IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“

(නොර්වුඞ් - රංජිත් රාජපක්ෂ)

“මේ රට දුප්පත්. ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය.

“අපේ රටට නව පාලකයෙක්, නව පාලනයක් අවශ්‍යයයි, වසර 71ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, නව පාලනයක් බිහි කරන්න, ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න.

අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ, දැන් අපි මොකක්ද කළ යුත්තේ? අපේ රට වෙනස් කළ යුතුයි.
මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස 16 වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා.
පැරදිච්ච, යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි.
 අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා, අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි.

ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද? රට දුප්පත් පාලකයෝ පෝසත්, රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත්, රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි?

ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ. ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ. ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා.

රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස්. හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා. පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා.
රටත් පෝසත් වෙලා, පාලකයත් පෝසත් වුණාට කමක් නැ. ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත්. රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා. රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ.

ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි. එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා.
ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා. ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා. එකක් තමයි නීතියේ විධානයේ අධිපත්‍යය. සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි.

අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා. ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට. නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා.

තාජුඩීන්ගේ ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් වීම, අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න. පුළුවන්ද? මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා.

අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ. අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා.

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා, අපි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දානවා.

අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු 25යි නියෝජ්‍යය ඇමැතිවරු 25යි. ඊට වඩා කිසිදු රාජ්‍ය, කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නෑ.

තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා. මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම. මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි.

මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා. අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා” යයිද කීහ.

මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (2)

“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“

Mf Friday, 08 November 2019 08:04 AM

ජවිපයට ඉන්නේ ඉතා හොඳ කණ්ඩායමක්. නමුත් ජනාධිපතිවරණයක් දිනාගැනීමට අමාරුයි. එමනිසා මම හිතන්නේ ජවිපය කණ්ඩායමෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෑ කියලා...

:       0       0

ජනහිතකාමියා Friday, 08 November 2019 11:27 AM

රැස්වීම තිබුනේ හඟුරන්කෙත කියපු නිසා මතක් වුනේ ඊයේ පෙරේදා හිටපු ඇමති එස්.බී.ගේ ආරක්ෂකයින් වූ ඇමති ආරක්ෂකයින් අතින් දෙදෙනෙකුට වෙඩි වැදුනා. මන්ත්‍රී විශ්‍රාම වැටුප කපනවා වගේම වැදගත් දෙයක් වන්නේ හිටපු ඇමතිලාගේ ආරක්ෂාවටත් ඇමති ආරක්ෂකයින් පත් කිරීමත් ඉවත්කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site