IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුඛෝපභෝගී රථ හා වැටුපත් කප්පාදු කළ මෙන්න මෙක්සිකෝවේ අලුත් ජනපති

ආරක්‍ෂකයන් හා ජනාධිපති මන්දිරයත් එපා

 

 

2018 ජුලි 1 දින මෙක්සිකෝවේ පැවැති මහ මැතිවරණයෙන්, මින් සිවු වසරකට ඉහත පිහිටුවන ලද වාමාංශික මොරේනා පක්ෂය නොහොත් නැෂනල් රීජෙනරේෂන් මූමන්ට් පක්ෂයේ නායක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රදෝර් ජනාධිපති පදවියට පත් වී සිටී. ‘පෙයේ’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔබ්රදෝර් මැතිවරණය ජය ගනු ලැබුවේ 53.19%ක ඡන්ද ප්‍රතිශතයකිනි.   


දූෂිත දේශපාලනය පිළිකුල් කළ, විවාදාත්මක දේශපාලනඥයකු සේ සැලකෙන ඔහුගේ මැතිවරණ සටන් පාඨය වූයේ දිළිඳුකම පිටුදැකීමය. මෙක්සිකෝවේ දරුණු ලෙස පැතිර යමින් ඇති මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහි වූ ඔහු දූෂණය මැඩපැවැත්වීම සඳහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටියේය. ඒ අනුව මෙක්සිකානු ජනතාව ඔහු තම ඡන්දයෙන් බලයට පත්කර ගන්නා ලද්දේ එතෙක් බලයේ සිටි එන්රිකේ පෙනා නිටෝ බලයෙන් පහකරමිනි. පෙනාට හිමි වූයේ 22% ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඔබ්රදෝර්ගේ ඓතිහාසික ජයග්‍රහණය තුළින් එරට ආර්ථිකය, දේශපාලනය හා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතා යනාදියේ විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.   


තමා මෙක්සිකෝවේ අභ්‍යන්තර වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ඒ අනුව නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම තම අපේක්ෂාව බවත් ඔබ්රදෝර් පවසා තිබේ. කැමති පුද්ගලයකුට සංක්‍රමණය විය හැකි වුවද, නව රැකියා අවස්ථා උත්පාදනය කෙරෙන හෙයින් ඔවුනට තම රටේම රැකියා සොයා ගැනීම ඉදිරියේදී බාධාවක් නොවන බවද ඔහු පවසයි.   


පසුගිය කාලය පුරා පැවැති දේශපාලන රෙජිමයන් විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩත්වය හා දූෂණය සහමුලින්ම පිටුදැකීම තම අරමුණ යැයිද, වර්තමානයේ තම රට මුහුණ පා ඇති සමාජ අසමානත්වය හා ආර්ථික අසමානත්වයට බලපා ඇත්තේ එය බවද ඔහු සඳහන් කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමද ඔහුගේ එක් අරමුණකි. විශේෂයෙන් ඉන්ධන හා ගෑස් කර්මාන්ත සඳහා විදේශ සමාගම් දක්වන අවධානය කෙරෙහි යළි සලකා බැලීමටද, බලශක්ති ප්‍රතිසංස්කරණ කෙරෙහිද ඔහුගේ අවධානය යොමු වී තිබේ.   


මෙක්සිකෝවේ ඉන්ධන නිෂ්පාදනය ජනසතු ව්‍යාපාරයක් බවට පත් වූයේ 1938 සිටය. තෙල් සම්පත එරට ආර්ථිකයේ වැදගත්ම අංගයක් ලෙස සැලකේ. පසුගිය වකවානුවේ එහි නිෂ්පාදනය විශාල ලෙස පහත වැටිණි. පාලනයේ අසාර්ථකත්වය මත දැවැන්ත ආයතනයක් වූ මෙක්සිකෝ තෙල් සමාගම කඩාවැටිණි. එය යළි ගොඩනැංවීම සඳහා රජයේ ආයෝජන ප්‍රමාණවත් නොවීය. එහෙයින් 80කට අධික සමාගම් සංඛ්‍යාවක් සමඟ ගිවිසුම් ගත වීමට ඔවුනට සිදු විය. යළි එය ජනසතු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට නව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.   

 

 

මෙක්සිකෝව මත්ද්‍රව්‍ය උවදුරට දැඩි සේ ගොදුරු වූ රාජ්‍යයකි. ඇමෙරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන්නේ මෙක්සිකෝව ඔස්සේ හෙයින් මත්ද්‍රව්‍ය හා අනවසර ශ්‍රමිකයන් ඇමෙරිකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඇමෙරිකාව හා මෙක්සිකෝව අතර විශාල පවුරක් ඉදිකිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබිණි.   


මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අති විශාලය. පසුගිය වසරේ පමණක් මනුෂ්‍ය ඝාතන 29,168 සිදු වී තිබේ. ලොව ඇති භයානක රටවල් අතර දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ මෙක්සිකෝවටය. මෙම මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධාන හා ආගමික නායකයන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට නව ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීමේ කාලය අවම කර ඔවුන් යහමඟට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද ඔවුනට මනා අධ්‍යාපනයක් ලබා දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඈත්ව වෙනත් රැකියාවක නිරත වෙමින් යහපත් ජීවිත වෙත යොමු කිරීමද එම වැඩපිළිවෙළේ අරමුණය. එමෙන්ම මාෆියා සංවිධාන සහමුලින් විනාශ කිරීමටද ඔහු ප්‍රතිඥා දී ඇත.   
ඔබ්රදෝර්ගේ ජයග්‍රහණයට සුබ පතමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබන ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීම තම අරමුණ බවත්, එරට ආර්ථික වර්ධනය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ඔහුට හැකි වේ යැයි තමන් සිතන බවත් සඳහන් කර තිබේ.   


නව ජනාධිපතිවරයා නිල වශයෙන් බලයට පත්වන්නේ ලබන දෙසැම්බර් 1 සිටය. පරාජිත ජනාධිපති පෙනා ඔහුට ෆෙඩරල් ආරක්ෂකයන් ලබා දීමට උත්සුක වූ අවස්ථාවේ තමාට ජනතා ආරක්ෂාව ඇති බවත්, අවි ගත් ආරක්ෂකයන්ගෙන් තොරව තමා රට පුරා සංචාරය කිරීමට අදහස් කර ඇති බවත්, සාධාරණත්වය උදෙසා සටන් කරන පුද්ගලයකුට බිය වීමට හේතුවක් නොමැති බවත්, නව ජනාධිපතිවරයා පවසා තිබේ. පසුගිය මාස කිහිපය තුළ එරට සිදු වූ දේශපාලන ඝාතන පිළිබඳ සලකා බැලීමේදී මෙම ප්‍රකාශය ඉතා නිර්භීත එකක් බැව් පෙනේ. 2017 සැප්තැම්බරයේ සිට මේ දක්වා දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් 130කට අධික පිරිසක් ඝාතනය වී තිබේ.   


නව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු ඉටුකිරීමට දැනටමත් පියවර ගෙන ඇත. සුඛෝපභෝගී වාහන භාවිතයට නොගන්නා ඔහු තම නිල රථය ලෙස තෝරාගෙන ඇත්තේ වොක්ස්වාගන් මෝටර් රථයකි. මැති ඇමැතිවරුන්ට අධික ලෙස මුදල් වැය කොට සංචාරයේ යෙදීම තහනම් කර ඇති අතර, තම ජනාධිපති වැටුපද කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ. අති සුවිශාල ජනාධිපති මන්දිරයේ වාසයට නොයන ඔහු එය කලාගාරයක් බවට පරිවර්තනය කරන බවට සඳහන් කර තිබේ. තම නිල නිවෙස වශයෙන් ඔහු තෝරාගෙන ඇත්තේ සාමාන්‍ය නිවෙසකි.   

 

 

තරුණ පිරිසට නව රැකියා අවස්ථා උත්පාදනයට සහ වැඩිහිටි සුබසාධනය උදෙසා ඩොලර් බිලියන 7.5ක් වෙන් කිරීමටද ඔහු පියවර ගෙන ඇති අතර ගුරු හා හෙද වැනි සේවාවන්හි නිරත අයට වැඩි වැටුප් ලබා දීමටද පියවර ගනු ඇත. අවුරුදු 68ට වැඩි සියලු වයෝවෘද්ධයන් සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් 2.25ක සුබසාධක දීමනාවක් ලබා දීමද ඔහුගේ එක් යෝජනාවකි.   


1976දී ඉන්ස්ටිටියුෂනල් රිවොලෝෂනරි පක්ෂයෙන් තම දේශපාලන ජීවිතය ඇරඹූ අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රදෝර් 1989දී එහි පක්ෂ නායකත්වයට පත් විය. පසුව ඩෙමොක්‍රටික් රෙවලූෂන් පක්ෂයට සම්බන්ධ වූ ඔහු ටැබැස්කෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග කළේය. 2000 වසරේ මෙක්සිකෝ සිටි නගරයේ ප්‍රධානියා ලෙස තේරී පත්විය. ඔහු පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ 2006 මැතිවරණයෙනි. ඉන් පරාජය වූයේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකිනි. 2012 මැතිවරණයෙන්ද ඔහු දෙවැනි ස්ථානයට පත් විය. 2018 මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය ලැබුවේ 1988 පසු වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ලද ජනාධිපති අපේක්ෂකයා ලෙසිනි.   


මෙම ජයග්‍රහණයෙන් පැහැදිලි වනුයේ ඔබ්රදෝර් මෙක්සිකෝව වෙනස් මඟකට යොමු කරනු ඇති බවට ජනතාව විශ්වාස කරන බවයි. මෙක්සිකෝවේ දුප්පත් පොහොසත් පරතරය අවමකොට, රැකියා අර්බුදයට පිළියම් සපයා ජනතාවගේ නායකයකු ලෙස ක්‍රියා කරනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

 

 

 

සටහන : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

සුඛෝපභෝගී රථ හා වැටුපත් කප්පාදු කළ මෙන්න මෙක්සිකෝවේ අලුත් ජනපති

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 223 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16158 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site