lankadeepa.lk

වෙසක් දා ඇවිළී ගිය සිංහල-මුස්ලිම් ගැටුම

2019 මැයි මස 17 පෙ.ව. 12:05

0     796

එක්දහස් පන්සිය පහේදී මෙරටට පෘතුගීසීන් සංක්‍රමණය වීම මෙරට ජන ජීවිතයේ සෑම අංගයක් වෙතම ඉතා අහිතකර අන්දමින් අතිමහත් බලපෑමක් ඇතිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. භාෂාව, සාහිත්‍යය, කලාව, ආගම, සංස්කෘතිය ආදී වශයෙන් එතෙක් පවත්වාගෙන ආ චිරාගත සමාජ අංගෝපාංග සියල්ල විනාශ කර වෙනත් නව මතවාදයන් හඳුන්වා දීමට ඔව්හු කටයුතු කළහ. පෙර රජ දවස ඔවුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය ලද බුද්ධාගමට හිමි කරදී තිබුණු තැන අහිමි වී ගියේය. රජුට උපදෙස් දීමට පවා මහා සංඝරත්නය වෙත පවරා තිබුණු බල


lankadeepa.lk

අගමැති ප්‍රේමදාසට පොලිසියෙන් සද්දයක්

2019 මැයි මස 17 පෙ.ව. 12:04

0     1038

දි වංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1988 දී මෙරට ජනාධිපති ධුරයට පත්වීමට පෙර දේශපාලන ක්ෂේත්‍රයට අදාළ විවිධ තනතුරු කීපයක්ම දරා තිබුණේය. ඒ අනුව ඔහු මුලින්ම තම දේශපාලන ගමන අරඹන ලද්දේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙනි. අනතුරුව ඉන් ඉදිරියට පය තැබූ ඔහු පාර්ලිමේ


lankadeepa.lk

තටු ලැබුණු කට කතා

2019 මැයි මස 17 පෙ.ව. 12:02

0     571

පෙ ර රජ දරුවන්ගේ කාලයේ පටන් අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට රාජරාජ මහාමාත්‍යාදීන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළේ එහි ඇති වැදගත්කමත් අපේ ප්‍රධාන ආහාරය වන බත සපයාදීමට නම් රට ස්වයංපෝෂිත කළ යුතු බව අවධාරණාත්මකව අවබෝධ කර ගත් නිසාය. මහාපරාක්‍රමබාහු වැනි රජවරුන් අහසින් වැටෙන එක දිය බිඳකුදු නිකරුණේ මහා සාගරයට ගලා යාමට ඉඩ නොදී මහ වැව් අමුණු සකස් කොට ජලය රැස් කර ගත්තේ මහා වාපි සංස්කෘතියක් ඇතිකොට මහජනතාව කෘෂිකර්මයට උනන්දු කරවාලීමටය. මහ රජවරුන්ගෙන් පසු


lankadeepa.lk

කඩුවෙල බුද්දෙ සෙල්ලම් පිස්තෝලයෙන් කළ සෙල්ලම්

2019 මැයි මස 15 පෙ.ව. 12:01

0     497

කඩුවෙල හිටපු නගරාධිපති සහ කඩුවෙල ශ්‍රීලනිප සම සංවිධායකවරයෙකු වූ ජී. එච්. බුද්ධදාස මීට වසර පනහකට පමණ පෙර කරුණා සමග විවාහ වී මුලින්ම පදිංචියට ගියේ බත්තරමුල්ලේ 8 කණුව ප්‍රදේශයේ තිබූ කුලී නිවසකටය. සිළුමිණ පත්‍රයේ පළවූ දැන්වීමක් දැක 8 කණුව ප්‍රදේශයට ගිය නව යුවළ මසකට රුපියල් 75 ක් පමණ වූ කුලියක් ගෙවීමේ පොරොන්දුව මත එහි පදිංචියට ගියහ. ගෙදරට අවශ්‍ය වළන්, පිඟන් මිලදී ගැනීමටවත් තමන් අතේ මුදලක් නොතිබූ නිසා කරුණාගේ බැංකු පොතේ තිබූ රුපියල් 500 ක මුදල ගෙන එම අ


lankadeepa.lk

නොමියෙන රතු මල්

2019 මැයි මස 14 පෙ.ව. 12:01

0     205

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට හා දේශීය රදල වාදයට එරෙහිව බලවත් සටනක නියැළුණේ ජාතික නිදහස දිනාගෙන කම්කරු අයිතීන් දිනාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.


lankadeepa.lk

ආසන දෙකක් එකවර ජයගෙන දෙකක් එකවර පැරදුණු ආර්. ජී.

2019 මැයි මස 14 පෙ.ව. 12:01

0     386

1947 සිට 1977 දක්වා මෙරට පාර්ලිමේන්තුවේ මැතිවරණ පවත්වන ලද්දේ කේවල ඡන්ද කොට්ඨාස පදනම් කරගෙනය. ඒ අනුව සුදුසුකම් ඇති ඕනෑම ඡන්දදායකයකුට ඕනෑම මැතිවරණ කොට්ඨාසයකට හෝ කීපයකට ඉදිරිපත් වීමේ හැකියාව තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු වරට 1956 මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස දෙකකට නාමයෝජනා ඉදිරිපත් කර ඒ ආසන දෙකම ජයග්‍රහණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ආර්. ජී. සේනානායක මහතාටය. 1952 එජාපය ආණ්ඩුවේ වාණිජ හා වෙළෙඳ අමාත්‍ය ධූරය දරමින් චීන ලංකා රබර් සහල් ගිවිසුමට න


lankadeepa.lk

ජපනුන්ගේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්

2019 මැයි මස 12 පෙ.ව. 12:10

0     694

අනාදිමත් අතීතයක සිට යුදෙව් ජන සමාජයේ පාස්කු නමැති සාම්ප්‍රදායික උත්සවයක් පැවති බව බයිබලීය සාහිත්‍යයේ දැක්වේ. එම උත්සවය නුමුහුන් පූප මංගල්‍යය යනුවෙන් හැඳින් වූ බවද කිය වේ. තමන් වගා කර ගත් බාර්ලි අස්වැන්න මගින් තනා ගත් පූප ආහාරයට ගැනීමේ අවස්ථාව ලෙස ද නොයෙක් චාරිත්‍ර සහිතව මෙම උත්සවය වසර දහස් ගණනක් තිස්සේ පවත්වා ඇති බව පැරණි ලිපි ලේඛනවල සඳහන් වේ. එහෙත් පසුකාලීනව වෙනත් ආගමික හේතු සාධක මත නව සාම්ප්‍රදායික අනුස්මරණීය අවස්ථාවක් බවට පත් වූ ආකාරයක් දැක ගත


lankadeepa.lk

ප්‍රේමදාස ඝාතනයේ “ඒෂියා වීක්” සාක්‍ෂිය

2019 මැයි මස 11 පෙ.ව. 12:10

0     944

ප්‍රජාතන්ත්‍රවාදී වේවා කොමියුනිස්ට්වාදී වේවා පැසිස්ට්වාදී වේවා, ඒකාධිපතිවාදී වේවා, මොන වාදයකින් වුව බලලෝභී දේශපාලනය විසින් උසි ගන්වනු ලැබූ බලකාමය තුළින් රටක පාලනය එම රටේ නීත්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට පරිබාහිරව ඝාතනයකින් හෝ වෙනත් ක්‍රමයේ නෙරපීමකින් හෝ වෙනස් විය හැකි බව ඉතිහාසයෙන් මොනවට පැහැදිලිවේ. රාජාණ්ඩුක්‍රමයේ පටන් ඉහතකී කුමන වාදයකින් හෝ ප්‍රතිෂ්ඨාපනය වූ ආණ්ඩු ක්‍රමයන් තුළද එම ඝාතන රැල්ල ගතානුගතිකව ඇදී එමින් අදටත් වලංගු වෙමින් ඇති බව ඇස්පනාපිට සක්


lankadeepa.lk

පරංගින්ට රට පාවා දුන් දොන් ජුවන් ධර්මපාලගේ තෑගි ඔප්පුව

2019 මැයි මස 11 පෙ.ව. 12:02

0     577

රජෙකු වුවත් රාජ්‍ය පාලනය නොකළ දොන් ජුවන් ධර්මපාල කුමරු පෘතුගීසින් ගේ රැකවරණය මැද සිටි රූකඩයක් ලෙස ඉතිහාසයේ හැඳින්වේ. කීර්තිමත් හෙළ රජ පරපුරක අවසන් ඵලය වූ දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි කොළඹ කොටුව තුළ ජීවත් වූයේ සිරකරුවෙකු නොවූ සිරකරුවෙකු ලෙසිනි. ඔහු තම අසරණකම මත හෝ ආරක්‍ෂාව පිළිබඳව සිතා හෝ පෘතුගීසි බ


lankadeepa.lk

ජයගත් පෙළපොත් සටන

2019 මැයි මස 11 පෙ.ව. 12:01

0     323

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංස්ථා අතුරින් ඉතා වැදගත් ආයතනයක් වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හැඳින්විය හැකිය. මුද්‍රණ ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශයේ විශාල වැඩ කොටසක් ඉටුකෙරෙන මෙම ආයතන​යේ ප්‍රධාන කාර්යාලය හා කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත්තේ පානළුව ප්‍රදේශයේය. මුල් කාලයේ ප්‍රධාන කාර්යාලය කොළඹ ආශ්‍රිතව පවත්වා ගෙන ගිය අතර දැනට ප්‍රධාන කාර්යාලය ඇතුළු‍ සියලු‍ කටයුතු


lankadeepa.lk

“පාස්කු ඉරිදා” ප්‍රහාරයෙන් අලුත්වන පුදබිම් පුරාණය

2019 මැයි මස 04 පෙ.ව. 12:10

0     574

පසුගිය ඉරිදා දිවයිනේ කතෝලික දේවස්ථාන තුනකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර තුනක් නිසා තුන්සීයකට වැඩි පිරිසක් මරුමුවට පත්වූ බව මාධ්‍ය වාර්තා කළේය. එදින පාස්කුව සමරණ ඉරිදා දිනය වීමත් එය ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ගේ ශ්‍රේෂ්ඨ දිනයක් වීමත් ප්‍රහාර එල්ලවූවේ මෙම උතුම් අවස්ථාවට සහභාගිවෙමින් දෙවිදුන්ට ප්‍රශංසා කරමින් යාඥා කරමින් සිටි බැතිමතුන්ට වීමත් නිසා ශිෂ්ටසම්පන්න සමස්ත ලෝකයම කම්පනයට පත්විය. මිනිස් හදවතට ඉතාම සංවේදී සාධ


lankadeepa.lk

වතුකරය ගිනියම් කළ කම්කරු සටන්

2019 මැයි මස 04 පෙ.ව. 12:01

0     150

අගනුවර ආශ්‍රිතව පැවති විශාල කර්මාන්ත සියල්ලකම වාගේ වෘත්තිය සමිති ඇරඹෙන්නට විය. තේ හා රබර් අසුරන කර්මාන්තශාලා, මුද්‍රණාල සහ හෝටල් කම්කරුවන්, වෙළෙඳසැල්, මුද්‍රණශාලා ආදී විවිධ අංශයන්ට මෙය ව්‍යාප්ත වන්නට පටන් ගති. මෙසේ විසිර තිබූ සියලුම වෘත්තිය සමිති ඒකාබද්ධ කරමින් ලංකා කම්කරු සමිති සම්මේලනය ආරම්භ වූයේ 1940 දෙසැම්බර් 14 වැනිදාය. මෙම එකමුතු සංවිධානයෙහි සුවිශේ


lankadeepa.lk

ආනන්දයේ කොල්ලන්ට ඩඞ්ලිගෙන් ගෝරනාඩුවක්

2019 මැයි මස 04 පෙ.ව. 12:01

0     696

මෙ රට 60 සහ 70 දශකයේ ශිෂ්‍ය සංගම් ව්‍යපාරය තුළ බලය අත්පත් කරගෙන සිටියේ වාමාංශික දේශපාලන පක්ෂවලට අයත් ශිෂ්‍ය සංගම්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ජාතික ශිෂ්‍ය සංගමය ඒ අතරින්ද පෙරමුණේ පසුවූවේය. මුලින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුල්කරගෙන ගොඩනගාගත් ජාතික ශිෂ්‍ය සංගමය ක්‍රමයෙන් තම අඬුපඬු විහිදවමින් අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ පාසල් බොහොමයකට තම ශාඛා සමිති පිහිටුවමින් බලය අල්ලාගෙන සිටියේ අත්දැකීම් අඩු ශිෂ්‍


lankadeepa.lk

මහ ඇමැතිගේ වැඩ කලාව

2019 අප්‍රේල් මස 27 පෙ.ව. 12:02

0     1135

මධ්‍යම ආණ්ඩුවේ බලය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ඇති කරන්න ලද බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළේ ඉතා වැදගත් පියවරක් වශයෙන් පළාත් සභා පිහිටුවීම සඳහන් කළ හැකිය. මෙම ක්‍රමයේ අඩුපා


lankadeepa.lk

ජනපති පුටුවට වරම් නොලැබුණ අගමැතිවරු

2019 අප්‍රේල් මස 27 පෙ.ව. 12:01

0     412

සමස්ත රටේ ජනතාවගේම ඡන්දයෙන් ජනාධිපති තෝරා ගැන්ම ආරම්භ වූයේ 1978 සිට ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුවය. මේ වන විට ජනාධිපතිවරණ 07ක් පවත්වා ඇති අතර ජනාධිපති, පතිනියන් හයදෙනෙකු රට පාලනය කර ඇත. මෙම හයදෙනා නම් ජේ. ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා, ඩී. බී. විජේතුංග මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්‍ෂ මහතා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෛත්‍රීපාල සිරිසේන මහතා හැර


lankadeepa.lk

මරණය මතින් දිනාගත් නිර්ධන පංතියේ වැඩ කරන දිනය

2019 අප්‍රේල් මස 27 පෙ.ව. 12:01

0     242

වර්ෂ 1917 ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු එරට රාජ්‍ය මට්ටමින් මැයි දිනය පැවැත්වීම ආරම්භ කළේය. ඒ 1918 මැයි දිනයේදීය. එතෙක් මැයි දින සමරු රැස්වීම් පවත්වනු ලැබුවේ ලොව සමහර රටවල ක්‍රියාත්මකවූ මාක්ස්වාදී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංගම්වල නායකත්වය යටතේය. 1886 වසරේ ඇමෙරිකා එක්සත්


lankadeepa.lk

ෆීලික්ස්ගේ වැරදුණු තුරුම්පුව

2019 අප්‍රේල් මස 27 පෙ.ව. 12:01

0     555

1973 - 1975ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ බලවත් ආහාර හිඟයක් පැතිරෙමින් තිබුණේය. එකල ලෝකයේ බොහෝ රටවල පැවති ආහාර හිඟයට සමගාමීව ශ්‍රී ලංකාවේද පැතිරුණ එම තත්ත්වයට මුහුණ දීම සඳහා එවකට පැවති සමගි පෙරමුණ ආණ්ඩුව පියවර කීපයක්ම ගෙන තිබුණේ එමගින් මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවන පීඩාකාරී තත්ත්වය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වමිනි. ඒ අතරින් එක් පියවරක් වූයේ රට පුරා සහල් පොලු, මිරිස් පොලු දමා රට තුළ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ප්‍රවාහනය තහනම්


lankadeepa.lk

ශ්‍රී ලංකාවේ එකම ‘වැඩ බැලූ ජනාධිපති’

2019 අප්‍රේල් මස 27 පෙ.ව. 12:01

0     87

දෙ යක් වේ නම් යම් - සුදුස්සාටම අයිති වියයුතු” මෙම පුරාණ කියමන සනාථ කරමින් ප්‍රදේශීය දේශපාලන පුටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය අග්‍රාමාත්‍ය තනතුරුවලින් නොනැවතී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිති තනතුරේ වැඩ බැලීමට තරම් සුදුසුම විශ්වාසවන්ත දේශපාලනඥයෙකු දැයෙන් සමුගෙන තෙවසරකි. වලව් පැලැන්තියක උපත ලැබීමට තරම් වාසනාවන්ත වූද ජනතාවගේ දුක හඳුනා එම දුකට හේතුව සහ දුක නැති කිරීමේ මාර්ගය වාමාංශික දේශපාලන කඳවුර බව තේරුම් ගත් මෙම නායකයා තමන් එංගලන්තයේ හදා


lankadeepa.lk

කැලණිය සරසවියට ගාමිණී රැගෙන ගිය හැටි

2019 අප්‍රේල් මස 13 පෙ.ව. 12:10

0     1668

විශ්වවිද්‍යාලයන්හි “ශිෂ්‍ය අරගල” ඉතිහාසය පුරාම දක්නට ලැබෙන සාමාන්‍ය කරුණකි. රටේ පොදු ප්‍රශ්න සම්බන්ධව සමහර අවස්ථාවලදී අරගල උද්ඝෝෂණ සිදු කරන අතර තවත් සමහර අවස්ථාවල අරගල කරනුයේ අභ්‍යන්තර ශිෂ්‍ය සංවිධාන හා ශිෂ්‍ය කණ්ඩායම් එකිනෙක අතරයි. එයටත් අමතරව තම විශ්වවිද්‍යාලයේම පාලනාධිකාරියට විරුද්ධව අරගල කරනු ලබන අවස්ථාවන් දක්නට ලැ


lankadeepa.lk

මංගලගේ ඔට්ටුව

2019 අප්‍රේල් මස 13 පෙ.ව. 12:01

0     749

වසර 2000 පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයට මන්ත්‍රී ධුර 107 ක් ලැබී තිබුණේය. එවර එ.ජා.ප.යට මන්ත්‍රී ධුර 89 ක් හා ජවිපෙට මන්ත්‍රී ධුර 10 ක් හිමි විය. එම සමස්ත මැතිවරණ ප්‍රතිඵල අනුව පො.එ.පෙ.ට. ආණ්ඩු බලය හිමි වුවද ආණ්ඩු පක්ෂයට හිමි වූයේ සුළු බහුතරයකි. ඒ අනුව වැඩි පිරිසකගේ සහයෝගය දිනාගෙ


lankadeepa.lk

සටනක ඉරණම

2019 අප්‍රේල් මස 13 පෙ.ව. 12:01

0     1037

පොලිස් ස්ථාන 43 ක් අත හැර තාවකාලිකව පසු බැසීමට පොලීසියට සිදු විය. රට පුරා පොලිස් බල ප්‍රදේශ 35 ක පාලනය සටන් කාමී තරුණයන් අතට පත් වූ අතර විශේෂයෙන් කතරගම, දෙනියාය, වරකාපොළ, ඇල්පිටිය වැනි ප්‍රදේශ දින කිහිපයක් සටන්කාමීන් අතට පත්ව තිබුණි. සටන්කාමීහු නායක රෝහණ විජේවීර බේරා ගැනීමට සිරගෙදරට පහර දුන්න ද එම උත්සාහය සාර්ථක නොවීය. එසේම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ නිල නිවහන වූ අරලියගහ මැදුර ඇතුළු රජයේ තීරණාත්මක මර්මස්ථානවලට පහර දීමට සැලසුම් සකස් කර තිබුණද


lankadeepa.lk

දේශපාලන ලෝකය හෙල්ලූ “වැසිකිළි කුමන්ත්‍රණය”

2019 අප්‍රේල් මස 13 පෙ.ව. 12:01

0     881

පසුගිය මාර්තු පස්වැනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවැත් වූ දීර්ඝ දේශනයේදී සඳහන් වූ එක් විශේෂ කරුණක් කෙරෙහි අපේ අවධානය යොමුවිය. ඒ වැසිකිළි පිළිබඳවය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුවන්තොටුපොළ, වරාය ආදිය තැනුවත් එම දිස්ත්‍රික්කයේ පවුල් ලක්ෂයකට පමණ පිරිසකට වැසිකිළි පහසුකම් නොමැති බවත් ඒ අයට වැසිකිළි තනාගැනීමට උපකාර කිරීමට මුදල් වෙන්කරන බවත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. එය කදිම අදහසක් බවට කිසිදු සැකයක් නොමැත. මිනිස් දිවියේ ඉතා


lankadeepa.lk

දිළිදු බවින් උපන් විප්ලවවාදියා

2019 අප්‍රේල් මස 10 පෙ.ව. 12:10

0     270

බල්ගේරියානු මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අංක 1689 දරණ ආඥාවයි. බල්ගේරියානු සහජන සමූහාණ්ඩුවේ


lankadeepa.lk

නේරුගේ සිත ගත් තැන

2019 අප්‍රේල් මස 09 පෙ.ව. 12:10

0     274

තරුණ කොංග්‍රසය වෙත තමන් තරමක් දුරට ආකර්ෂනය වූ බවක් හැඟීගියේ යැයි නේරු සිය දීර්ඝ කථාව තුළ සඳහන් කළ අතර, තමන් සංචාරය සඳහා යායුතු සියලු ස්ථාන අතුරින් කුඩා නමුත් හොඳම ස්ථානය යාපනය බව පැවසීය. නේරු සිය දීර්ඝ කතාව තුළ, “තමන් ක්‍රියාවට බට පුද්ගලයන් නොවන්නේ නම් ඔවුන්ගේ සියලු කතාවන්ගෙන්ම පලක් නොවනු ඇතැයි” ඔහු තරුණයන්ට අනතුරු ඇඟවීය. තවද කම්කරුවන්ට විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයකින් යුතු කම්කරුවන්ට ප්‍රමාණවත් අවධානය යොමුවී නොතිබෙන බව ඔහු යාපනයේදී අවධාරණය කළේය.


lankadeepa.lk

ශ්‍රේෂ්ඨ අරගලයේ පිය සටහන්....

2019 අප්‍රේල් මස 08 පෙ.ව. 12:10

0     468

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 1971 අප්‍රේල් අරගලය හැඳින්විය හැකිය. 1971 අරගලයට නායකත්වය දෙනු ලැබුවේ රෝහණ විජේවීර විසින් ආරම්භ කරන ලදුව එවකට සය වසරක්වත් සම්පූර්ණ කර නොතිබූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට දැරූ ප්‍රථම උත්සාහය අවසන් වූයේ “ශ්‍රේෂ්ඨ පරාජයකින්ය”. ඒ අනුව 1971 අප්‍රේල් අරගලය සිදුවී මේ වන විට වසර 48 ක් සපිරෙන අතර මේ ඒ “ශ්‍රේෂ්ඨ පරාජය” පි


lankadeepa.lk

ජෙයරාජ්ගේ මනුස්සකම

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 12:10

0     678

ශ්‍රී ලංකාවේ නව ඡන්ද ක්‍රමයක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූයේ 1989 වර්ෂයේ සිටයි. මෙම 1989 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මහජන නියෝජිතයින් අතරින් කාගේත් ප්‍රසාදයට පත් වූ දේශපාලනඥයෙක් වශයෙන් දිවංගත අධිනීතිඥ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා හඳුන්වා


lankadeepa.lk

විල්පත්තු මහ කැලේ දිවි පිදූ දස හැවිරිදි වීර කෙල්ල

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 12:01

0     843

මව් සෙනෙහස ඇය වෙනුවෙන් දෝරේ ගලා ගියාය. සොයුරන් දෙදෙනාගේ හා එකම අක්කාගෙ ආදරය ඉහළින්ම හිමිවූයේ පවුලේ බඩ පිස්සී වන මේ චූටි නංගීටය. සුන්දර ළමාවිය ගත කරමින් සිටි ඇය මිය ගියාය. ඒ රෝගාතුර වීමකින් නොව, 71 දී ආරක්ෂක අංශයේ ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයකට ළය පාමින් විල්පත්තුව ඝන කැලෑව තුළදීය. දසවැනි වි


lankadeepa.lk

ජේ.ආර්. ශ්‍රී.ල.නි.ප.යට

2019 අප්‍රේල් මස 03 පෙ.ව. 12:10

0     837

දිවංගත ඩඞ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ එ.ජා.ප. ආණ්ඩුව 1970 මැයි මාසයේ පැවැති මහා මැතිවරණයෙන් පැරදුණේය. එය එසේ මෙසේ පසුබෑමක් නොව අන්ත පරාජයක් විය. එසේ වන්නේ 1965 වසරේ සිට පුරා වසර පහක් මෙරට පාලන බලය දැරූ එ.ජා.ප.යට එවර හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 16 දක්වා අඩුවී තිබුණ බැවිනි. ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍


lankadeepa.lk

ස්වරාජ්‍ය සංකල්පය බිහිවෙයි

2019 අප්‍රේල් මස 02 පෙ.ව. 12:10

0     168

රටේ ප්‍රජා දිවිය තුළ ස්ත්‍රිය සක්‍රීය ලෙස සහභාගි නොවන තාක් දුරට කිසිදු ජාතියකට ඉරණමින් නියමව තිබෙන ගමනාන්තය කරා පූර්ණ වශයෙන් ළඟාවිය නොහැකිය යන අදහස දරණ මේ කොංග්‍රසය අපගේ දේශයෙහි ස්ත්‍රීන්ට පෙරට එන ලෙසත් පුරුෂයන් සමඟ ජාතිය ගොඩනැගීමේ වගකීමට හවුල් වන ලෙසත් ඉල්ලා සිටියි. 6. අපගේ පාසල්වල ලබාගන්නා අධ්‍යාපන ක්‍රමය අපගේ ජාතික ඌරුවට නොගැළපෙන බව පිළිගන්නා මේ කොංග්‍රසය විදේශීය මාධ්‍යයක් තුළින් අධ්‍යාපනය ලබාදීම තුළින් ශිෂ්‍යයන්ගේ ප්‍රතිභාව විනාශ


lankadeepa.lk

ඇත්තේ සිරා ලියූ කොල්වින්ගේ ඇත්ත

2019 අප්‍රේල් මස 02 පෙ.ව. 12:10

1     440

ආචාර්ය කොල්වින්ගේ දේශපාලන ජීවිතයට පනස් වසරක් සපිරීම වෙනුවෙන් 1982 මැයි මස 22 දින කොළඹ රාජකීය විදුහල් නව රඟහලේදී “කොල්වින්ට ජාතියේ හරසර” මැයෙන් උපහාර උළෙලක් පැවැත්විණි. කොල්වින් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා ලෙස සම්පාදනය කළ “1972 ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” සම්මත වී ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී නිදහස්, ස්වාධීන, ස්වෛරී ජනරජයක් බවට පත්වීමේ දසවැනි සංවත්සරයද එදිනටම යෙදී