IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘ජනතාව ණය කරන සංවර්ධන ව්‍යාපෘති අපි කරන්නේ නෑ’


 
 
(මහේෂ් කිර්තිරත්න) 
 
රටේ ජනතාව ණය කරන සංවර්ධන ව්‍යාපෘති අපි කරන්නේ නැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මාතලේ නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිවන මාතලේ, ගොංගාවෙළ බස්නැවතුමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.


අද නගර සංවර්ධනයේ ප‍්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදයයි. එම ගැටළුව විසඳන්න පෞද්ගලික වාහන වැඩි වශයෙන් ගෙන්වීමෙන් කළ නොහැකියි. මේක පොඩි රටක්. රටේ හැමතැනම නගර ඉදිවෙලා, ගෙවල් ඉදිවෙලා. එම නිසා හැකිතාක් පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා අපි නගර 13 ක් හඳුනාගෙන තිබෙනවා උපාය මාර්ගික නගර හැටියට දියුණු කරන්න. එයින් එකක් තමයි මාතලේ නගරය. අපි අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් සම්පාදනය කරනවා මහනුවරට.

තව අවුරුදු දෙක තුනකින් බලාගන්න පුළුවන් ලෝකයේ තිබෙන දියුණුම බස් නැවතුම්පළත්, දුම්රිය ස්ථානයත් මහනුවරට එනවා. ඒ වගේම දඹුල්ල නගරය ඇත්තටම අපේ අනාගත සැලසුම අනුව කොළඹ සිට ත‍්‍රිකුණාමලය දෙසට තමයි ප‍්‍රධාන නාගරික මධ්‍යස්ථානය, නාගරික කොරිඩෝව ගොඩනැගෙන්නේ. එතකොට මේ දිස්ත‍්‍රික්කවලට අලූත් ආලෝකයක් ඉදිරි කාලවලදී ලැබෙනවා. අපිට තිබෙනවා ලොකු ප‍්‍රශ්නයක්, ණය ගෙවන එක. මේ ණය ගෙවන්න ගියාම ආණ්ඩුවේ ආදාමයමෙන් 90%ක් ම යන්නේ මේ ණය ගෙවන්න. මොකද ආදායම් නැති තැන්වල තමයි ගිය ආණ්ඩුව ආයෝජනය කරලා තියෙන්නේ.

මිත‍්‍රවරුණි මේ ණය ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. දැන් හාල්, පිටි, කිරිපිටි වැනි සෑම දෙයකටම බදු අයකරලා මේවායේ ණය ගෙවන්න වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ආණ්ඩුව ආයෝජනය කරන්නේ ආදායම් ලැබෙන තැන්වල. ආදායම උපදවන්න පුළුවන් තැන්වල ජනතාවට මෙහෙවරක් වෙන්න පුළුවන් තැන්වල මිසක් බොරු ෂෝක්, බොරු සෝබන ජනතාවට බරක් වන සංවර්ධනයක් නෙවෙයි අප කරන්නේ.

අපේ අමාත්‍යාංශය අද මහා පරිමාණ ආයෝජන විස්සක් අපි සිදුකරගෙන යනවා. අති විශාල ධනස්කන්ධයක් අපේ අමාත්‍යාංශය හරහා ක‍්‍රියාත්මකයි. මහවැලි ව්‍යාපාරය වැනි කිහිප ගුණයක් විශාල ව්‍යාපෘති ගණනාවකට අපි අතගහල තියෙනවා. ඒවායේ ප‍්‍රතිඵල අනාගතයේ දී ලැබෙයි. 


විශේෂයෙන්ම අපි කියන්න  ඕනෙ අපි මෑතකදී හදපු මොරගහකන්නද. එය මීට අවුරුදු පනහකට කලින් සැලසුම් කළ දෙයක්, 



අදහස් (3)

‘ජනතාව ණය කරන සංවර්ධන ව්‍යාපෘති අපි කරන්නේ නෑ’

Keppetipola Monday, 20 August 2018 12:16 PM

එතකොට අදායම් ලැබෙන තැන්වල ආයෝජනයක්ද කලේ? මහ බැංකුව මහ දවල් බිඳපු එක.... අති විශාල ධනස්කන්ධයක් චම්පිකගේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මකයිලු. ආර්ථිකය පහත වැටිච්ච, දූෂණය රජ කරන රටක මෙතරම් ධනස්කන්ධයක් මෙයාට කොහෙන්ද ලැබුණේ කිය‍ලා බොරු ශෝභන නැතුව ජනතාවට පැහැදිලි කළොත් හොඳයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පැන පැන පරණ ආණ්ඩුවලට බනින එක විතරයි මෙයා කරන්නේ...

:       3       24

Bamunuarachchi Tuesday, 21 August 2018 12:52 AM

එතකොට ව්‍යාපෘති සල්ලි අච්චුගහලද ගෙදරින් ගෙනල්ලාද? හලෝ බදු ගැහිල්ලෙන් ජනතාව නයවෙනවා. දැනටමත් ගත්ත ණය මොනවට ගත්ත ඒවාද?

:       0       0

Bamunuarachchi Tuesday, 21 August 2018 07:12 PM

හලෝ ඔය ව්‍යාපෘති කොරන්න තියා කන්නදෙන්නත් අමාරුයි ණය කන්දරාව නිසා කියලානේ කියන්නේ. ඉතින් කොහොමද ණය නොගෙන ව්‍යාපෘති කොරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30842 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12908 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10926 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 840 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 249 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 902 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site