IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මිල කළ නොහැකි චෛත්‍යයක් විකුණන්න ගිහින් හසුවූ නිධන් හොරු

වලාන දූෂන මර්දන ප‍්‍රහාරක ඒකකය පැමිණිලි විභාග කරන්න පවත්වාගෙන යනු ලබන පොලිසියක් නොවේ. පොලිස්පති යටතේ ක‍්‍රියාත්මක වන මෙම ආයතනයේ මූලික කාර්යභාරය වන්නේ දූෂණ යටතට වැටෙන සියලූම වර්ගයේ අපරාධ පිළිබඳව විමර්ශනයන් සිදුකිරීම හා වැටලීම් කිරීමය. ඒ අනුව ආඥා පනත් රැසක් යටතේ ක‍්‍රියාත්මක වීමට මෙම ඒකකයට බලය ලැබී තිබේ. එනම් සුරාබදු ආඥාා පනත, ගණිකා නිවාස ආඥාා පනත, විෂ මත්ද්‍රව්‍ය ආඥාා පනත, මාදක හා මනෝවර්ධක ආඥාා පනත, ගිනි අවි ආඥාා පනත ඇතුළු ආඥාා පනත් ගණනාවක් යටතේ වැටලීම් සිදුකරනු ඇත. එසේම පොලිස්පති වෙත ලැබෙන පැමිණිලි, වෙනත් පොලිස් ස්ථානවලට පැමිණීලි කර නොවිසඳුණු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමද වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය වෙත පැවරේ.  

නිධන් හොරුන් අල්ලාගත් පොලිස් කණ්ඩායම

 

එවැනි අපූරු වැටලීමක් පසුගියදා වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් සිදුකරන ලදී. ඒ තමන් වෙත ලද තොරතුරකට අනුව ය. නිධානයකින් ගොඩගත් චෛත්‍යයක අනුරුවක් කෝටි පනස් පහකට විදේශිකයෙකුට විකිණීමට ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු සූදානම් වන බව එම තොරතුරෙන් කියැවිණ.   


මේ ආරංචිය ලැබුණ වහාම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේත්, වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතාගේත් උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය වැටලීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය.   


මේ සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමට තොරතුර ලබාදුන් අයගේ සහය අවශ්‍ය විය. ඒ අනුව වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම තොරතුර දුන් පුද්ගලයා හමුවිය. එහිදී ලද තොරතුර අනුව මේ කුඩා චෛත්‍යය කළුගලින් නිමවන ලද නිල්මැණික් රතු මැණික් එබ්බවූවකි. එසේම එහි දඹරන් පිළිමයක් ද තැන්පත් කර ඇති බවටද දැනගන්නට ලැබිණ. පරීක්ෂකයෝ චෛත්‍යය විකිණීමට සැලසුම් කළ තරුණයින්ගෙන් කෙනෙකුගේ දුරකථන අංකය සොයා ගත්හ. සැලසුම සකස් කෙරිණ.   

මේ අතරතුර නිධන් වස්තුවක් හිමිවූ තරුණයින් දෙදෙනාට තමන්ගේ හිතවතෙක් මාර්ගයෙන් හිමිනමක් හඳුනාගන්නට ලැබිණ.

විහාරස්ථානයේ අවශ්‍යතාවකට උදව්වක් ලබාගැනීමට බව කියමින් මිතුරා මගින් හඳුනාගත් හිමිනම පසුව දුරකථනයෙන් කතා කර ඔවුන් සතුව පවතින නිධන් වස්තුව ඉල්ලා සිටියහ. මෙම නිධන් වස්තුව ලැබෙන්නේ නම් තමන් ඉතා සතුටට පත්වන බවත් එය තමන් වෙත ලබාදීම තමන්ට කරන ගෞරවයක් බවත් ඒ හිමිනම තරුණයින්ට පැවැසූහ. මෙවැනි වස්තුන් පිළිබඳව ඉදිරියේදීද යම් තොරතුරක් ලදොත් තමන්ට පවසන ලෙසද ඉල්ලා සිටි මේ හිමිනම එය මිලදී ගැනීමට තමන්ට හැකි බවද දැන්වීය.  


තමන් මෙය විදේශිකයෙකුට කෝටි පනස් පහකට ලබාදීමට සූදානම් බව තරුණයෝ මේ හිමි වෙත දැනුම් දුන්හ. එතරම් මුදලක් ලබාදීමට වත්කමක් දැනට තමන් වෙත නැති බව පවසමින් මඳක් පසුබා සිටි මේ හිමියෝ පසුදින නැවත කතා කළහ. තමන්ට උදව් කිරීමට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සූදානම් බවත් ඒ නිසා අදාළ මුදල ගෙවීමට තමන්ට හැකියාව ඇති බවත් පවසමින් නැවත කතා කළහ. මේ භික්ෂූන් වහන්සේගෙන් බේරෙන්නට බැරි බව දැනගත් තරුණයෝ දෙදෙනා විදේශිකයාට නිධන් වස්තුව විකිණීමේ අදහස අත්හැර දමා ඒ ගනුදෙනුවට මේ හිමිනම ආදේශ කරගත්හ.   


“හාමුදුරුවනේ අපි උණු උණුවේ කෑෂ් පිට මේ ගනුදෙනුව කරගන්නයි හිටියේ. ඒක නැවැත්තුවේ විදේශිකයෙකුට දෙනවාට වඩා අපේ හිතටත් හොඳයිනේ අපේ රටේ අපේ හාමුදුරු නමකට අපේ පන්සලකට මේක අයිතිවීම. ඒ නිසයි අපි තීරණය කළේ මේක ඔබ වහන්සේටම දෙන්න ඕන කියලා. හැබැයි හාමුදුරුවනේ හෙට්ටු කරන්න බැහැ, දෙපාරකට සල්ලි දෙන්නත් බැහැ, එකපාර අපි ගනුදෙනුව ඉවර කර ගනිමු” තරුණයෙක් බෞද්ධ භික්ෂූන් වහන්සේට කාරණා පැහැදිලි කළේය.   


“බයවෙන්න එපා මම එකවර කෑෂ් ගෙවනවා. අපිට උදව් කරන්න කට්ටිය ඉන්නවා. අපි කවද්ද කොහේදිද මේ ගනුදෙනුව කරන්නේ?”  
“දෙවැනිදා පාන්දර අපි ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ළගට එන්නම් කාටවත් දැනගන්න තියන්න එපා”

 
“මමයි මගේ සහෝදරයෙකුයි අපේ ඇබිත්තයයි එනවා. කමක් නැහැනේ”  


“ඒ අය විශ්වාසද?”  


“අනේ ඔව්. ඒ අය මම එපා කිව්වොත් වෙන කාටවත් කියන්නේ නැහැ. අනික මේ තරම් මුදලක් අරන් මට තනිවම එන්නත් බැහැනේ”  
“හොඳයි එහෙනම් අපි දෙවැනිදාට හමුවෙමු”   


දෙවැනිදාට එළිය වැටිණ. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලට හිමිනමක් රැගත් වාහනයක් පැමිණියේය. හාමුදුරුවෝ වාහනයෙන් බිමට බැස වට පිට බැලූවත් කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත. විනාඩි කීපයකට පසුව ඈතින් ත‍්‍රිරෝද රථයක් පෙනෙන්නට විය. දූවිලි නගමින් අශ්ව වේගයෙන් පැමිණි ත‍්‍රීරෝද රථය හාමුදුරුවෝ වැඩසිටි වාහනයට තරමක් ආසන්නයෙන් නැවැත්වීය. එයින් බැසගත් තරුණයින් දෙදෙනෙක් හාමුදුරුවෝ සමීපයට පැමිණ නම කියා ඇසුවේ හරියටම තමන් සමග ගනුදෙනුවට පැමිණියේ මේ අයමදැයි දැනගැනීමේ උවමනාවෙනි. දෙපාර්ශ්වය හඳුනාගත් පසු ගනුදෙනුව සිදුකෙරිණ. ගනුදෙනුවට පැමිණි හිමියන් වෙනුවෙන් උන්වහන්සේගේ ඇබිත්තයා හා සහෝදරයා ඉදිරිපත්ව මුදල් සහිත බී‍්‍රෆ් කේසය තරුණයින් අතට පත් කළහ. ඔවුහු එය හැර බැලූහ. පන්දහසේ නෝට්ටුවලින් මිටි බැඳ පොරොන්දු වූ මුදල එහි ඇති බවද තරුණයෝ සැකහැර දැනගත්හ.   


“මෙතන ඉඳන් ඕක ගනින්න බැහැනේ. අපි ලක්ෂයේ මිටි සකස්කරලා තියෙන්නේ. වෙලාව තියෙනවා නම් ගණන් කළත් කමක් නැහැ. නැත්නම් ගණන් කිරීම පස්සට තබලා ගැටලුවක් ඇති වුණොත් අපිට කතා කරන්න. දැන් අපිට අපේ වස්තුව දෙනවද?”   


වහාම නිධන් වස්තුව ගනුදෙනුකාර හිමිනම අතට ලැබිණ. එය තනිව ඔසවා ගැනීමට අපහසු වූයෙන් ඇබිත්තයා ඊට සහය විය. කිලෝ විසිඑකක් බරැති, අඟල් දාහතරක් උස අගල් විසිහතරක වටප‍්‍රමාණයෙන් යුත් මෙම චෛත්‍ය අනුරුව තනිකරම කළුගලින් නිමවා තිබිණ. එහි සතරැස් කොටුව අසලින් සතර අතට විහිදුණු බෝකොළ මත නීලවර්ණ, රක්ත වර්ණ මැණික් ඔබ්බවා තිබිණ. එසේම එහි සතරැස් කොටුවේ ආරුක්කු හැඩයට කළ සිදුරක දඹරනින් කළ බුදු පිළිමයක් තැන්පත් කර තිබිණ. ඊට අමතරව මැණික් හෝ වෙන යම් කිසි වටිනා ද්‍රව්‍යයක් හෝ මේ චෛත්‍ය ගැබෙහි ඇති බවට සැකයක් ඇති වූයේ එය සෙලවෙන විට කිසියම් දෙයක් ඇතුළතින් සෙලවෙන බව දැනෙන නිසාවෙනි. සැබැවින්ම එය නිධන් වස්තුවක් විය යුතුයැයි ගනුදෙනුවට ගිය අයට ද සිතිණ.   


නිධන් වස්තුව අතට ගන්නවාත් සමගම පිස්තෝලයක් අතැතිව ඉදිරියට පැන්න රියදුරු එක් තරුණයෙක් අල්ලා ගත්තේය. වැඩේ වැරදුන බව තේරුම් ගත් අනෙක් තරුණයා පැන යන්නට තැත් කළද හිමිනමගේ සහෝදරයා ලෙස පෙනීසිටි පුද්ගලයා ලුහුබැඳ ගොස් එම තරුණයාවද අල්ලා ගත්තේය.   


හිමිනමක් ලෙස තමන්ට අමතා තිබෙන්නේ වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරියෙක් බව මේ තරුණයින් තේරුම් ගන්නා විට තමන් අතට මාංචු වැටී අවසන්ය. මේ නාට්‍යයට සම්බන්ධ වී සිටියේ පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ, උපපොලිස් පරීක්ෂක සම්පත්, පොලිස් සැරයන් වික‍්‍රමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන ජයලාල්, සදීප්, තේනුවර, ජයසිංහ, බණ්ඩාර යන නිලධාරීන් කණ්ඩායමය.   


අත්අඩංගුවට පත් තරුණයින්ට තමන් කවුදැයි හෙළි කරන්නට සිදුවිය. ඒ අනුව තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් හිටපු නාවුක හමුදා සෙබළෙකි. මේ හොර ගනුදෙනුවේ ප‍්‍රධානියා ඔහුය. අනෙකා ත‍්‍රී රෝද රථ රියදුරෙකි. මෙය නිධානයකින් ගොඩ ගත් එකක් බවත් එය විකුණා දෙන ලෙස තමන්ට වෙනත් අයෙකු ලබාදුන් බවත් ඔවුහු පොලිසියට කියා සිටියහ. එම පුද්ගලයා සිටින්නේ කොහේදැයි තමන් නොදන්නා බවද මෙය හම්බේගමුව ප‍්‍රදේශයේ විහාරස්ථානයක් අසලින් ලැබී ඇති බව පමණක් තමන් දන්නා බවද සැකකාර තරුණයෝ පොලිසියට පවසා සිටියහ. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් ඇඹිලිපිටිය පොලිසියට භාරදෙනු ලැබිණ.  


මේ පුරාවස්තු කොහෙන් සොරාගත්තේදැයි යන්න තවමත් රහසක්ව පවතී. පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින පුරාවස්තු කොට්ඨාසය හා ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරිහු එක්ව මෙම පුරාවස්තු පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති. 

 
 
මුදිතා දයානන්ද සමග බණ්ඩාරගම 
බිමල් ශ්‍යාමන් ජයසිංහ  
 



අදහස් (0)

මිල කළ නොහැකි චෛත්‍යයක් විකුණන්න ගිහින් හසුවූ නිධන් හොරු

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 220 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16155 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3941 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site