IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහ දවාලේ කළ ලක්ෂ හැත්තෑ හතේ මං​ෙකාල්ලය

 

වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසැලකට අයත් ලක්ෂ 77ක පමණ මුදලක් එම වෙළෙඳසැලේ කඩවත ශාඛාව වෙත වෑන් රථයකින් ගෙනයද්දී විනාඩි තුනක පමණ කාලයක් ඇතුළත එම මුදල් සහිත බෑගය පැහැරගෙන පලාගොස් ඇත්තේ නින්ජා ක්‍රමයට ඇඳුම් ඇඳගෙන පැමිණි කල්ලියක් විසිනි.  කොල්ලය සිදුවූයේ ඉකුත් 26 වැනිදා මහ දවල් රාගම - කඩවත පාරේ බැසිලිකා විදුහල ආසන්නයේදීය.

 

රාමදාන් උත්සවය නිසා වත්තල නිමි ඇඳුම් වෙළඳසැලේ ඉකුත් 25 වැනි ඉරිදා විශාල අලෙවියක් සිදුවී තිබෙන අතර එදින ආදායම වශයෙන් එකතුවී තිබූ රුපියල් ලක්ෂ 77ක පමණ මුදල පසුදින එහි සිට කඩවත ශාඛාවට ගෙනයාමට තීරණයට කර ඇත.  


වෙනදාටත් මෙසේ වත්තල නිමි ඇඳුම් සාප්පුවේ සිට කඩවත සාප්පුව වෙත මුදල් රැගෙනයාම සිදුවී ඇත. එදත් සේවකයෙක් වෑන් රථයකින් එහි රියදුරාත් සමග වත්තලින් පිටත්වී ඇත්තේ කඩවත රෙදි සාප්පුවට ලක්ෂ 77 මුදලක් සහිත බෑගය ද රැගෙනය.  


රාගම - කඩවත මාර්ගය ඔස්සේ කඩවත බලා යමින් සිටි අතරවාරයේ හොන්ඩා සිවික් වර්ගයේ රිදී පැහැති කාර් රථයකින් ආ මුහුණ ඇස් දෙක පමණක් පෙනෙන සේ කළු පැහැති රෙදිවලින් නිමවා තිබූ වෙස් මුහුණක් හිසේ සිට ගෙල පෙදෙස දක්වා දමාගත් ටී - 56 ස්වයංක්‍රීය ගිනි අවි දෙකකින් සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු වෑන් රථයට පාර හරස්කර නවත්වාගෙන මුදල් සහිත බෑගය පැහැරගෙන පලා ගොස් තිබුණේ අසුරුසැණකිනි. ‘‘අපි වත්තල රෙදි සාප්පුවේ ඉඳලා කඩවත රෙදි සාප්පුවට යනකොට අපේ පිටිපස්සෙන් ආ කාර් එකක් අපේ වෑන් රථය ඉස්සර කරගෙන ගොස් වෑන් එකට ඉදිරියට යන්න බැරි විදියට නැවැත්තුවා. කළු පාට වෙස් මුහුණු පැළඳගෙන දිග කලිසම් හා ටී ෂර්ට් ඇඳගත් දෙන්නෙක් ඇවිත් අපිට අවි දික් කළා. අපිව මරන්න එපා කියා මගේ ළඟට ආපු එකාට කිව්වා. පස්සේ මාත් එක්ක වෑන් එකේ ගිය මහත්තයා ළඟ තිබුණු සල්ලි බෑග් එකත් උදුරාගෙන දුවගෙන ගිහින් නවතා තිබූ කාර් එකේ නැගලා පැනලා ගියා. මම ඒ කාර් එකේ අංකය මතක තියා ගත්තා.”  


ඒ මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරා පොලිසියට කී කතාවයි.  


සගයන් දෙදෙනා මුදල් බෑගය කොල්ලකාගෙන එනතෙක් යමෙකු කිසිවෙක් හෝ එන්නේදැයි කියා ඔත්තු බලමින් සිට ඇත. පලාගිය මෝටර් රථය අල්ලා ගැනීමට පළාත පුරාම පොලිස් මාර්ග බාධක යොදා සෝදිසි කිරීම් සිදුකළත් මෝටර්රථය ආගිය අතක් සොයා ගැනීමට නොහැකිවී ඇත.  


ලක්ෂ 77ක මුදලක් බහා තිබූ බෑගය පැහැරගෙන නින්ජාවරුන් හතර දෙනා පලා ගිය කාර් රථයේ අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යොමුකර කරන ලද සොයා බැලීම්වලදී හෙළිවූ තොරතුරු මත පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම තලවතුගොඩ කලල්ගොඩ බලා පිටත්ව ගොස් ඇත.  

 


මුදල් කොල්ලයට ආ නින්ජා කල්ලිය පොලිසියෙන් ගැලවීමට යොදා තිබූ උපක්‍රමයක් ගැන තොරතුරු හෙළිකරගැනීමට කලල්ගොඩ ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමට හැකි විය.  


තලවතුගොඩ ප්‍රදේශයේ ගරාජයකට කලල්ගොඩ ප්‍රදේශයේ අයෙක් කාර් රථයක් පසුගිය සෙනසුරාදා ගෙනගොස් බාරදී තිබී ඇත්තේ එහි අලුත්වැඩියාවක් සඳහාය.  


පසුගිය සඳුදා උදේ අයිතිකරු එම කාර් රථය රැගෙනයාමට ගරාජයට පැමිණි අවස්ථාවේ එහි නම්බර් ප්ලේට් දෙකම නොමැති බව දැන ඒ බව ගරාජයේ අයිතිකරුට දැනුම්දී ඇත.  


ගරාජයේ අලුත්වැඩියාවක් සඳහා ගෙනැවිත් තිබූ වෑන් රථයක ඉදිරිපස සවිකර තිබූ නම්බර් ප්ලේට් එකද අතුරුදන්වී ඇති බව ඔවුන්ට දැක ගැනීමට ලැබී තිබේ.  


කාර් රථයේ අයිතිකරු සහ ගරාජයේ අයිතිකරු තලංගම පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කර ඇත.  


වත්තල රෙදි සාප්පුවේ මුදල් කොල්ලකෑමට නින්ජා කල්ලිය පැමිණ තිබුණේ තලවතුගොඩ ගරාජ් එකේ ගාල්කර තිබූ කාර් රථයෙන් ගලවාගෙන ගොස් තිබූ නම්බර් ප්ලේට් ඔවුන් පැමිණි වෑන් රථයේ සවිකර ගෙන බව පොලිස් කණ්ඩායම හෙළිකර ගත්තේය.   
ලක්ෂ 77ක මුදල සහිත බෑගය රැගෙන යමින් තිබූ වෑන් රථය කොල්ලකරුවන් කාර් රථයක නැගී ලුහුබැඳ එන අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන්වී ඇතත් නම්බර් ප්ලේට් ගලවාගෙන යාමට තලවතුගොඩ ගරාජයට පැමිණි අයගේ රූපරාමු සොයා ගැනීමට පොලිසියට නොහැකිවූයේ ඒ ගරාජයේ සී.සී.ටී.වී. කැමරා සවිකර නොතිබූ නිසාය.  


ගරාජය පිහිටි ප්‍රදේශය අවටවත් එවැනි කැමරා සවිකර නොමැති බව පොලිසිය කළ සොයා බැලීම්වලදී හෙළිවී ඇත.  


කොල්ලකල්ලිය මුහුණු ආවරණය කරගෙන නින්ජාවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලය සිදුකිරීමට පැමිණෙන්නට ඇත්තේ ඔවුන්ගේ රුව සී.සී.ටී.වී. කැමරාවල රූගත වේ යැයි සිතා විය යුතුය.  


කොල්ලකරුවන් මොන උප්පරවැට්ටි යොදා මුදල් පැහැරගෙන ගොස් ඇතත් පොලිසිය කොල්ලකරුවන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් නීතියේ රැහැනට කොටුකරගන්නා බව නම් නිසැකය.  


වත්තල රෙදි සාප්පුවේ සිට කඩවත රෙදි සාප්පුව තෙක් මෙතරම් මුදලක් රැගෙන යන බව කොල්ල කල්ලිය දැනගත්තේ කෙසේද කියන එක ගැන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වල විශේෂ අවධානයට යොමුවී ඇත.  


වත්තල රෙදි සාප්පුවේ සේවය කරන අයෙක් මේ ඔත්තුව කොල්ලකල්ලිය අතට පත්කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.  
ඒ සැකය ඔස්සේද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.  


‘‘අප දැනටමත් වැදගත් හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ළඟදීම මේ කොල්ල කල්ලිය අල්ලා ගැනීමට පුළුවන් වේවි.” යැයි පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.  


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය ​පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ සහ සහකාර පොලිස් අධිකාරි එම්.කේ.ආර්.ඒ. ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  



අදහස් (0)

මහ දවාලේ කළ ලක්ෂ හැත්තෑ හතේ මං​ෙකාල්ලය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 225 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16159 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2790 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site