ලා ඔයාලා නටන අසුචි වලේ දිග පළල බලාගෙන ඉන්න පළමුව.. දෙවනුව තාමත් අනුන්ගේ කුණු රෙදි හෝදන්න ලජ්ජා නැද්ද ? පිනට අනිත් අයගේ රෙදි හෝදන එක නවත්වන්න. තුන්වනුව ඉතාම වැදගත් මෙය. ඔයාලගේ පදේට නටන අර අන්තරේ ඉන්න ගොන් අම්බරුවන් ටික නටවන එක නවත්වලා ඒ ගොන් රැළටත් අනිකුත් ළමුන් සමග නිදහසේ ඉගෙනගන්න ඉඩ සලස්වනවා එහෙමයි රටට අවංකව ආදරය කරන මිනිසුන් වැඩ කරන්නේ. ඔයාලගේ ගොන් මොළවලට තාමත් තේරුනේ නැහැනේ අන්තරේ ඉන්න ගොන් තඩියන්ව ඔයාලා හොදින් නටවනවා කියල මුළු ලංකාවම දන්නා බව.

:       166       280

Bamunuarachchi Sunday, 08 March 2020 02:17 PM

මේ දක්වා රජය වෙනුවෙන් කළ කිසිම දෙයක් ඔබලා හොඳයි කීවාද? කරන හැම දෙයකම වැරදි පැත්තම දැක එම වාදයට අකුල් හෙලන ඔබලාගේ බොටුව තදකර කට වසා දැමීමට පත්වෙන කුමන හෝ ආණ්ඩුවකට 2/3ක බලයක් හිමිවිය යුතුයි.

:       13       74

BamunuarachchiMonday, 09 March 2020 12:34 AM

මේ රජය පමණක් නොව කිසිම රජයක් රටට කල හොඳ වැඩක් ඔබලා අනුමත කළාද? නැත.. එසේ නම් කරන හැම වැඩක්ම අසුබ පැත්ත පේන්න ජනතාවගේ සිත් දූෂ්‍ය කරන බොටුව තදකර කට වසා දැමීමට 2/3 බලයක් බලයට පටහැනි බව ඕනෑම රජයකට තිබිය යුතුයි...

:       92       45

NishanMonday, 09 March 2020 12:44 AM

හොඳයි කියන්න පුළුවන් හොඳ දේවල්වලට විතරයි. ඔයා වගේ මේ ආණ්ඩුව කරන කරන හැමදේටම හොඳයි කියන්න තරම් අනිත් අය වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව කරපු කිසිම හොඳක් නෑ. මේ මාස තුනට හතරට... පුළුවන් නම් පෙන්වන්න.

:       298       441

BamunuarachchiTuesday, 10 March 2020 03:57 AM

ජනතාවගේ කැමැත්තෙන් පත් උනේ ජනාධිපති විතරයි. බලය තිබෙන්නේ තවම තිබෙන්නේ යහපාලකයින්ට. තවම මේ ආණඩුව බජට් එකක් ඉදිරිපත් කරලා නැහැ බජට් එකෙන් තමයි රටට මුදල් උපයන්නේ කොහොම වියදම් කරන්නේ කොහොමද ණය ගෙවන්නේ කොහොමද කියන එක ජනතාව දැන ගන්නේ. එහෙමත් නැතුව මෙරජය සාමාන්‍ය ජනතාවට තිබුන බදු බර අඩුකිරීම නිසා මම ලබන බැංකු පොලියට බදු ගෙවන්නේ නැත, විදේශීය තැම්පතු වලට ලැබෙන පොලියට බදු ගෙවන්නේ නැත, පිටරට සිට එවන ඩොලර් වලට බදු ගෙවන්නේ නැත වැට් බදු සහ උපයන විට බදු ගෙවන්නේ නැත.

:       57       59

Bamunuarachchi Sunday, 22 March 2020 03:28 AM

යහපාලකයෝ රටත් කාලා පොළවත් ඇද කරලයි ආපසු දුන්නේ. ඉතින් නටන්න තියා හිටගෙන ඉන්න බැහැ. ඇදෙ හදන්න 3/3ම ඕනේ

:       3       34

lalithm Monday, 23 March 2020 02:48 PM

සියල්ලම ඉස්සර හිටපු අනාගත්ත රජ්ජුරුරුවන්ගේ කතා වගේ. ඕනෙවට වඩා හෝදන්න යන්නේ මොකක් හරි අතයට ගනුදෙනුවක් ඇති.

:       0       9

ඇත්ත දකින Wednesday, 25 March 2020 12:36 PM

විවේචන විතරයි. වැඩ බැරි ජේවීපී අයට මිස වෙන අය නොවේ. රටකට වැඩක් නැති කාලකණ්ණි පිරිසක් මුන්.

:       0       39

rambanda piyadasa Sunday, 12 April 2020 01:27 PM

ඔබලට 3% නැතිවෙනවා.

:       0       15

chan Friday, 17 April 2020 01:31 PM

ඇයි; පාර්ලිමෙන්තුව වහලා ගෙදර සුරූපී කෑම නැද්ද ?

:       21       3

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 55 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site