IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ත්‍රිරෝද රියට යටවී මිය ගිය පෙර පාසල් මල් කැකුළ

 

පසුගිය 02 වනදා උදෑසන කලවාන ප්‍රදේශවාසීන්ට ගෙන ආවේ දුක්බර ආරංචියකි. කලවාන රදැල්ල මාර්ගයේදී පෙර පාසල් ළමයකු එම ළමයා රැගෙන ගිය ත්‍රිරෝද රථයටම යටවී මියගොස් ඇති බව ප්‍රදේශය පුරා පැතිර යන්නට විය. දහස් ගණනක් ජනතාව මෙම ස්ථානයට ළඟාවූයේ සිද්ධිය දෑසින් දැක ගැනීමේ අරමුණිනි. 


මෙම අනතුරින් මිය ගියේ කලවාන හඟරංගල පදිංචිව සිටි ඩී.ටී. කවිෂ්ක හසරංග (05) නම් කුඩා දරුවෙකි. පෙර පාසලට මීටර් පනහක් පමණ තිබියදී පෙර පාසල පෙනි පෙනී මෙම අනතුර සිදුවී තිබේ.


තව විනාඩි කිහිපයකින් ඔහු පෙර පාසලට යන්නටද තිබුණි. එහෙත් මරුවා ඉක්මනින් ක්‍රියාත්මක වූයේ හසරංගගේ මව්පියන් මෙන්ම කලවාන ප්‍රදේශවාසීන්ගේද නෙත්වල කඳුළු පුරවාලමිනි.


කලවාන මූලික රෝහලට පැමිණි හසරංගගේ මව “අනේ මගේ දරුවා මාව දාලා යන්න ගියා” යැයි කියමින් පොළොවේ හැපෙමින් හඬා වැලපෙන්නට වූවාය. ඇයට මේ තරම් දුක දැනෙන්නේ ඔවුන් දෙපළට සිටින පවුලේ එකම දරුවාද පුංචි හසරංග වන බැවිනි.
පෙර පාසල වෙත ළමුන් රැගෙන එන ත්‍රිරෝද රථයට ළමයා නංවා ඇත්තේ උදෑසන ආහාරය සඳහා කඩයකින් ඉඳිආප්ප මුලක් අරන් දෙන ලෙස රියැදුරා අතට මුදල් දෙමිනි.


හසරංගගේ පියා ඩී.එම්. ඉමංග ඔවුන් ජීවත් කරවීම සඳහා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර මෙම අනතුරින් ඔහුද කම්පා වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාදෙමින් ත්‍රිරෝද රථයේ රියැදුරා ප්‍රකාශ කළේ මෙසේය. මම මගේ ත්‍රිරෝද රථයෙන් ළමයින් ප්‍රවාහනය කරනවා. ජනවාරි මාසයේ ඉඳන් තමයි ළමුන් ප්‍රවාහනය පටන් ගත්තේ. අද උදෙත් සුපුරුදු පරිදි අනික් ළමයි වගේම හසරංගවත් අරන් මම පෙර පාසලට එන්න ආවා. එන ගමන් නගරයේ හෝටලයකින් ඉඳි ආප්ප අරන් හසරංගගේ කෑම පෙට්ටියට දාලා දීලා පිටත් වුණා. මා බෙහෙත් ශාලාව පසුකරනවාත් එක්කම එතන හිටපු පිරිසක් කෑ ගහනවා ඇහුණා. මම බලද්දි මගේ ත්‍රීවීල් එකෙන් හසරංග වැටිලා යටවෙලා ඉන්නවා දැක්කා. පස්සේ මායි බෙහෙත් ශාලාවේ හිටපු වෛද්‍යවරයයි වෙනත් ත්‍රිරෝද රථයකින් හසරංග රෝහලට අරගෙන ආවා යැයි ඔහු පොලිසිය වෙත කටඋත්තරයක් ලබා දෙමින් පැවැසීය.


කෙසේ වෙතත් හසරංග රෝහලට රැගෙන විත් ඔක්සිජන් ලබා දෙමින් සිටියදී ඔහු මිය ගියා. කලවාන මූලික රෝහලේ කාර්ය මණ්ඩලය පුංචි හසරංග බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූහ.


සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කලවාන පොලිසිය පැවැසුවේ ත්‍රිරෝද රථවලින් ළමුන් ප්‍රවාහනය කිරීම ඉතා අනතුරුදායක බවය. මෙම ත්‍රිරෝද රථයේද සාමාන්‍ය මගීන් ගණනට වඩා ළමුන් අට දෙනෙකු සිට ඇති බව පොලිසිය පැවැසීය. ආර්ථික අපහසුතා මැද දෙමාපියන් තම දරුවන් පාසල වෙත ත්‍රිරෝද රථවලින් යැවුවද එය ඉතා අනතුරුදායකය. මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කළද දරුවන්ගේ මව්පියන් පැමිණ තම ආර්ථික අපහසුකම් පවසා මෙයට ඉඩ දෙන ලෙස ආයාචනා කරන බවද පොලිසිය පැවැසීය. මෙවැනි සිදුවීමක් වූ විට පමණක් දෙමව්පියන්ගේ ඇස් ඇරෙන බවත් පසුව සතියක් දෙකක් පසුවුන විට නැවත මෙම වරදම සිදුකරන බවත්ය.


කෙසේ වෙතත් අහිංසක ජීවිතයක් මේ වනවිට නැතිවී හමාරය. මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් යළි සිදු නොවන්නට සියලු දෙනාම කටයුතු කළ යුතුය. නැතහොත් තවත් මල් කැකුළක් මිලින වී යාම නවතා ගැනීමට නොහැකිවනු ඇත. 


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කලවාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලවාන පොලිසියේ රථවාහන අංශය සිදු කරනු ලබයි.

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 



අදහස් (1)

ත්‍රිරෝද රියට යටවී මිය ගිය පෙර පාසල් මල් කැකුළ

piyaratne Saturday, 11 March 2017 11:55 AM

මේ ප්‍රවුර්ති බලන කොට අපට දැනෙන්නේ මේ රට කොහෙද යන්නේ මේකට වගකියයුත්තේ සියලු මාධ්‍ය සියලු දේශපාලකයන් අනේ ලස්සන රටකට ගිය කල...

:       0       3

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 225 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16159 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2790 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site