වර්තමානයේ මෙන් නොව මීට අවුරුදු කීපයකට පෙර “ග්‍රාම සංවර්ධන” විෂය ඉතා ප්‍රබල විය. විශේෂයෙන් අමාත්‍යාංශ වෙන් කිරීමේදී ප්‍රධාන අමාත්‍යාංශයක් වශයෙන් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය සලකන ලද්දේ එනිසාය. ගම් ප්‍රදේශවල සංවර්ධනය අත්‍යාවශ්‍ය කරුණක් වූ නිසා එම විෂයට වැදගත් තැනක් හිමි විය. වර්තමානයේ අමාත්‍යාංශ රාශියක් කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය, කැබිනට් නොවන ආදී වශයෙන් ඇතත් ඒවා ප්‍රායෝගිකව කොතරම් දුරට ක්‍රියාකාරී වෙනවාද? ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියා කරනවාද? අමාත්‍යාංශ වැඩිවීම නිසා ඵලදායිතාව වර්ධනය වී තිබේද? රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වී තිබේද? යන ප්‍රශ්න රැසක් අපට මතුවී තිබේ. කෙසේ වුවද 1940 ගණන්වල පිහිටවූ ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ රජයේ පවා තිබුණේ අමාත්‍යාංශ 14කි.
උදාහරණයක් වශයෙන් “ගොවිකම් ඇමැති” කී විට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන හා ක්‍රියාකාකරම් එම අමාත්‍යාංශයට අයත් විය. වර්තමානයේ එක් අමාත්‍යාංශයකට අයත් වියයුතු විෂයන් අමාත්‍යාංශ තුන හතරකට වෙන්කර ඇත. වර්තමානයේ අලුත් අලුත් විෂයයන් එකතුවීම, වැඩ රාජකාරි අධිකවීම, ආයතන වැඩිවීම, පර්යේෂණ අංශ වැඩිවීම, අමාත්‍යාංශ භාර දියයුතු පිරිස වැඩිවීම ආදී හේතූන් ඒ සඳහා ගෙනහැර පෑ හැක. ඒ කරුණ කෙසේ වෙතත් ඒ තුළින් අපේ රටේ ආර්ථික හා සෙසු අංශයන්හි ප්‍රගතියක් පෙන්නුම් නොවීම ජාතියේ අවාසනාවකි. ඒ පිළිබඳව සෑම කෙනෙකුම ගැඹුරින් අධ්‍යායනය කිරීම අත්‍යවශ්‍යය.
මා මෙහි මුලදී පෙන්නුම් කළ පරිදි දැනට ග්‍රාම සංවර්ධන නමින් අමාත්‍යාංශයක් නැතත් 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ එක් කැබිනට් ආමාත්‍යාංශයක් වූයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයයි. එහි අමාත්‍ය ධුරය හිමි වූයේ විමලා කන්නන්ගර මැතිනියටයි. එතුමිය එම අමාත්‍යාංශය භාර ඇමැතිවරිය වශයෙන් රටපුරා සංචාරය කරමින් ගම් සංවර්ධනය කිරීමට වැඩ කටයුතු රාශියක් ඉටු කළාය.
ඒ අනුව එක් මැතිවරණ කොට්ඨාසයක එක් ආදර්ශ ගම්මානයක් ඉදිකිරීම එතුමියගේ වැඩ සටහනේ ප්‍රධාන අංගයක් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ “බැදිගංතොට ආදර්ශ ගම්මානය”ද එසේ තෝරා ගත් එක් ගම්මානයකි. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා නොදියුණු ප්‍රදේශයක් වන බැදිගංතොට ගම්මානය සංවර්ධනය කිරීමට එතුමිය තෝරා ගත්තේ එවකට දිසා ඇමති දොස්තර පී. එම්. බී. සිරිල් මහතාගේ ද නිර්දේශය අනුවයි.
එසේ තෝරා ගත් බැදිගංතොට ගම්මානයේ වැසියන්ට ජල පහසුව ලබාදීම, මාර්ග තනාදීම, විදුලිය ලබාදීම, ප්‍රජා ශාලාවක් ලබාදීම හා ගොඩ ඉඩම් කොටස බහුවිධ භෝගවලින් සශ්‍රීක කර ගැනීමට අතිරේක භෝග වගාව හා ගොඩ ඉඩම වගා කරගැනීමට බීජ වර්ග ලබාදීම, පෙර පාසලක් ලබාදීම, පාසල වැඩි දියුණු කිරීම ආදී වැඩ කටයුතු රැසක් එම වැඩසටහනට අයිති විය. හම්බන්තොට දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරීන්ට පැවරී තිබුණේ එම වැඩ සියල්ල සම්බන්ධීකරණය කර ඉටුකිරීමයි. වර්තමානයේ මෙන් නිලධාරීන් විශාල පිරිසක් නොසිටියද වගකීම් පැවරෙන නිලධාරීන් කිපදෙනා ඒවා මැනවින් ඉටුකිරීම එකල සිදුවිය.
එසේ වගකීම් පැවරුණ නිලධාරීන් අතරින් ප්‍රධානත්වය ගත් දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරිවරයාට ඇමතිවරිය සමග වැඩ රාජකාරි කිරීම පහසු කරුණක් නොවීය. ඇමතිවරිය මෙම ගම්මානයේ වැඩ කටයුතු සොයා බැලීමට මාස තුන හතරකට වරක් ආවේ බැදිගංතොට සුන්දර පරිසරයකින් හෙබි අව්‍යාජ ගැමියන්ගෙන් සැදුම්ලත් වැඩිහිටියන් හා තරුණයන් හා දරුවන් ජීවත් වූ දුප්පත් ප්‍රදේශයක් නිසාය. මා දවසක් ඇමතිතුමියගෙන් විමසා සිටියේ “ඔබතුමිය බැදිගංතොට එන්න හුඟක් කැමතියි. නේද” කියාය. එයට එතුමිය දුන් පිළිතුරු වූයේ “මෙවැනි අහිංසක මිනිසුන් ජීවත් වන ගැමි ප්‍රදේශවලට හුඟක් කැමති බවයි. කෙසේ වුවද නිලධාරීන්ගෙන් එතුමියගේ වැඩ ගැනීමේ කලාව වූයේ විශාල වශයෙන් දොස් කියා සෙනග ඉදිරියේම එම නිලධාරීන් විවේචනය කිරීමයි. එවකට දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරි වැවේගම මහතා කිහිප විටක්ම විමලා කන්නන්ගර මැතිනියගෙන් දොස් ඇසූ බව මට මතකය. එසේ වුවද වැවේගම මහතා ඒවා එතරම් ගණන් නොගෙන ගම්මානය දියුණු කිරීමේ කටයුත්තේදී මහන්සියෙන් ක්‍රියා කළේය.
මෙම බැදිගංතොට ගම්මානයේ වැඩපටන් ගැනීමට මුලින්ම අමැතිතුමිය පැමිණි දිනයේ ගම්මුන් ගමේ පොඩි ළමයින්ගේ නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විත පෙරහරක් සූදානම් කර තිබුණි. එසේ සූදානම් කර තිබුණත් එවකට තිබූ පස් පාරවල් ඊට කලින් දිනවල ඇදහැලුණු වැහි නිසා හොඳටම මඩ වී තිබුණි. මෙම ප්‍රදේශවල පස් පාරවල් හොඳින් හදපුවා නොව කරත්ත යෑමෙන් සකස් වුණු ඒවා වේ. එම නිසාම ගමේ පාරවල් සැදීමත් සංවර්ධන සැලැස්මට ඇතුළත්ව තිබුණි. කෙසේ වෙතත් බැදිගංතොට ට හැරෙන මදුනාගල හන්දිය ආසන්නයේදී ගම්වැසියෝ හා අපි සියලු දෙනා ඇමැතිතුමිය පිළිගත්තෙමු. දිසාපතිතුමා ඇතුළු නිලධාරීහු පළාතේ දේශපාලනඥයෝද සහභාගි වූහ. සිය නිල රථයෙන් පැමිණි ඇමතිවරියට ඒ වනවිට සූදානම් කර තිබුණු පෙරහර සමග සැතපුමක් පමණ පයින් යෑමට සිදුවූ අතර ඉතා අපහසුතාවන් ඒ ගමන ගිය එතුමිය ගමනේ අපහසුව හා දුෂ්කරතාව ගැන සියල්ලන්ටම දොස් කීවාය. දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරිට විශාල වශයෙන් දොස් කී අතර අපටත් කරකියා ගැනීමට දෙයක් නැති විය. කොහොම හරි පෙරහරින්ම රැස්වීම් භූමියට ගොස් මුල්ගල් කීපයක්ද තබා රැස්වීම පවත්වා එතුමිය පිටත්ව ගියේ එතරම් සතුටකින් නොවේ. අපි හිතුවේ බැදිගංතොට සංවර්ධන කටයුතු අඩ පණ වෙයි යනුවෙනි. නමුත් එසේ නොවීය. ඇමතිනිය කලින් සැලසුම් කර තිබුණු වැඩවලටත් වඩා තවත් ඒවා ඇතුළත් කර විශේෂයෙන් මැහුම් මධ්‍යස්ථානයකුත් ලබාදී මෙම ගම්මානය දියුණු කිරීමට වැඩ කළාය.
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමතිනියගේ අපූරු වැඩ