IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හද ගැස්ම තේරුම් නොගෙන එජාපයට යළි නැගිටින්න බෑ

(*** අංජුල මහික වීරරත්න)

සියයට දෙකට වැටුණු එක්සත් ජාතික පක්ෂය නායකයන් දහසක් හදාගත්තත් පාක්ෂිකයන්ගේ හැඟීම් දැනීම් අවබෝධ කර ගන්නා තුරු ඉදිරි ගමනක් නැතැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (11) වැනිදා මාධ්‍ය හමුවේදී පැවැසීය.

ජනතාවගේ සංවේදී කැමැත්ත නොලබා මූලස්ථානය බව කියමින් බිල්ඩිමක් සහ හිස් ඉඩමක් තියාගෙන හිටියාට පලක් නොවන බව ද මරික්කාර් මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මහතා මෙසේද පැවැසීය.

යහපාලන ආණ්‍ඩු සමයේ පැවැති දියාරු කඹ ඇදිලි, කොන්ද පණ නැති ආණ්‍ඩු කෙරුවාව ජනතාවට එපා වී තිබෙන බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරනවා. එමෙන්ම ජනපති සහ අගමැති පක්ෂය දෙකකින් පැමිණීම සුදුසු නැති බව ද ජනතාව තීරණය කරලා.
2001 වසරේ ආණ්ඩු කරන විට රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා මැතිණියගේ අත් බෑගයේ තිබෙන ඔරලෝසුව ආදිය පිළිබඳව සොයන්නට පටන් ගෙන අර්බුද ඇති වුණා. දෙවැනි වතාවට සිරිසේන ජනාධිපති ගෙනැවිත් ගමරාල යනුවෙන් නමක්ද පට බැඳ ජනාධිපතිධුරයට අදාළ ගෞරවය නොදීම නිසා අර්බුද ඇතිවුණා.

සජිත් ප්‍රේමදාස යනු වැඩ කරන නායකයෙක්. එහෙත් ජනතාව තවමත් ඒ බව තේරුම් ගෙන නැහැ. කෙසේ වුවද අප ජනමතයට ඉහළින්ම ගරු කරනවා.

අප ආණ්‍ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ. ඔවුන්ට යම් කාලයක් දිය යුතුයි. බලය අයුතු ලෙස භාවිත කරනවා නම් රට දුෂණයට ඇදගෙන යනවා නම් පළමු දිනයේ සිටම ඊට එරෙහිව සටන් කරන්න අප කටයුතු කරනවා. එමෙන්ම රටට සහනයක් සලසන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දෙනවා.

තුනෙන් දෙකේ බලයට මුවා වී ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන්න හදනවා නම් අප ඊට විරුද්ධව නැගී සිටිනවා. ආර්ථික ජයග්‍රහණය සඳහා සහාය දෙන අතරම ඒ මුවාවෙන් රටේ ඉඩම් සින්නක්කර විකුණන්නට හදනවා නම් ඊට ද එරෙහි වෙනවා.

බණ්ඩාරනායක මහතා මෙන්ම පොහොට්ටු පක්ෂය බලවේග හදා මෙතරම් ඉක්මනට ඡන්ද පදනම වැඩි කර ගත්තේ නැහැ. දැන් ලෝකය දෙස අලුතින් බලන පරපුර ඉදිරියට පැමිණිලා. යල් පැනගිය ක්‍රම වෙනුවට තාක්ෂණික යුගය බිහි වෙමින් තිබෙනවා. ජන මනස ගැන අවබෝධයක් නැති අයට මැතිවරණයේ දී ජනතාව කදිම පිළිතුරක් දුන්නා. කෙටි කාලයක් තුළ මන්ත්‍රීධුර පනස් හතරක් ගැනීමට හැකි වීම විශිෂ්ට ජයග්‍රහණයක් බව කිව යුතුයි.

බිල්ඩිමක් සහ හිස් ඉඩමක් තියාගෙන අපේ මූලස්ථානය යැයි කියමින් සිටියාට වැඩක් නැහැ. ජනතාව ඒ මූලස්ථානය ආරක්ෂා කරන්නේ නැහැ. ජන මනස ඒ ගැන සංවේදී නැහැ.

1994වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය බාර ගන්නා විට සියයට 43% ක ජන පදනම තිබුණා. අද එතුමා පක්ෂයෙන් නික්ම යන්න හදන්නේ සියයට දෙකක ජන පදනම පමණක් ඉතුරු කිරීමෙන් පසුවයි. මීට මාස හයකට පෙර එතුමාට පක්ෂය හැර යාමේ ඥානය පහළ වුණා නම් මේ වන විට මීට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය වෙනවා.

ඇතැමුන් අද සියයට 2% පක්ෂ නායකයා වෙන්න හදනවා. එක නායකයකු නොව නායකයන් දහසක් හදාගන්න. ඒත් පාක්ෂිකයන්ගේ හැඟීම් දැනීම් අවබෝධ කර ගන්නා තුරු එක්සත් ජාතික පක්ෂයට ගමනක් නැහැ. අප අලුත් අදහස් සමග ඉදිරියට යනවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ මරික්කාර් මහතා දුන් පිළිතුර මෙසේය.

ප්‍රශ්නය:- ඔබේ පක්ෂයෙන් තරග කළ සෙසු පක්ෂ සියල්ලම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ඉල්ලා සිටිනවා නේද?
පිළිතුර:- මේ මගේ පෞද්ගලික අදහසයි. පක්ෂයේ අදහස නොවෙයි. ගොඩක් අය අපේ පක්ෂය සමග මැතිවරණයට ඉදිරිපත් වීම නිසා මනාප ලැබුවා. හෙට දවසේ මටත් පක්ෂයක් අටවාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටිය හැකියි. ඒ වගේ දේවල් වෙනවනේ.

ප්‍රශ්නය:- ජාතික ලැයිස්තුව සකස් කිරීම ප්‍රමාද ඇයි?
පිළිතුර:- තව කල් තිබෙනවානේ. නියමය තිබෙන්නේ 14 වැනිදා. මධ්‍යාහන 12 ට පෙර නම් ඉදිරිපත් කරන ලෙසයි. ඒ වෙලාවට පෙර අදාළ නම් ඉදිරිපත් කරනවා.

ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂ නායකත්ව ප්‍රශ්නය පිළිබඳව කිව හැක්කේ කුමක් ද?
පිළිතුර:- අපට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. මොකටද පසුගිය මාස හය ඒ අය හුස්ම ගත්තේ ඔක්සිජන් බටයක් ගහලයි. දැන් ඒ බටයත් ගලවලා.

ප්‍රශ්නය:- ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන්න වැඩපිළිවෙළ තිබේ ද?
පිළිතුර:- සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මිස වෙනත් වැඩපිළිවෙළක් නැහැ. ඩීල් කාරයන් සහ හොරුන් සමග එකතු වන්න අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපට ජනතාව වරමක් දී තිබෙනවා. මේ වරම අවභාවිත කරන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ.



අදහස් (1)

හද ගැස්ම තේරුම් නොගෙන එජාපයට යළි නැගිටින්න බෑ

Kamal Koyrala Wednesday, 12 August 2020 10:24 AM

මුසම්මිල් එජාපයේ කළ කොන්ත්‍රාත්තු අහවරයි. මොහු දන්නේ හාම්පුතාගේ හදගැස්ම විතරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29929 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12072 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10891 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 757 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 877 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site