(හැටන් රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පරාජය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය එළඹෙන මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබාදීමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ අද (01) ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදී ගිනිගත්හේන ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් අමාත්‍යයවරයාව පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අමතමිණි.
මෙම රැස්විමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අතිවිශාල ජන වරම අනුව එළඹෙන මහ මැතිවරණයේදී ආසන 127ක් ලැබෙන බවත්, එම මැතිවරණයේදී පරාජය වූ නුවරඑළිය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරා රැගෙනයාම තුළින් මෙවර මහ මැතිවරණයේදී ආසන 150කට වඩා ලබාගෙන 2/3 බලයක් ලබා ගත හැකි බවයි.
තමන් විසින් ආරම්භ කළ සමෘද්ධිය එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැතිකළ බවත්, තමන් විසින් ආරම්භ කල සමෘද්ධි යන්ත්‍රය සක්‍රීය ලෙස ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජයක් යටතේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



COMMENTS
පළමුව අහන්න ඕන ලැජ්ජාව කියනදේ තියෙනවද? දන්නවද? කියලා... බොරු ආදරයක් තියෙන්නේ පක්ෂ නායකයින්ට, මහින්දව අත ඇරියා... රනිල්ට, මෛත්‍රීට එකතුවෙලා මහින්දට බැන්නා.. එළියට ඇදලා දමනකම් දන්නේ නැහැ. නැවත මහින්දට කිට්ටුවුණා. දැන් ගෝඨාට 2/3 හොයනවා. කයිවාරු ගහනවා. මේ සේරම කරන්නේ තමන්ගේ බඩ පුරවන්න මිසක් රටට ආදරේටද? තමන්ගේ පක්ෂ නායකයට බනින්නේ පැරදුණාම පුදුම කැත විදියට.. මේ වගේ අයට වැඩිය හොඳයි පාරේ යන දුගී කෙනෙකුට ඇමැතිකම් බාරදෙන එක...
69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. හොරුන්ට පත්වීම් නොදී රට ස්වයංපෝෂිත කරනවා කියලා දිවුරුම් දීපු නිසා දැන් හොරු තමයි නැවත පාලනයට පත් කෙරුවේ. දැන්නම් අප්‍රිය වෙලා තියෙන්නේ... දැන් මේ කතාව දැක්කම බඩ දඟලනවා. අපිට අතින් පොඩි වරදක් වුණාම අපි පසු තැවෙනවා. මේ දේශපාලුවන්ට ගාණක්ම නැහැනේ. කරන බොරුව, වංචාව, මිනීමැරුම්... කිසිම දෙයක් නොවුණු ගානට මාධ්‍යයටත් එනවා. මෙයාගේ කතාවට 69- 60 අඩුවෙයිද? දන්නේ නැහැ... දේශපාලනයට තියා ගෙදරකට ගෙන්වන්න වටින්නේ නැහැ...
69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ හොරුන්ට පත්වීම් නොදී රට ස්වයංපෝෂිත කරනවා කියලා දිවුරුම් දීපු නිසා. දැන් හොරු තමයි නැවත පාලනයට පත් කෙරුවේ. දැන්නම් අප්‍රිය වෙලා තියෙන්නේ. මේ කතාව දැක්කම බඩ දගලනවා. අපිට අතින් පොඩි වරදක් වුනාම අපි පසු තැවෙනවා. මේ දේශපාලුවන්ට ගානක්ම නැහැනේ. කරන බොරුව වංචාව මිනීමැරුම්. කිසිම දෙයක් නොවුන ගානයි. මෙයාගේ කතාවට 69- 60 අඩුවෙයිද ? දන්නේ නැහැ. දේශපාලනයට තියා ගෙදරකට ගෙන්වන්න වටින්නේ නැහැ.
සීට් එක දිනුවේ නැත්නම් ඔයාට කෙළවෙනවා.
කරුණාකරලා මෙයාට විශ්‍රාම යන්න දෙන්න තවත් රට කන්න ඉඩ නොදී. මොන මෝඩවැඩ කරත් කමක් නෑ මෙයාව නම් පාර්ලිමන්ට් යවන්න එපා... හඟුරන්කෙත ජනතාවගෙන් ඉල්ලන්නේ....
වැරදි කරලා ඇති ඒ ඔක්කොම වුණේ එස්.බී. මහත්තයාට කරපු වැඩ නිසයි. එතුමාගෙ නම විනාශ කළා. එස්.බී. මහත්තයා කව්ද කියලා කියන්න වලපනේ හඟුරන්කෙත අපිට කවුරුත් කියන්න ඕනෑ නැහැ. අපි එස්.බී. සමගයි.
මෙයා අවස්ථාවාදීව පක්ෂ මාරු කරන කෙනෙක් බව කවුරුත් නොදන්නවා නොවේ.
කයිවාරු කියවන්නේ නැතිව තමන්ගේ සීට් එක දිනාගන්නකෝ ඉස්සෙල්ලා. නැතිනම් ඉතින් අායෙත් පින් ඇමති තමයි. හිටපු ජනාධිපතිව මෝඩ කරගෙන පින් ඇමතිකමක් ගත්තා මතකද..? මට නම් ෂුවර් ඔබ මේ පාර... ගිය සැරේටත් වඩා අඩු ඡන්ද ගණනක් අරගෙන අැපත් නැතිවෙනවා. දැන් රටේ මිනිස්සු මෝඩ නැහැ. හොරා කව්ද කියලා දන්නවා...
තරුණ කාලේ හිටපු කොමියුනිස් කාරයින්ගේ හැටි ඔහොම තමයි. වාසියට තමයි වැඩ...
වලපනේට කොන්දක් ඇති නායකයෙක් මේ පාර අපිට ඕනෑ...
නුවර එළියෙන් නම් එස්.බී. මහත්තයාට තරගයක් ඇත්තෙම නැහැ. නොමිනේෂන් බාරදෙන්න විතරයි තියෙන්නේ... මිනිසුන්ට වැඩකරලා තියෙන විදිහට. එජාප ඡන්ද පවා එස්.බී. මහත්තයට හම්බ වෙනවා. දැන් කෝච්චි ඇමැති බයවෙලා ඉන්නේ පැරදෙන බව දැනගෙන.. කෝච්චි ඇමැති අනිවාර්යයෙන්ම මේ පාර ගෙදර යනවා.
සුදුහුණු ගාලා හොඳ කට්ටක් අල්ලගන්නයි කල්පනාව...