IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ටීඑන්ඒ ජනතාව ගැන නොසිතා ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු සැප ජීවිත ගත කළා’

රොමේෂ් මධුෂංඛ

දෙමළ ජනතාවගේ ප්‍රශ්න අමතක කර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී සැප ජිවිත ගත කළ නිසා තමාට නව පක්ෂයක් නිර්මාණය කිරීමට සිදුවු බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

යාපනයේ නාගර්කෝවිල් හී සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරණ දෙමළ ජනතා එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ කීය.

2013 උතුරු පළාත් සභාවට දෙමළ සන්ධානයෙන් තරග කළා. ඉන් ජයග්‍රහණය කර උතුරු පළාතේ මහ ඇමැති ලෙස පත්වුණාම මගේ ධූරකාලයේ ජනතාවට සේවාවක් කරන්න පුළුවන් කියලා තමයි හිතාගෙන හිටියේ.

ඒ වගේම අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිතට එකඟව කටයුතු කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා නමුත් කාලයක් ගියාට පසුව මට ඇත්ත තත්ත්වය තේරුණා.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශ වේදිකාවල කථා සියල්ලම මැතිවරණ කාලයේ දී ජනතාව රැවටීමට හදපු බොරු ලේඛන කියලා මම තේරුම් ගත්තා. මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂය ජනතාවගේ යහපත ගැන හිතන්නේ නැහැ කියලා .

නමුත් ඒ හැම වෙලාවෙම මොකක් හරි කියලා සෑහිමකට පත්කලා මිස ජනතාවගේ පැත්තට හැරුණේ නැහැ. ඊට පසුව මම මගේ තීරණ වෙනස් කරගෙන ජනතාවට වැඩකරන අයව එකතු කරගෙන තනිවම ගමන් කරන්න හිතලා මගේ ධූර කාලය අවසන් වූ ගමන්ම අලුතෙන් පක්ෂයක් හැදුවා. එමගින් ජනතාවට හැකි උපරිමයෙන් සහනයක් දෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ එයට ඕනෑම අයකුට එක්වන්න අවස්ථාව තියනවා යනුවෙනි.



අදහස් (1)

‘ටීඑන්ඒ ජනතාව ගැන නොසිතා ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු සැප ජීවිත ගත කළා’

lalithm Friday, 02 August 2019 03:01 AM

ඔබත් කරන්න යන්නේ සැප විඳින එක තමයි. පක්ෂ නායකයෙක් කියන්නේ ත්‍රී වීල් පක්ෂයක වුණත් යම් යම් අයිතිවාසිකම් වෙන විශේෂ දේවල් හම්බවෙන අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site