IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජාතික බුද්ධි තොරතුරු පනත් කෙටුම්පතක්

(අමදෝරු අමරජීව)

රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේදි  හා ආරක්ෂක සැලසුම් සකස් කිරීමේදි බුද්ධි  තොරතුරු  වැදගත්ම සාධකය වන බැවින් ජාතික  බුද්ධි තොරතුරු පනතක්  කෙටුම්පත් කර  පාර්ලිමේන්තුවේ  අනුමැතියට ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවයක් මතු වී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා  පැවසීය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක ආංශික අධික්ෂණ  කාරක සභාවට  යොමු කරන බව ද පුංචිනිලමේ මහතා කීය.

ත්‍රිකුණාමලයේ පැවති විමධ්‍යගත අරමුදල් මගින් භාණ්ඩ බෙදාදීමේ රැස්වීමකදී  මන්ත්‍රීවරයා මේ බව කීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු  පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා මෙසේ ද කීය.

"අපරාධ පිළිබද විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරු දැනට විශ්‍රාම ගොස් සිටින පොලිස්පතිවරු හා  ත්‍රිවිධ හමුදාපතිවරු  මෙන්ම විශේෂයෙන්ම එල්.ටි.ටි.ඊ  ත්‍රස්තවාදය පරාජය කිරීමේ  සටනට දායකත්වය ලබාදුන්  මේජර් ජනරාල්වරුන් ගෙන් හා සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගෙන්  සමන්විත  අනු කමිටුවක් පත්කර  මෙම බුද්ධි තොරතුරු පනත කෙටුම්පත් කරන්න මම යෝජනා කරනවා.

පසුගිය අප්‍රේල් 21දා පාස්කු ප්‍රහාරයේ දී  ඊට පෙර සියලු තොරතුරු  අනාවරණය කරගැනීමට බුද්ධි අංශ  සමත්ව ඇතත්  එය වාර්තා කරනවා හැර  ඉන් එහාට ගිය බලයක් නොතිබීමෙන් කල් තබා  හදුනා ගත් ප්‍රහාරයක්  වළක්වා ගැනිමට නොහැකි වුණා. බුද්ධි තොරතුරු ක්‍රියාදාමය  පොලිසිය හා ත්‍රිවිධ හමුදාව වෙන් වෙන්ව  සිදුකරනවා. නමුත් බුද්ධි  තොරතුරුවල නියැලෙන නිලධාරීන් වගකීමෙන් ආරක්ෂා කිරිමේ  නෛතික ප්‍රතිපාදනයක් අප රට තුළ නැහැ" යැයි කීය.

 



අදහස් (1)

ජාතික බුද්ධි තොරතුරු පනත් කෙටුම්පතක්

ruwanpura Saturday, 15 June 2019 10:12 AM

පරාල ඇණ ගොඩක් ඕනෙවෙයි නේද?.. මේ රටේ මිනිස්සුන්ට අතීතය අමතකද?

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site