(බිඟුන් මේනක ගමගේ)
උතුරු නැගෙනහිර ජනතාව බෙදුම්වාදයට පක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් ඉවත්වන්නේ නම් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට හැකි යැයි ජලසම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය.
ආණ්ඩුවට සම්බන්ධ පිල්ලෙයාන්, ඩල්ගස් දේවානන්දා හා අතාවුල්ලා බෙදුම්වාදයට විරුද්ධ දේශපාලකයන් යැයි ද උතුරු නැගෙනහිර ජනතාව එවැනි නායකයන් සමග අත්වැල් බැඳගන්නේ නම් පළාත් සභාවලට සම්පූර්ණ බලය දීමෙහි ගැටලුවක් නැතැයි වාසුදේව නානායක්කාර මහතා කීය.
ඒකීය රාජ්‍යක් තුළ පළාත් සභා පැවැතිය යුතුය යන්න ජනාධිපතිවරයාගේත් අදහස යැයි කී හෙතෙම බෙදුම්වාදයට නැඹුරු දේශපාලන කණ්ඩායම් ශක්තිමත්ව සිටින තෙක් එය කළ නොහැකි යැයි අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණට සිංහලයන්ගේ හා බෞද්ධයන්ගේ බහුතර ඡන්දය මුල් වූ බව සත්‍යක් වුවද කතෝලික සිංහලයන්ගේ කතෝලික දමිළයන්ගේ දායකත්වයද ඊට නොඅඩුව ලැබුණේ යැයි නානායක්කාර මහතා පැවැසීය.
එනිසා ජනවාර්ගික පදනමින් ජනාධිපතිවරණ ප්‍රතිඵල විග්‍රහ කිරීම නිරර්ථක යැයි ද රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
13ඒ තමයි තියෙන්නේ...
වාසුදේව මහත්තයෝ , වේලි වේලි ඉඳල ලැබිච්ච අමාත්‍යාංශය හරියට මේ මාස තුන ඇතුලත කරලා පෙන්වන්න. සොයා බලන්න කොළඹ ජලය කපන්නට වූණු හේතුව. වැඩිය අරව මේවා කියවන්නේ නැතිව . ජනාධිපති තුමා සහ විද්වත් මණ්ඩලය අනිත් කටයුතු බලා ගනී. පාර්ලිමේන්තුවට ගියාම විද්වත් වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න.
තමුන්ට හිතෙන විදිහට පොලිස් බලතල දෙන්න.. ඒවා තමුන්ගේ අම්ම අප්පාගේ දේපල කියලා හිතුවද?
මෙයා එහෙම දෙන්නේ මේක එයාගේ දේපලක්ද? සමසමාජ පක්ෂයත් විනාශ කරලා වාමාංශික දේශපාලනය විනාශ කළා.