IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේරාගත් ‘‘ ස්පයිඩර් මෑන් ’’

කුඩා දරුවකුගේ ජීවිතය බේරා ගත් අප්‍රිකානු ස්පයිඩර් මෑන්   

 

ගසාමා දරුවා බේරාගන්නා ලද අවස්ථාව

 

ස්ථානය ප්‍රංශයේ මාක්ස් දොර්මි වීදියේ මහල් නිවාසයකි. පසුගිය 26 වැනි සෙනසුරාදා රාත්‍රියේ තට්ටු අටකින් යුත් එම මහල් නිවාස ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව උපකාර ඉල්ලා කෑ ගසමින් සිටිනා අයුරු දැකගත හැකි විය. එම ගොඩනැගිල්ලේ සිව් වැනි මහලේ සිව් හැවිරිදි දරුවෙක් එල්ලී සිටියේය. ඔහු හඬමින් ඉතා අසීරුවෙන් ගොඩනැගිල්ලේ බැල්කනියක එල්ලී සිටි අතර යම් හෙයකින් අත ලිහිල් වූයේ නම් අනිවාර්යයෙන්ම ඔහුගේ ජීවිතය අවසන් වන්නට ඉඩ තිබිණි. කිසියම් පුද්ගලයෙක් එම මහලේ සිටි දරුවා ගලවා ගැනීමට උත්සාහ කළද දරුවා එල්ලී සිටි ආකාරය අනුව ඔහුට එය කළ නොහැකි විය. 


ඉහත කී සිදුවීම වන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කළු ජාතික තරුණයෙක් ඝෝෂාව ඇසී වහා ගොඩනැගිල්ල දෙසට දිව ආයේය. එල්ලී සිටින දරුවා දුටු තරුණයාට මොහොතකින් දරුවාගේ ජීවිතය අවසන් විය හැකි යැයි අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ තරුණයා ගොඩනැගිල්ලේ ඉදිරිපසින් ස්පයිඩර් මෑන් කෙනෙකු මෙන් බැල්කනියෙන් බැල්කනියට එල්ලෙමින් ඉහළට නගින්නට වූයේ බලා සිටියවුන් විස්මයට පත් කරමිනි. ඒ සඳහා ඔහුට මිනිත්තු දෙක තුනකට වඩා ගත වූයේ නැත. මොහොතකින් සිව් වැනි මහලට ළඟා වූ ඔහු දරුවා ඔසවා බැල්කනියෙන් ඇතුළට ගන්නා ආකාරය විශාල පිරිසක් විසින් විඩියෝ ගත කර තිබිණි. 


දරුවාගේ ජීවිතය ගලවා ගන්නා ලද්දේ මමෝඩු ගසාමා නමැති 22 හැවිරිදි තරුණයෙකි. කලක් ප්‍රංශ යටත් විජිතයක් වූ මාලි රාජ්‍යයේ උපන්නකු වූ ඔහු යහපත් දිවියක් සොයා 2013දී තමා උපන් දේශයෙන් පිට වී තිබිණි. දීර්ඝ චාරිකාවකින් පසු මධ්‍යධරණී මුහුද ඔස්සේ බෝට්ටුවකින් ඉතාලියට පැමිණි අතර එහි ටික කලක් නිත්‍යනුකූලව වාසය කළේය. ඔහු ප්‍රංශයට පැමිණ තිබුණේ අනවසර සංක්‍රමණිකයකු ලෙසිනි. තම සොහොයුරා දිගු කලක් ප්‍රංශයේ වාසය කළ හෙයින් 2017දී ඔහු ප්‍රංශයට පැමිණ තිබිණි. 


ඔහුගේ වික්‍රමාන්විත ක්‍රියාව ඇතුළත් විඩියෝව ලක්ෂ ගණනින් නරඹා තිබිණි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පසුගිය සඳුදා ජනාධිපති මැදුරට ගසාමා කැඳවා ඔහුට ජාතික වීර පදක්කම පිරිනැමීමට පියවර ගත්තේ ඔහු කළ වීර ක්‍රියාව අගය කරමිනි. අනවසර සංක්‍රමණිකයකු වූ ඔහුට ප්‍රංශයේ පුරවැසිභාවය හා ගිනි නිවන හමුදාවේ රැකියාවක් ලබා දීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. ඔහු දැනට පදිංචිව සිටිනුයේ මොන්ත්‍රොයිල් නගරයේය. එම නගර සභාව ඔහුට නිදන කාමර දෙකකින් යුතු රජයේ නිවෙසක් ලබා දීමට ද පියවර ගෙන තිබේ. 


දරුවා බැල්කනියෙන් පිටතට වැටෙන අවස්ථාවේ ඔහුගේ මව්පියන් නිවසේ සිට නොමැත. මව කිසියම් රාජකාරියක් සඳහා පැරිසියෙන් පිටත වෙනත් නගරයකට ගොස් සිටි අතර දරුවා පියාගේ රැකවරණය යටතේ පසු විය. දරුවා නිවසේ තනි කර පියා සාප්පු සවාරියේ යෙදී සිටි අතර අපේක්ෂා කළ වෙලාවට යළි නිවසට පැමිණීමට ඔහු අපොහොසත් විය. දරුවා නිවෙසින් පිටතට පැමිණ ඇත්තේ ඒ අතරය. අනාරක්ෂිත ලෙස දරුවා තනිකර දමා යෑමේ චෝදනාව මත පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 


අනවසර සංක්‍රමණිකයකු ලෙස මාස කිහිපයකට ඉහත ප්‍රංශයට පැමිණ තම ජීවිතයද නොතකා දරුවාගේ දිවි ගලවා ගත් මමෝඩු ගසාමා අද එරට ජාතික වීරයෙකි. ප්‍රංශ වැසියන් අතර ඔහු ප්‍රචලිත වී ඇත්තේ ‘18 වැනි වීදියේ ස්පයිඩර් මෑන්’ ලෙසිනි. 

 

ජනාධිපති මැක්රෝන් හමුව

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 



අදහස් (0)

හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේරාගත් ‘‘ ස්පයිඩර් මෑන් ’’

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 221 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16156 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3941 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site