IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

රට ගොඩනැගීම සඳහා ප‍්‍රතිපත්තියක් නොමැතිව  ජාතික ආරක්ෂාව මතුරන ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ අනෙකුත් ප‍්‍රශ්න විසඳීමට නම්  සජිත් පේ‍්‍රමදාස මහතා රටේ ජනාධිපති කළ යුතු බවත්  එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (30)  පැවැසීය.

රටේ  ඕනෑම ප‍්‍රශ්නයක් පිළිබඳ විමසීමේදී ජාතික ආරක්ෂාව සලසන බවට පවසන ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් විධිමත් වැඩපිළිවලක් නොමැති බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තොටලඟ ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

    ‘‘මම මිනුවන්ගොඩ  වේදිකාවට පැමිණි අවස්ථාවේදී  රුවන් රණතුංග මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරුන් ගණනාවකුත්  අපේ වේදිකාවට නැගලා සජිත් පේ‍්‍රමදාස මහතා  ජනාධිපති කරන බවට පොරොන්දු වුණා.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ  ඇත්ත  වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.  එතුමා පාසලෙන් පිටවෙලා හමුදාවට බැඳිලා එතනින් ඉවත් වෙළා ඇමරිකාවට ගියා. කිසි දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සාමාජිකත්වය ඔහු අරගෙනත් නැහැ, එම පක්ෂය  වෙනුවෙන් වැඩ කරලත් නැහැ.

කිසිම සම්බන්ධයක් නැති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට  සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්න කියලා ශ‍්‍රි ලංකා නිදහස්  පක්ෂයේ සාමාජිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට ආවේ සංවිධායකයෙක් ලෙසයි. මම ඇහුවා  මැද කොළඹට එන්න කැමතිද කියලා එතුමා හම්බන්තොට තෝර ගත්තා. එතුමා දේශපාලනයෙන් බඩගාලා පාර්ලිමේන්තුවට ඇවිත් ආරම්භ කරපු ඒ ගමන අද ජනාධිපති අපේක්ෂකයෙක් විදියට පත් වෙලා තියෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා අවුරුදු 19 ක  පාර්ලිමේන්තු පලපුරුද්දක් ඇතිව  මෙතනට  ඉදිරිපත් වුණා.  ගෝඨාභය රාජපක්ෂට එහෙම පලපුරුද්දක් නැහැ. දේශපාලනය පිළිබඳ පුරුද්දක් නැති අයෙකුට  රට භාර දෙන්න ලෑස්තිද කියලා මම ජනතාවගෙන් අහනවා.

සජිත් ප්‍රේමදාස මහතා අපේ අපේක්ෂකයා  විදියට අපි කරපු වැඩ දන්නවා. ඉදිරියට කරන්න  ඕන වැඩ ගැනත් එතුමන්ට අවබෝධයක් තියෙනවා. රටේ හැම කොනක් ගැනම එතුමන්ට අවබෝධයක් තියෙනවා.  පලපුරුද්දක් ඇති දේශපාලන නායකයෙක් විදියට සජිත් ප්‍රේමදාස මහතා  මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.

 



අදහස් (3)

‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘

DD Thursday, 31 October 2019 12:20 AM

‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘ ඔබට නම්ලොකු වැඩ පිළිවෙලක් තයෙනවා නේද? අප්‍රේල් මාසේ පෙන්නුවේ ඒකද?

:       0       0

Raveendra Thursday, 31 October 2019 04:25 AM

මිලේනියම් සිටි එක පාවාදුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩපිළිවෙලක් තියෙන නිසා වෙන්න ඇති. අනේ අපේ කට...

:       0       0

Bamunuarachchi Friday, 01 November 2019 12:51 PM

කට ඇරියොත් ගොබ්බ කතාවක් තමයි කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site