(මුදිතා දයානන්ද)
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටන් කර එදා ජීවිත පරිත්‍යග කළ හැටදාහක් දෙනාගේ මළ කඳන් උඩින් ගිහින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව හරහා බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කරමින් ජවිපෙ රටේ ඒකීයභාවය නැති කරන්න උත්සාහ දරන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අද (22) පැවසීය.
මුසම්මිල් මහතා මෙසේ පැවසුයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ ද පැවසීය.
ආණ්ඩුව තුළ අවුල් ජාලාවක් නිර්මාණය වෙලා තියෙන වෙලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමේ යෝජනාව අරන් එන්නේ. එයින් ආණ්ඩුවේ අර්බුදය සමනය කරනවා. ඒ වගේම විපක්ෂය ශක්තිමත්ව සිටින වෙලාවක මෙවැනි සංවාදශීලි මාතෘකාවක් ගෙනත් දාලා විපක්ෂයේ එකමුතුව සමගිය බිඳ දැමීමත් එය දුර්වල කිරිමත් ජවිපෙ තවත් අරමුණක්. ඒ නිසා මේ යෝජනාව හරහා ජවිපෙ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරනවා.
දෙමළ බෙදුම්වාදයේ අරමුණු ඉටු කරගැනීම පහුගිය කාලය තුළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කරගත්තා. අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පත්කළා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටෙව්වා, බලහත්කාරයෙන් අතරුදන් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගත්තා.
එයින් ඔබ්බට ගොස් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරගනිමින් පුර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරගැනීමට බාධාකාරීවන ප‍්‍රධාන සාධක වන විධායක ජනාධිපති ධූරය අහෝසි කරගැනීම ඔවුන්ගේ මීළඟ අවශ්‍යතාවයයි. ජවිපෙ එක පැත්තකින් ඉටුකරන්න යන්නේ ඒ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. මේකට ඉඩදෙන්න බැහැ. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනාවක් ගෙන එනවා නම් ඒ සමඟම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අහෝසි කිරිමේ යෝජනාවක් ගෙන ආ යුතුයි.
COMMENTS
රටේ ඒකීය බවය ආරක්ෂා කරන්නේ මේවගේ අයද? මෙවැනි පුද්ගලයන් බලයටනම් ගෙන්න එපා. එය ඔබගේ රටටත් ජාතියටත් කරන අසාධාරනයක්.
රටට වින කරපු විධායක ජනාධිපති ක්‍රමය උපයෝගී කරගෙන පෙර රජය රට විනාශ කළා. මුස්සමිල්ල කරන්නේ තව දුරටත් ජනතාව නොමග යවන එක... ඒවා තොරා බේරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි.
බලවත් ප්‍රාදේශීය සභා පිහිටුවා විධායක ජනාධිපති බලය නැති කළොත් අනිවාර්යෙන්ම ජාතින් හා ආගම් මත වෙන වෙනම පාලන ප්‍රදේශ බිහිවේ. අවසාන වෙනවෙනම රාජ්‍යයන් වේ.
විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න එපා. මේ අවුරුදු 3 ට මෙරටේ සිදුවූ දේවල් බලන විට විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නේ බැංකු හොරකම අල්ලන්න කොමිසමක් එන්නේ නැත. එහෙනම් 2005- 2009 අතර කාලයේ LTTE එකට ප්‍රහාරයක් දීමට පාර්ලිමේන්තු අවසර ගතයුතුව තිබුණාය.