IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


“ඇම්බුෂ්” ක්‍රමයට පාතාලය ගහ මරා ගන්නා හැටි

 

ආයුධ සන්නද්ධ කල්ලි අතර එකිනෙකා පරයමින් ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථා රැසක් මෑතදී වාර්තා විය. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි විසින් මෙම ප්‍රහාර එල්ල කර ගත් අතර බොහෝවිට පාතාල සාමාජිකයන්ගේ ද ජීවිත අහිමි වන්නේ ඔවුන්ගේම ගෝලයන් අතිනි. හුදෙක්ම ඒ බල තන්හාව නිසාත් ගිනි අවියෙන් වැඩ පෙන්වීමත් නිසාය. ඔවුන් තව කෙනෙකුට දෙවැනි වන්නේ ද නැත. 


පාතාලය හෝ අවි ආයුධ අතට ගත් අයගේ ජීවිතවලට සිදුවන විනාශයන් පිළිබඳ නිශ්චිත වේලාවක් කිව නොහැක. ආයුධය අතේ තිබෙනතුරු ඔහු චණ්ඩියෙකි. නැතිනම් ඔහු පාතාල නායකයෙකි. එහෙත් ඔහුට කොයි මොහොතක හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇත. බොහෝ පාතාල සාමාජිකයන් සමාජයේ වැජඹෙන්නේ සුපිරි ධනවත් අය ලෙසිනි. බොහෝවිට කුලියට මනුෂ්‍ය ඝාතන සිදුකිරීම, මත්කුඩු ජාවාරම හෝ කප්පම් ලබාගැනීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග අතර වෙයි. 


පාතාලය බිහිවීමට පෙර ගමේ ගොඬේ සිටියේ චණ්ඩින් නමින් හැඳින්වූ පිරිසකි. බොහෝවිට ඔවුන් තම කාය ශක්තිය හෝ අතින් පයින් සතුරාට පහර දුන් පුද්ගලයන් ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය. පසුකාලයේ ඔවුන් පිහියක් හෝ කඩුවක් භාවිතාකොට සිය චණ්ඩිකම් පෙන්වීය. එහෙත් ඔවුන් කුලියට මිනිමැරූ පුද්ගලයන් ලෙස හැඳින්විය නොහැකිය. ගමේ කවුරුන් හෝ කෙනෙකුට අසාධාරණයක් සිදුවුවහොත් මුලින්ම ඉදිරිපත් වන්නේ හැදි දැඩි     “චණ්ඩියා” ලෙස නම්පටබැඳි පුද්ගලයායි. 


කාලය ගෙවීයත්ම ලෝකයේ දියුණුවත් සමගම එම “චණ්ඩින්” අතට අවි ආයුධ මෙන්ම පිරිස් බලය සේන්දු විය. දේශපාලනඥ අනුග්‍රහය ද ලැබීය. දේශපාලනඥයන්ට “චණ්ඩින්”ගේ අනුග්‍රහය නැතිවම බැරිවිය. දෙදෙනා ගහට පොත්ත මෙන් බැඳී සිටියහ. ඔවුන් “චණ්ඩි” නම වෙනස්කොට පාතාල නායකයන් විය. ඔවුහු විවිධ ආරූඪ නම්වලින් පෙනී සිටියහ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමන්ට ලැබෙන කොන්ත්‍රාත්තුවට අනුව තම සේවාදායකයාගේ හතුරා ඝාතනය කිරීමයි. ඒ සඳහා ඔවුනට දහසින් බැඳි පියලි ලැබිණි. ඒවා වැඩි වෙත්ම ඔවුන් වටා තවත් සාමාජිකයන් බිහි විය. පාතාල නායකයාට ගෝල බාලයින් රැසක් සිටින අතර එයිනුත් විශ්වාසවන්තයා ඔහුගේ හොඳම ගෝලයා වෙයි. එහෙත් තමන් ද කොතැනක හෝ ඝාතනයට ලක්වන්නේ ඒ ගෝලයාගෙන්ම බව නොදනී. ඒ බල තන්හාව නිසාවෙනි. 


පාතාලය ක්‍රමයෙන් දියුණු වෙත්ම ඔවුන් භාවිතා කරන අවි ආයුධ ද නවීකරණය විය. ඔවුන්ගේ ඝාතන ක්‍රම ද විවිධාකාර විය. මුලින්ම මනුෂ්‍ය ඝාතනයට කඩු කිනිසි භාවිත කළ අය මිලිමීටර් 3.8 හෝ මිලිමීටර් 9.9 වර්ගයේ කුඩා රිවෝල්වරයකට හුරුවිය. මෑත කාලයේ එය ටී-56 ගිනි අවිය දක්වා වර්ධනය වී තිබේ. 


පාතාලයට මෙම ගිනි අවි ලැබෙන්නේ කෙසේද? 
පාතාලයට ගිනි අවි ජාවාරම් කරන කිහිප දෙනෙකු ඉතා රහසිගතව එය ක්‍රියාත්මක කරති. බොහෝ විට ඒවා ද තවත් පාතාල කල්ලියකින් ලැබුණු ඒවා වෙන්නට ඇත. ඒ සඳහා ඔවුහු විශාල ලෙස මුදල් වැයකරති. ආරක්ෂක අංශවල ඇතැම් අයගෙන් (යුද සමයේ බොහෝ ආයුධ අස්ථාන ගතවිය) එම ආයුධ ලැබුණු ආකාරය ද ඒ සමයේ වාර්තා විය. මුදල් උපයා ගැනීමේ අරමුණු ඇතිව සමහරු මෙම අවි ජාවාරමට හසුවිය. නැතිනම් මේවා වෙළඳපොලේ අලෙවි කිරීමට නැත. 


පාතාලය ඉස්මතු වීමත් සමඟ ඔවුනවුන් අතර තරගකාරීත්වය ද ඉහළ ගියේය. එහෙත් අවියෙන් සිය බලය පෙන්වන පාතාල නායකයෝ තවත් පාතාල නායකයකුගෙන් කොයි මොහොතක හෝ ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි බියෙන් පසුවෙති. 


මෑතක සිට පාතාලයේ ක්‍රියාකාරකම්වල විවිධ ස්වරූපයන් පෙන්නුම් කළේය. යතුරුපැදිවලින් මුහුණු ආවරණයකොට පැමිණ ප්‍රහාර එල්ල කිරීම, මෝටර් රථවලින් පැමිණ ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රම දැන් ඔවුන් අතර ජනප්‍රිය වී ඇත. පසුගිය වසර කිහිපය තුළ මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා විය. 


මෙවැනි සිද්ධීන් හැඳින්වෙන්නේ සැලසුම් සහගත ප්‍රහාර ලෙසයි. සතුරා ගමන් කරන වේලාව, ඔහුගේ ක්‍රියාකාරකම් මෙන්ම ඔහු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රතිවිරුද්ධකාරීහු කලක සිට උකුසු ඇස් මානය කරමින් තොරතුරු රැස්කරති. පසුව ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස්කොට ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ ඉලක්කය ජයගනී. මෙවැනි සිද්ධීන් සැලසුම් සහගත සිද්ධීන් ලෙස හැඳින්වෙන අතර බොහෝවිට ඝාතනය සැලසුම් කළ අය නීතියේ රැහැනට හසුවෙයි. ඒ ආරක්ෂක අංශවල ඇති දක්ෂතාවය නිසාවෙනි.

බොහෝවිට අපරාධය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ කාලයක් ගත වූ පසුවයි. මෙම තොරතුරු බොහෝ ඒවා නිවැරදිය. මේ නිසා අපරාධය සැලසුම් කළ අය හා අපරාධයට මුහුණ දුන් අය හඳුනා ගැනෙති. ඔවුනට නීතියෙන් දඬුවම් පැමිණවීම ආරක්ෂක අංශවල වගකීමකි. 


යතුරුපැදිවලින් පැමිණ සිදු කළ මිනිස් ඝාතන රැසක් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය. මෑතකදී එනම් පසුගිය 13 වැනිදා කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදී ද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර ඇත. ඒ සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇතැයි පොලිසිය පවසයි. එම ඝාතනය ද පාතාල කල්ලි 2ක් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසයි. මියගිය අය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවත් පොලිසිය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඝාතන කළ පුද්ගලයන් සොයා නවගමුව පොලිසිය මේ වනවිට පරීක්‍ෂණ පවත්වයි.


පසුගිය මැතිවරණ සමයේ දේශපානඥයන්ගේ අනුග්‍රහය ලැබූ පාතාල කල්ලියකට තවත් පාතාල කල්ලියකින් ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල විය. මේ සඳහා “හයිබි්‍රඞ්” වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කළ බව පොලිසිය පැවැසීය. මෙම පාතාල සිද්ධියට අදාළ කිහිපදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


මෑතකදී වූ සිදුවීමක් පාතාලයේ ගිණුමට බැරකිරීමට යෙදූ උත්සාහයක් අතේ පත්තුවිය. කතාබහට ලක්වූ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින්ම සැලසුම් කළ බව කියන මෙම වෙඩි තැබීමේ සිද්ධිය හුදෙක්ම රඟ දැක්වීමක් බව පොලිසිය පවසයි. “සයිටම්” ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පැමිණි වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ලකොට පළාගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් විය. මෙම ප්‍රහාරය පිළිබඳ පොලිසියට සිද්ධිය වූ මොහොතේ සිටම සැකයක් මතුවිය. ඒ අනුව ඔවුන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළේය. කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳ දිගින් දිගටම කළ පරීක්ෂණවලදී කරුණු අනාවරණය කර ගැනුනේ මෙය රඟ දැක්වීමක් බවයි. මේ පිළිබඳ එම පරීක්‍ෂණ කොට්ඨාසය මෙය සැලසුම් කළ බව කියන “ටීනා” පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. ඔහු කඩුවෙල ප්‍රදේශයේ අවන්හලක සිටින බවට තොරතුරු හෙළිවූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේදී සියලු තොරතුරු හෙළිකරගෙන ඇත. රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත මෙය සිදුකර තිබේ. පොලිසිය සිදුකළ සම්පූර්ණ ප්‍රශ්න කිරීම්වලින් පසු අනාවරණය වූයේ මෙය රඟපෑමක් හෙවත් අතේ පත්තු වූ උණ්ඩයක් බවයි.


මෙය පාතාල කල්ලියක් විසින් සිදුකළ වෙඩි තැබීමක් බවට කරුණු ඉදිරිපත් කිරීමට ගිය ද අවසානයේ එය වෙනත් පැත්තකට පෙරලුනි.    


පාතාල සාමාජිකයන් බොහෝවිට ප්‍රතිවාදි කල්ලි ඝාතනය සඳහා විවිධ උපක්‍රම භාවිතා කරති. කලක සිට සැලසුම් කළ ප්‍රහාර මින් ප්‍රධාන තැනක් ගන්නා අතර සැඟව සිට (ඇම්බුෂ්) පහර දීම දක්වා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වී ඇත. 


“ඇම්බුෂ්” ක්‍රමය යනු කුමක්ද? 
ඇම්බුෂ් ක්‍රමය ලෙස හඳුන්වන්නේ සැඟව සිට සතුරාට ප්‍රහාර එල්ල කිරීමයි. මෙය ආරක්ෂක හමුදා සතු උපක්‍රමයකි. යුද්ධයේදී සතුරාගේ ක්‍රියාකාරකම් අඩාළ කිරීම මෙම සටන් ක්‍රමයේ ප්‍රධාන අංගයයි. 


එහෙත් පාතාලය තුළ එතරම් දුරට ඇම්බුෂ් ක්‍රමය ක්‍රියාත්මක නොවුණද ඒ හා සමානව ඔවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් ද සැලසුම් කිරීමේ සිද්ධීන් වාර්තා විය. බොහෝ ඝාතන සැඟව සිට එල්ල වූ ප්‍රහාරයන්ය. තවත් ඝාතන සිදුවූයේ එක්කෝ සිරගෙවල් තුළදීය. නැතිනම් අධිකරණ භූමිය තුළදීය. පාතාල ඉතිහාසය දෙස බලනවිට එය පැහැදිලි වෙයි. 


මෑතකදී පාතාලය අතර සිදුවූ ප්‍රධානතම ඝාතන සිද්ධියකි කළුතර සිට බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටි “සමයං” නමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධිය. මෙය දීර්ඝ කාලයක සිට පාතාල සාමාජිකයන් අතර පැවති ගැටුමක ප්‍රතිඵලයකි. එයද සැලසුම් කර ඇත්තේ බන්ධනාගාරය තුළදීම බව දැනට හෙළිවී ඇත.


“සමයං” ඝාතනය වන්නේ තවත් පාතාල කල්ලි සාමාජිකයකු වූ “අංගොඩ ලොක්කා” නමැත්තා අතිනි. දැනට මේ සිද්ධියට සම්බන්ධ බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සියල්ලෝම පාතාල සාමාජිකයෝ වෙති. මෙම ප්‍රහාරය චිත්‍රපටයක ජවනිකාවක් රඟ දක්වන ආකාරයක් ලෙස සැලසුම් කර තිබිණ. මෙම සිද්ධියට සම්බන්ධ තවත් පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකු තවමත් ජීවතුන් අතර සිටිති. ඒ නිසා මෙම සිද්ධිය තව තවත් ඉදිරියට යාමක් මිස නිමාවක් නොමැත. 


“අවි ගත්තෝ අවියෙන්ම නසිති.” අවි අතට ගත් බොහෝ දෙනෙකුට අත්වූ ඉරණම එයයි. ඒ නිසා මේ ඝාතන රැල්ල කවදා නිමවේද? මේ පාතාල ලෝකය කවදා නිමා වේද?

සටහන : නිශාන්ත කුමාර බණ්ඩාර



අදහස් (0)

“ඇම්බුෂ්” ක්‍රමයට පාතාලය ගහ මරා ගන්නා හැටි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 224 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16158 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2790 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site