(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ නරක කාළසීමාවන් තිබුණා. හැබැයි ඒ නරක කාලසීමාවන් කොච්චර තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ මහා දැවැන්ත පක්ෂය කාටවත් මරන්නවත්, විනාශ කරන්නවත් හැකියාවක් ලැබුණේ නැහැ. මොනම හේතුවක් නිසාවත් ශ්‍රීලනිප-පොහොට්ටුවට දිය කරන්න සූදානම් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභසාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (13) එක් වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම භාණ්ඩ බෙදාදීම සිදුවිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි පැහැදිලිවම කිව යුතු කාරණයක් තිබෙනවා. මේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒක පොහොට්ටුවට වේවා. එක්සත් ජාතික පක්ෂයට වේවා ප්‍රධාන කඳවුරු දෙකටම අපි නැතිව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ.
පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගත්තම පොහොට්ටුවට ලක්ෂ 50 යි. යූ.එන්.පී එකට ලක්ෂ 35 යි. ශ්‍රී ලංකා එකට ලක්ෂ 15 යි. ප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය ගියා පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් නිසා. මේ ප්‍රතිඵලයම වැටුණොත් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ කෙනා ජනාධිපති වෙන්නේ නෑ. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 35 ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට තව ලක්ෂ තිහක් ඕනෑ. ලක්ෂ 15 ක් තියෙන අපිට තව ලක්ෂ 50 ක් ඕනෑ.
එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ. දැන් ලක්ෂ 50 ක් තිබ්බට වැඩක් නෑ. ලක්ෂ 15 ව නැතිව. ඡන්ද ලක්ෂ 50 ක් තියෙන අය කොච්චර දැඟලුවත්, කෑගැහුවත් අපේ ලක්ෂ 15 නැතිව දිනන්න බෑ. අපේ ඡන්ද ලක්ෂ 15 තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයත් ඡන්ද ලක්ෂ 35 ක් තියාගෙන අපි තමයි ජනාධිපති කිව්වට වැඩක් නෑ, ඉතුරු ලක්ෂ 30 හොයා ගත්තේ නැත්නම් ඒ ගොල්ලන්ටත් බෑ.ඒ අයටත් අපේ ඡන්ද ලක්ෂ 15 ආවොත් තමයි තව ලක්ෂ 15 ක් හොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ දෙපැත්තටම තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ශක්තිමත් වෙන්න, දුක් වෙන්න අවශ්‍යතාවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව මේ රටේ ජනාධිපති හදන්න කාටවත් පුළුවන්කමක් නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමඟත් දැන් සාකච්ජා පවත්වාගෙන යනවා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ජා කරලා තියෙනවා. ඉදිරියේ දී තව සාකච්ජා කරනවා. හැබැයි සාකච්ජාවල තවම අවසන් තීන්දුවක් නෑ. අවසන් තීන්දුව ලැබුණට පස්සේ තමයි පක්ෂයක් ලෙස අපි එකතු වෙනාවද? කොහොමද? මොනවද? මොකක්ද ? කරන්නේ කියලා තීන්දු කරන්නේ. හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ. අදටත් අපේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ හිටියට, අපේ මන්ත්‍රීවරයකුගේ යෝජනාවකට වීදි ලාම්පුවක්වත් දාන්නේ නෑ. කොච්චර සාකච්ජා කළත්, අපි අගමැතිකම මහින්දට දීලත් සමහර ප්‍රාදේශීය සභා වලින් අපේ මන්ත්‍රීවරයකුට වැඩක් කර ගන්න බෑ. මේකම නේද ඉස්සරහටත් වෙන්නේ. ඒ නිසා තමයි අපි පක්ෂයක් විදිහට හරියට සාකච්ජා කරලා හරියට තේරුම් අරගෙන, හරියට කථා බහ කරලා තමයි මේ එකඟතාවය ඇති කර ගන්න ඕන.
එහෙම නැතිව ඔහේ ගිහින් හිටගත්තා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයා ආරක්ෂා කරගන්න බැරිවෙනවා. ඒ නිසා පාක්ෂිකයින් කළබල වෙන්න එපා ඉදිරි සති දෙක තුන ඇතුළත අවසන් තීරණය ගන්නවා. අපේ පක්ෂයේ සංවත්සරය තියෙනවා සැප්තැම්බර් මාසේ 2 වැනිදා. අපි විශ්වාස කරනවා සැප්තැම්බර් 2 වැනිදා වන විට මේ සාකච්ජා සාර්ථක පැත්තට ගිහින් අපිට අනාගතයේ රටේ ජනාධිපතිවරයා අපි හදන පුළුල් සන්ධානය තුළ හදාගන්න හැකිවනු ඇතැයි පැවසිය.
COMMENTS
අත්තනගල්ල වලව්වෙන් මැදමුලන වලව්ව පෝෂණය වී ශක්තිමත් වුණා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය නොවෙන්න මැදමූලන වලව්වෙන් අයිස් ඉල්ලන්නට සිදුවි ඇත. අදත් ශ්‍රී ලංකා නි. පක්ෂයට ආදරය කරන ජනතාවක් සිටිති. ඒ ජනතාවගේ ගෞරවය රැකෙන තීරණ ගැනීම වර්තමාන ක්‍රියාකාරීන්ගේ වගකීම විය යුතුය. අද වෙනකොට දියවී ඇති ශ්‍රී ලංකා නි.පක්ෂය දිය කිරීමේ ශාපය රාජපක්ෂ පවුල ගෙවිය යුතුව ඇත...
ශ්රී ලංකා නි. පක්ෂය... එහෙම එකක් නැහැ. එය යූ.අන්.පී.යට අත එසවීමට පාවා දී ඇත. මසකට මිලියන 21 යූ.එන්.පී. නායකයින්ගේ මිතුරියන්ට දීමටද මත්තල විකුණා දැමීමටද අත උස්සා ඇත. ජනතා පරමාධිපත්‍ය පාවා දී ශ්‍රීලනිප ඡන්දයෙන් පත් වෙලා යූ.එන්.පී. ගැටවලට අහුවෙලා... 19 ව්‍යවස්ථාවට අත් උස්සපු පිරිස ශ්‍රීලංකා කාරයෝ නොවෙති. යූ.එන්.පී. යටම යා යුතුය. හොරගොල්ලේ වළං සේදීමට සුදුසුයි.
කවුරු ආවත් රට ඉවරයි.
දැනටම එජාපයට යටවෙලා ඉන්න කොට කොහොමද තව එකකට යට වෙන්නේ... ?
යටවෙලා නොවෙයි දියවෙලා ගිහින් තියෙන්නේ. තව මොනවා වෙන්නද?
යටද උඩද නොව ප්‍රශ්නය.. සිංහල ආණ්ඩුවක් පිහිටුවන්න.. එහෙම නම් ගෙදර යන්න ඔය ඔක්කොම... මේ අවස්ථාවේ සුදුසු හමුදා පාලනයක්...
වර්ණකුලසූරිය කිසිම දැනීමක්නැත. සෑම්ගෙන් දැනගත්ත නේද පක්ෂය දියකලේ කව්ද කියා.
බිල්ඩිමකට යට වෙලා නොවැ ඉන්නේ. ඔහේ මොනවාද මේ කියන්නේ ?
කිසිදෙයක් සදාකාලික නැහැ. ඔය මොන පක්ෂය හැඳිගෑවිලා ගියත් කමක් නැහැ. රටේ ජනතාවට, රටට යහපතක් වෙනවා නම්...
මොවුන් ගැන කතාකරලා වැඩක් නැහැ.