IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මොරගහකන්දේ විදුලිය ළඟදීම නිවසට

 ලංකාවේ එකම ස්ථානයක දී පස්, කොන්ක‍්‍රීට් හා ගල් අතුරා ඉදිකළ වාරි වේලි 03 එකවර නැරඹිය හැකි මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය

 

 

කඩිනම් මහවැලි මහ සැලැස්මට අනුව මෙරට ඉදිවන අවසන් ජල යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද - කළුගඟ ජල ව්‍යාපෘතියේ තවත් ස්වර්ණමය අවස්ථාවක් මේ වනවිට උදා වී ඇත.  


වාරි අවශ්‍යතා සඳහා ඉදිකෙරුණු මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 25 විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීම සඳහා බලාගාරයේ වැඩකටයුතු මේ වනවිට අවසන්ව තිබේ.  


ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පවසන අන්දමට මධ්‍යම පළාතට ඔක්තෝබර් - නොවැම්බර් වනවිට ඇදහැළෙන වර්ෂාවත් සමඟ බලාගාරයේ විදුලි ජනනය ආරම්භ කිරීමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබේ.  


මෙරට මහවැලි ව්‍යාපාර යටතේ ජාතික විදුලිබල පද්ධතියට එක්වන විදුලි ධාරිතාව මෙගාවොට් 675 කි.  


අලුතින් එක්වන නව විදුලි සැපයුමත් සමග මහවැලි ජලාශවලින් ජාතික විදුලි පද්ධතියට එක්වන සමස්ත විදුලි ප‍්‍රමාණය මෙගාවොට් 700 කි.  


මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ සිට නාඋල විදුලි උපපොළ දක්වා කිලෝමීටර් දාසයක (16) දුරක් රැහැන් ඔස්සේ ජනනය වන විදුලිය රැගෙන විත් ජාතික විදුලි පද්ධතියට මුදාහැරීමට සියලු කටයුතු අවසන් කර ඇතැයි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේය.  


බලාගාරය හරහා නිපදවන විදුලිබලය හේතුවෙන් වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය ප‍්‍රමාණය රුපියල් මිලියන 336 කි.  
මධ්‍ය කඳුකරයට වාර්ෂිකව ඇදහැළෙන ඝන මීටර් මිලියන 818ක වර්ෂා ධාරිතාව ප‍්‍රයෝජනයට ගනිමින් අඹන් ගඟත් කළු ගඟත් හරස්කර ඉදිවී ඇති මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය හේතුවෙන් විදුලි බල නිෂ්පාදනයට අමතරව ප‍්‍රතිලාභ රැසක් ගොවි ජනතාවට හිමි වේ.   


මොරගහකන්ද ජලාශය වටා ජලය රැස්කිරීමේ අරමුණින් ඉදිකර ඇති යෝධ බැමි තුනකි.  


උසින් මීටර් 61.3 ක් හා දිගින් මීටර් 470 වන ගල් පිරවු ​ෙව්ල්ල අඹන් ගඟ හරහා ඉදිකර ඇති ප‍්‍රධාන වේල්ල වෙයි.  

 

නව විදුලි බලාගාරයේ ඇතුළත දර්ශන


සැඳැලි අංක 01 ලෙස නම්කර ඇති කොන්ක‍්‍රීට් කරන ලද ෙව්ල්ල උසින් අඩි 58 කින් හා දිගින් අඩි 375 කින් යුක්තය.  
පස්වලින් සැකසු සැඳැලි අංක 02 වේල්ලේ උස මීටර් 21.5 කි. එහි දිග මීටර් 275 කි.  


ජල ව්‍යාපෘතිය හේතුවෙන් පෝෂණය වන වැව් පද්ධතිය අතිමහත්ය.  


ඉහළ ඇලහැර ව්‍යාපෘතිය මගින් එම ප‍්‍රදේශයේ වැව් 1200ක් ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් වැව් 303ක් ද, මැදිරිගිරිය සංවර්ධන ප‍්‍රදේශය තුළ පමණක් වැව් 32 ක් ද, ලග්ගල සංවර්ධන ප‍්‍රදේශ තුළ වැව් 16 ක්ද පෝෂණය වේ.  


මෙම වාරි පද්ධතීන් පිහිටි අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත‍්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවලට වාරි ජලය වසර පුරා සැපයීම ව්‍යාපෘතිය මගින් සිදුවන්නකි.

 
පිරිසිදු පානීය ජලය ලබාදීමද ව්‍යාපෘතියේ තවත් අරමුණකි.  


මෙම දැවැන්ත ව්‍යාපෘතියේ වේලි ඉදිකිරීම සඳහා මුල්‍ය දායකත්වය සැපයීම් අතර කුවෙයිට් සංවර්ධන අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 33.13ක් ද, සෞදි සංවර්ධන අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 46ක් ද, ඔපෙක් ජාත්‍යන්තර අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 16ක් හා දේශීය අරමුදල් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 16.52ක් යොදවා තිබේ.  


ගොවීන්ට ලැබෙන ප‍්‍රතිලාභ අතරේ කුඹුරු හෙක්ටයාර් අසූ දෙදහසක් සඳහා යල මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකිවීම තුළින් අපේක්ෂිත කෘෂිකාර්මික වාර්ෂික ප‍්‍රතිලාභය රුපියල් මිලියන 4000ක් බවට රජය ගණන් බලා තිබේ.  


මීට අමතරව වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් තුන්දහසක් (3000) ක් ලෙස ගණන් බලා තිබේ.  


මත්ස්‍ය නිෂ්පාදනයේ වටිනාකම රුපියල් මිලියන 225 ලෙස ගණන් බලා තිබේ.  


මොරගහකන්ද ජලාධාර ප‍්‍රදේශයේ සිදුකර ඇති පාරිසරික වැඩසටහන් අතර ප‍්‍රදේශයේ ගංගා, ඇළ, දොළ අවට ප‍්‍රදේශවල හෙක්ටයාර් එක්දහස් තුන්සිය හැට පහක ප‍්‍රමාණයක නැවත වන වගා සිදුකිරීම මෙන්ම ජලාශය වටා මීටර් 100 ක රක්ෂිත ප‍්‍රදේශයක් වෙන්කිරීම සහ හෙක්ටයාර් 650ක නැවත වන වගා කිරීමද මේ වන විට සිදුකර තිබේ.  


මේ සා සුවිසල් වූ ප‍්‍රතිලාභ රැසක් හිමවන අති දැවැන්ත ව්‍යාපෘතියක් වන මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මේ වනවිටත් සුපුරුදු පරිදි අඹන්ගඟ ඔස්සේ පහළ ප‍්‍රදේශවලට ජලය ගලා බසිමින් තිබේ.  

 

මොරගහකන්ද ප‍්‍රධාන වාරි ​ෙව්ල්ලෙන් අඹන් ගඟට ජලය මුදාහැරෙන අයුරු

 

 


මෙතුවක් හිතුමගේ සෝමාවති පුදබිම යටවන තෙක් ගලා ගිය මහා ජලකඳ ගොවීන්ගේ යහපත උදෙසා එක්රැස්කරමින් මහපොළව සුවපත් කිරීමට සමත් වන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ වැඩකටයුතුවල තව ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප‍්‍රමාණයකි.  


වාපි ශිෂ්ටාචාරයේ ‘පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනය’ මෙය බවට පසක්කරන්නට ඇත්තේ ගතවු කාල පරිච්​ෙඡ්දය දෙස බැලූ කල නිමේෂයකි.  


මාතලේ දිස්ත‍්‍රික්කයේ නාඋල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග‍්‍රාම නිලධාරි වසම් එකොළහක පාරම්පරික ජනතාව උපන්දා සිට රැස්කරගත් සියල්ල මහා ජලකඳට පුජාකර උනුන්ගේ භූමිවලින් ඉවත් වී නව සංස්කෘතියකට ගමන් කරමින් ජාතියට ලබාදෙන දායාද ප‍්‍රමාණය අති මහත්ය.  


එක් පසකින් උතුරු මැදත් වයඹත් නිල් දියවරින් පිරීයද්දි මුළු රටටම මහා විදුලි ධාරිතාවක් මේ ජලකඳ තුළින්ම හිමිවන්නේය.  
මේ මහා වාපි ශිෂ්ටාචාරය උඩු යටිකුරු කළ හැකි පරපුරක සිහිනය මුල සිට දුටු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අප‍්‍රතිහත මැදිහත්වීම මත හෙට මේ ව්‍යාපෘතියෙන් සමස්ත ප‍්‍රජාවම වාසි ලබන්නෝ වන්නාහුය.  


එය සැබැවින්ම සිහිනයක් සැබෑවීමකි.  


විශේෂ ස්තුතිය-  
මූලාශ‍්‍ර සපයාදුන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතාට හා ජනාධිපති මාධ්‍ය අංශයට.  

 

සටහන හා ඡායාරූප නාඋල - 
ඉන්දික අරුණ කුමාර  

 



අදහස් (0)

මොරගහකන්දේ විදුලිය ළඟදීම නිවසට

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 223 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16158 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site