
(සුජිත් හේවාජුලිගේ)
පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉෂාරා සෙව්වාන්දි නමැති සැකකාරිය එම ඝාතනය සඳහා රැගෙන ආ පිස්තෝලය සඟවා ගෙන පැමිණියේ දණ්ඩ නීති සංග්‍රහයේ පිටුපතක මැද කපා තනාගෙන තිබූ රහස් කුටීරයකය.
සැකකාරිය එම පිස්තෝලය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහයේ පිටපත නීතිඥයෙකු ලෙස වෙස් ගෙන පැමිණි වෙඩික්කරුට ලබා දී තිබූ බව විමර්ශනවලදී හෙළි විය.
අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1612
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1388
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
493
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියත් කොටුවෙයි
Mahesh Wednesday, 29 October 2025 07:34 AM
ඕක කියවලවත් හැදියන් කියලා දුන්නා වෙන්න බැරිද .
B amarasinghe Wednesday, 29 October 2025 07:59 AM
දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් කාරණය නොදැන පිට කෙනෙකුට අරන් දෙන්න පුළුවන්ද>
Cham Wednesday, 29 October 2025 08:01 AM
මතුගම ෂාන්ව තාම ඈල්ලුවෙ නෑත්තෙ මොකද?
අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 09:05 AM
දැන් උගත් නීතිඥ නොනාවරුන් සහ මහත්වරුන් දස දහසක් එතුමියගේ අයිතිවාසිකම් වෙනුවෙන් උසාවියත් ඉන් පිටත් පෙනී සිටිමින් නීතිඥවරුන්ට පාතාල ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නට හා උදව් කරන්න ඇති අයිතිය වෙනුවෙන් සටන් කරණු ඇත.
Bunny Preena Wednesday, 29 October 2025 09:07 AM
සදාචාරයට වැඩ මුදලට ප්‍රමුඛත්වය දෙන වෘත්තිකයින්ගෙන් මෙයට වඩා යම් දෙයක් අපට බලා පොරොත්තු විය හැකිදයි ප්‍රශ්නයක්. නිවරදි පුද්ගලයෙකු දඬුවම් ලබනවාට වඩා වැරදි කළ අපරාධකරුන් දඬුවම් නොලබා නිදොස් කොට නිදහස් වීම බොහොම භයානකයි.
chinthana Wednesday, 29 October 2025 09:45 AM
නීති විභාගයකට හෝ වෙනත් අධ්‍යයන කටයුතුකට නීති පොත ඉල්ලුවා ඒ නිසා දුන්න කියලා කියයි. එහෙම වෙන්නත් පුළුවන්.
නීතිඥ කැලැනායක Wednesday, 29 October 2025 10:20 AM
උබලා දැන ගනින්, උබලා අත තිබ්බේ නීතිඥයකුට, උබලව දැන්ම ඉන්ටර්ඩික් කෙරුව් නැත්නම් මම හෙට ඉදලා ටොයිලට් යන්නේ නැහැ. ප්‍රියන්ත කියපං මට කෝල් එකක් ගන්න කියලා, ප්‍රියන්ත කියන්නේ මගේ ජුනියර් බැච් මේට්, මුන් මොන පොලිස් කාරයෝද