IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තරදුන් යුගයට රටයනවා

(*** අංජුල මහික වීරරත්න)

‘‘වතුර ඉල්ලන ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තර දෙන 2015ට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව මේ මාස කිහිපයේදී ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටිතැ’’යි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

‘‘ඡන්දය පාවිච්චි කිරීමේ දී එක්වරක් නොව සිය දහස් වරක් සිතා තීරණ නොගත හොත් තමාගේ ඡන්දය තමාටම පාරාවළල්ලක් වනු ඇතැයි’’ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

වත්මන් සමාජ තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.

අප ආණ්ඩුකරන සමයේ ජනතාවට පූර්ණ නිදහසක් දී තිබුණා. තරුණ සමාජයට පුළුල් නිදහසක් දුන්නා. සමාජ මාධ්‍ය වලින් ජනපති, අගමැති, ඇමැතිවරුන් දැඩි විවේචනයට ලක්වුණා. එසේ විවේචනය කළා යයි කිසිවකුගේ පසුපස රහස් පොලිසිය පැමිණියේ නැහැ.

අද රටේ එවැනි තත්ත්වයක් තිබේද? 2015 වසරට පෙරත් එවැනි තත්ත්වය තිබුණේ නැහැ. දැන් ටිකෙන් ටික 2015 වසරට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වෙමින් සිටිනවා. ආණ්ඩුව විවේචනය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට රහස් පොලිසිය හමුවට ගොස් පැය අටක්, නවයක් කටඋත්තර දෙන්න වෙලා.

මේ ආකාරයට රටකට ඉදිරියට යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් තරුණ සමාජයට නිදහස් අදහස් විවෘතව ප්‍රකාශ කරන්න පසුබිමක් තිබිය යුතුයි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිනම් රටකට ඉදිරියට යන්න බැහැ. 2015 වසරට පෙරත් අප මෙවැනි සිදුවීම් දුටුවා.

පිරිසුදු වතුර පොදක් ඉල්ලා ආයාචනය කළ රතුපස්වල ජනතාවට වෙඩි තබා හතර දෙනකු ඝාතනය කළ සිද්ධි අපට අමතක නැහැ.
ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයකට වෙඩි තබා හලාවත ඇන්තනි තරුණයා මරාදැමුවා. මේ කරුණු ගැන එක් වතාවක් නොව සිය දහස වරක් සිතා බලා තීරණ ගත යුතුයි. ඔබේ ඡන්ද බලයේ සැබෑ වටිනාකම ඇතිවන්නේ එවිටයි.

තරුණ සමාජයට දේශපාලනඥයා මෙන්ම දේශපාලනය ද එපාවෙලා. රටේ සමස්ත සමාජයටම දේශපාලනය තිත්ත වී ඇති ස්වරූපයක් පෙනෙන්න තිබෙනවා. එදා සිට දේශපාලකයන්ගේ පොරොන්දු, දේශපාලනය මෙන්ම ඔවුන් කරන කියන දේ. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය දුටු විට ජනතාවට පිළිකුල්සහගත බවක් ඇතිවෙලා.

වැදගත්, උගත්, දක්ෂ පුද්ගලයන් පමණක් වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. ජනතාව ඒ බලයෙන් සැබෑ ප්‍රයෝජනය ගතයුතුයි. හරි පුද්ගලයන්ට ජනතා සහයෝගය දී පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට වගකීමක් තිබෙනවා යයි ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තරදුන් යුගයට රටයනවා

Bamunuarachchi Thursday, 16 July 2020 05:26 AM

ජනතාවට වැඩි වැඩියෙන් උත්තර දුන්නේ 1989... ඒ කාලේ තිබුණේ එජාප ආණ්ඩුව..

:       8       12

sajith Thursday, 16 July 2020 09:48 AM

ජනතාව ගෙනියන්න ඕනේ විජයවර්ධන පරපුරේ, විජයවර්ධන යුගයකට...

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1041 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site