විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දමා විනාශ කරන්නට උත්සාහ කිරීම විශාල පාප කර්මයක් වන බැවින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
ඒ නිසා පක්ෂය කඩා බිඳ දමා විසුරුවා හරින්නට උත්සාහ නොකරන්නැයි විවිධාකාර අන්දමින් එන ජන බලයන් ගෙන් ඉල්ලා සිටින බව ද බණ්ඩාර මහතා කියා සිටියේය.
කවර උපක‍්‍රම යෙදුවත් වැටුණත් නැගීටින ශ්‍රීලනිපය කිසිම දිනක මරා දමනු නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.
දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ වැඩිම මහජන සේවයක් කළ පක්ෂය බවත් ඒ පක්ෂයට පිරිසිදු රාජ්‍ය නායකයෙක් එක්ක ඉදිරියට යන්න අවස්ථාව ලැබිලා ඇති බැවින් ඔහු සමඟ ඉදිරියට යන්නට එක්වන්නැයි ඉල්ලා සිටින බව ද බණ්ඩාර මහතා පැවැසීය.
ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති ශ්‍රී ලනිප තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.
‘‘ ඒ පැත්ත බැලූවත් හොරකම්. මේ පැත්ත බැලූවත් හොරකම්. වංචාව දුෂණයෙන් තොර නායකයෙක් අපට ඉන්නවා. ඔහු එක්ක රට හදන්න පක්ෂය හදාගෙන ඉදිරියට යන්න එකතුවෙන්න කියල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.
රට සංවර්ධනය වෙමින් තිබෙන නිසා වෙනත්දේශපාලන මත දරපු අයගේ දේශපාලන දර්ශන කඩා වැටෙන නිසා ඒ අය වෙනත් වෙනත් විරෝධතා පවත්වමින් නැතිවී යන දේශපාලන උපක‍්‍රමවල නියැලි සිටින බව කිව යුතුයි.
ශ්‍රීලනිපයට ප‍්‍රශ්නයක් තිබුණා ජාතික ආණ්ඩුවත් එක්ක යන ගමන් ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස අපි ගමට යන්න ඕන කියන එක. ගම්පෙරලිය වැඩ සටහනත් එක්ක සියලූම ආසන සංවිධායකයන්ට රුපියල් ලක්ෂ දහසක් බැගින් ලබා දෙනවා.
ග‍්‍රාම ශක්ති වැඩසටහනත් ඉතාම සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා. ව්‍යවසායකයන් බිහි කිරීමට එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඉතා සාර්ථකව සිදුවෙනවා.’’
COMMENTS
මෙසේ කීමට කැමැත්තෙමු. අද අප රටේ තිබෙන සියලුම පක්ෂවලට (රතු කොළ නිල් ) මේ රටේ ඉන්න අහිංසක ජනතාවගේ සාපය වැදිලා ඉවරයි. ඒ නිසා කිසිදු පක්ෂයක් බේදබින්න නොවී බේරුනොත් ඇති. මේ රටට කරන විනාශයට 225 ටම අහිංසක මහජනතාවගේ සාපයය වැදිලා හමාරයි.
එස් එල් එෆ් පී එක 2015 ජනවාරි වලදී ඉවර කලා
ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඔය කතාව කියන්න තිබුනේ 2014 අන්තිමේදී පක්ෂයේ මහ ලේකම් පක්ෂය කඩලා හංස පුට්ටුව ගැහුවේ දවසේ.
අසරණ වෙලා ඉන්න බණ්ඩාරේලාට අනුකම්පා කරනවා ඇරෙන්න මොනවා කරන්නද? අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න කොට ඔය මහත්තුරු ඉපදිලත් නැතුව ඇති පව් පින් ගැන කළගුණ ගැන අපට හොඳ මතකයක් තියනවා. ඔය කිඹුල් කඳුලුවලින් බිඳුණු හදවත් අලවන්න බෑ. පක්ෂෙ පාවාදීලා යූඇන්පිය ත් මගුල් නටන ඔබලාට 54 ලක්ෂයක ශාපය වැදිලා ඉවරයි.