(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීන වුවත් විපක්ෂ නායක ධූරය පිරිනැමීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ ස්ථාවර නියෝග පුළුල්ව අධ්‍යයනය කිරීමෙන් පසුව යැයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවැසීය.
ඉද්දවල මහතා මේ බව පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනවීමේ තීරණයක් ගැනීමට සුදානම් වීම පිළිබඳව අප කළ විමසුමකදීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවහොත් කතානායකවරයා ස්ථාවර නියෝග සම්ප්‍රධායන් අධ්‍යයනය කර සුදුසු තීරණයක් ගනු ඇතැයි ද වැඩබලන මහ ලේකම්වරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය නොදීමට බලපෑවේ ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්තමාන ආණ්ඩුවේ සිටින ප්‍රධාන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කිරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටීම යන කාරණයයි.මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනවී විපක්ෂ නායක ධූරය ඉල්ලීමට සුදානම්වන බවට වාර්තා පළවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd