IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘පොහොට්ටුව හැර වෙන ලකුණක් මහ මැතිවරණයට සුදුසු නෑ‘

(මුදිතා දයානන්ද )
 
රටම දන්න පොහොට්ටුව වෙනුවට මහ මැතිවරණයේදි අලූත් ලකුණක් හඳුන්වාදිම සුදුසු වන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (09)  පැවසීය.
               
ඔහු මෙසේ පැවසුයේ මහමැතිවරණයට පුටුව ලකුණෙන් තරග කරන බවට ගම්මන්පිල මහතා කර තිබෙන ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී එම මාධ්‍ය හමුව පැවැත්විණ.

එහිදි ඔහු මෙසේද පැවසීය.

 
ලෝකයේ වෙන කිසිම පක්ෂයක් නැහැ පක්ෂයේ නමින් නැතිව පක්ෂ ලකුනෙන් හඳුන්වා දෙන. එහෙම හඳුන්වා දෙන එකම පක්ෂය ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණයි. කවුරුවත් අපිට පොදුජන පෙරමුණු කාරයෝ කියන්නේ නැහැ, පොහොට්ටු කාරයෝ කියනවා මිසක්. ඉතිං ඒ තරම් ජනප‍්‍රිය ලකුණ අපි පැත්තකට දාන්නේ ඇයි?
 
මිනිස්සුන්ට අලූත් ලකුණක් හා අපේක්ෂකයින්ගේ අංකත් මතක තියා ගන්නවාට වඩා පහසුයි තිබුණ ලකුණම භාවිතා කිරීම. මිනිස්සු ගිහින් හොයන්නේ පොහොට්ටුව මිසක් වෙන ලකුණක් නෙවෙයි. ලකූණ ගැන ඒ තරම් හිතන්න අවශ්‍ය නැහැ. පොහොට්ටුවෙන් තරග කළත් අනෙකුත් පක්ෂවල කෝටාවට අසාධාරණයක් නොවන තැනට කටයුතු කරන්න අපි අතර සාකච්ඡා ඇති කරගත යුතුයි. 
 

 



අදහස් (2)

‘පොහොට්ටුව හැර වෙන ලකුණක් මහ මැතිවරණයට සුදුසු නෑ‘

maalaka Thursday, 12 December 2019 04:37 AM

සාස්තර කාරයින්ද කිව්වේ?

:       0       0

Raveendra Sunday, 15 December 2019 04:05 AM

ලකුණෙන් අපටනම් වැඩක් නැහැ. රටට අවංකව සේවයක් කරන්නේ කව්ද ඒ කෙනා මොන ලකුණෙන් ආවත් රටට ආදරය කරන මිනිසුන් කැමැත්ත දෙන බව නම් විස්වාසයි. ඔයගොල්ලෙවෙගේ අය දිව්‍යලෝකේ තියෙන ලකුණකින් ආවත් වැඩක් තියේද නැද්ද තිනය දේ ඔයාලම තේරුම් ගන්න. මිනිස්සුන්ට පව්නොදී තමන්ම ගියොත් හොදයි. ඇහුවොත් නම් සුදු කබාකාරයෙක්ලු නේද ? සේවාදායකයන්ට දෙයියන්ගෙම පිහිටයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site