(ජයන්ත සමරකෝන්)


ඊළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(15) පැවසීය.


කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේ අවසන් තීරණයත් සමඟ තමන් සිටින බවද, බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද(15) පැවති සාමජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.