IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


‘‘ගෝඨාභය නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක‘‘

(නිමල කොඩිතුවක්කු)

විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා වන ඉසෙඩ් ස්කෝර් ක‍්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මළගම  සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

නිදහස් අධ්‍යාපනය තුළින් ගොඩනැගුනු තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්ථකාල ශ‍්‍රවණාගාරයේ අද (4) පැවති තරුණ වෘත්තියවේදීන්ගේ හමුවකට එක්වෙමිණි.

තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය අහිමි කර රට යලිත් වැඩවසම් යුගයක් කරා ගෙනයාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයිද  අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව මුවාවෙන් බලයට පැමිණීමට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ අවසානයේදී නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය රටට අහිමි කරනු ඇති බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා එවැනි කිසිදු උත්සාහයකට රාජපක්ෂවරුන්ට ඉඩ නොදෙන බවත් සඳහන් කළේය.

 



අදහස් (3)

‘‘ගෝඨාභය නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක‘‘

chandima Monday, 04 November 2019 04:51 PM

බලන්න ඔබතුමා මොන තරම් දක්ෂද? ගෝඨාභය උත්සහ කරනකොට ඔබතුමා කරලත් ඉවරයි. ගෝඨාට ඔබ තුමත් එක්කල හැරෙන්නවත් බැහැ.

:       0       0

Bandara Monday, 04 November 2019 08:48 PM

රටම කාලා ලොකු කතා කියනවා.

:       0       0

Raveendra Monday, 04 November 2019 10:49 PM

අනිත් කෙනාගේ අඩුපාඩු කතා කිරීම තමා අපේ රටේ දේශපාලුවන්ගේ ප්‍රධානම සහ එකම කටයුත්ත. මොන තරම් නිවටද? ඇහුවොත් නම් මේ අය කියන්නේ අපි තමයි මහත්මා දේශපාලනය කරන්නේ කියලා. නමුත් අනිත් කෙනාගේ රෙදිමයි හෝදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 78 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 911 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2533 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site