IMG-LOGO

‘‘මහජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ වගකීමක්‘‘

(තිළිණි ද සිල්වා)

මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීමක් බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (15) කොළඹ අලුත්කඩේ පිහිටි උපරිමාධිකරණයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී පැවසීය.

ශ්‍රී ලංකාවේ  47 වන අගවිනිසුරුවරයා ලෙස පත්වූ හිටපු නීතිපති ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීමේ චාරිත‍්‍රානුකූල නිල උත්සවය කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී නව අගවිනිසුරුවරයා මේ බව කීය.

එක් විනිසුරුවරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවහොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බවත් වඩා හොඳ නඩු තීන්දු ලබාදීම බියකින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීමට විනිසුරුවරුන්ද කටයුතු කළ යුතුබවද  ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව අගවිනිසුරුවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙස්ද කීය.

‘‘මා වෙනුවෙන් මෙවන් උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව මා ඔබට කෘතඥවෙමි. මට අභිනවයෙන් ලබා දුන් අගවිනිසුරු ධූරය හදවතින්ම පිළිගන්නා සේම එය මාතෘභූමියට සේවය කිරීමේ අවස්ථාවක් කර ගන්නවා. නීතිපති වශයෙන් මා සේවය කළ පසුගිය තෙවසරක කාලය තුළ අගවිනිසුරුවරුන් දෙදෙනෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අටදෙනෙකු යටතේ රටට සේවය කිරීමට හැකිවීම මහත් භාග්‍ය සේ සලකමි.

මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීමක් බව මා දැඩිව විශ්වාස කරනවා.එක් විනිසුරුවරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවහොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකියි.

සක‍්‍රීය සහ බලාත්මක අධිකරණ පද්ධතියක් ඇති කිරීමට නම් අධිකරණය කෙරෙහි ඇති ජනතා විශ්වාසය සහ ගරුත්වය අත්‍යවශ්‍ය සාධකයක් වනවා.එම ගරුත්වය සහ විශ්වාසය ඇති කරලීම සඳහා වඩා හොඳ නඩු තීන්දු ලබාදීමට බියකින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීමට විනිසුරුවරුන්ද කටයුතු කළ යුතුයි.

විනිසුරුවරුන් විවෘත මනසකින් කටයුතු කළ යුතු අතර හොඳින් ඇහුම්කන් දීම සිදුකළ යුතුයි.එමෙන්ම අධිකරණ කටයුතුවල දී බියකින් තොරව අපක්ෂපාතී අයුරින් සිය රාජකාරිය ඉටුකිරීම විනිසුරුවරුන්ගේ ප‍්‍රමුඛ වගකීමක්.එක් විනිසුරුවරුවරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවහොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි හැකියි.

සිය රාජකාරී කටයුතු කිරීමේදී විනිසුරුවරුන් විවෘත මනසකින් සහ බියකින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයයි.නීතිය හා සාමය මත පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා එය ඉතාම වැදගත් වනවා. සමාජයක යහපැවැත්මට නිදහස සාමය , නීතිය සහ යහපාලනය අත්‍යවශ්‍ය  සාධකයි.

අප විසින් පුද්ගලිකව අත්පත් කරගත් දේ ගැන සතුටුවන ගමන්ම එය සමාජයේ සුබ සිද්ධිය සඳහා යෙදවීමේ ක‍්‍රියාවලිය ඉතා වැදගත් කාරනයක්.ඒ තුළින් සමාජයේ වරප‍්‍රසාද හිමි විය යුතු අයට ප‍්‍රතිලාභ සැලසෙන ක‍්‍රමයක් ඇති කළ යුතුයි.

අවංක ප‍්‍රයත්නයක් හා ශක්තිමත් ක‍්‍රියාදාමයකින් විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ට වෙනසකට මඟපෑදිය හැකියි.ඒ වෙනස තුළින් ප‍්‍රතිලාභ හිමිවිය යුතු සමාජයේ සියලු දෙනාට යහපතක් සැලසෙන බව මා විශ්වාස කරනවා.

ඒ වගේම මා මගේ රාජකාරිය පිළිබඳව, එහි ස්වභාවය , එහි ඇති වගකීම පිළිබඳ ගැන ඉතාම හොඳින් දන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 35ක අඛණ්ඩ සේවය මට ඉතාම පිටුවහලක් වූ බව සඳහන් කළ යුතුමයි. අගවිනිසුරු ධූරයට පත් හයවැනි නීතිපතිවරයා වන්නට තරම් මා වාසනාවන්ත වූවා. ඒ වගේම අගවිනිසුරු ධූරයට පත් කිරීම කෙරෙහි විශ්වාසය තැබූ සියලූ දෙනාටමත් , මා සේවය කළ නීතිපති දෙපාර්තමේන්තුවටත් ම ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. අධිකරණ සේවාවට මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස සේවයට එක් වූවෙකුට මෙවැනි අවස්ථාවක් ලබා දීම ගැන ජනාධිපතිවරයා වෙත මගේ ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මේ ගමනට මා හට අත්වැලක් වූ තැනැත්තන්ට මගේ ස්තූතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. මා අධ්‍යාපනය ලැබූ කුරුණෑගල මලියදේව විදුහල සහ එහි විදුහල්පතිවරුන්ට හා ආචාර්ය මණ්ඩලයට, මා නීතී අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකා නීති විද්‍යාලය  නැසීගිය විනිසුරු පී.රාමනාදන්, ජනාධිපති නීතීඥ දයා පෙරේරා, ජනාධිපති නීතීඥ ආරිය රැකව  යන මහත්වරුන්ට ඇතුළු අතහිත දුන් සියලු දෙනාට මාගේ කෘතඥතාව පිරි නැමේ. මගේ දෙමව්පියන්ට, මගේ සහෝදර සහහෝදරයින් හත් දෙනාට, මාගේ භාර්යාවට, ඇයගේ පවුලේ උදවිය සහ අප දෙදෙනාගේ ආදරණීය දරුවන් දෙදෙනාට, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට හා කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නේ යැයිද, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේය.

උපරිමාධිකරණයේ විශේෂ අධිකරණ ශාලාවේ පැවති මෙම නව අගවිනිසුරු පිළිගැනීමේ උත්සවයයේ අගවිනිසුරුවරයා පිළිගනිමින් නීතිපති හා ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සහ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්වරු කතා පැවැත්වූහ.

මෙම පිළිගැනීමේ චාරිත‍්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරු සහභාගි වී සිටියහ.



අදහස් (6)

‘‘මහජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ වගකීමක්‘‘

Perakum Wednesday, 15 May 2019 02:26 PM

එසේ නම් පොලිස් විරෝධය නොතකා සහරාන් කල්ලියට ඇප දුන් මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේට එරෙහිව නිසි පියවර ගන්න...

:       0       0

mara Wednesday, 15 May 2019 02:44 PM

මහජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය පැහැදිලිව තහවුරු වුණා... වැල්ලම්පිටිය බෝම්බ සැකකරුවන්ට ඇපදීම් මගින්... අධිකරණයට අත නොතබනු...

:       0       0

චන්දන Wednesday, 15 May 2019 02:57 PM

අගවිනිසුරුතුමනි, වසර 35ක ඔබතුමාගේ නොකැළැල් ඉතිහාසය අප දනිමු. ඉදිරියේදී නීතිය හා සාමය මත පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ඔබතුමා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල දෙන තීරණ කෙරෙහි රටේ ජනතාවගෙන් බහුතරයක් දෙනා බලා සිටී. ජය, සතුට හා නිරෝගී බව ලැබේවා...!!! 

:       0       0

ajith Wednesday, 15 May 2019 08:07 PM

පහුගිය සිද්දි ටිකත් එක්ක මට අධිකරණය ගැන තිබිච්ච විශ්වාසය තවත් වැඩි උනා.

:       0       0

Senanayake Thursday, 16 May 2019 02:04 AM

ඔබගේ පැමිණි ම සාදරයෙන් පිළිගන්නා අතර ඔබම කියන පරිද අධිකරණ යේ විස්වාස ය ස්ථාපිත කිරීම ඔබගේ පරම යුතුකම වේ. දැනටමත් වැල්ලම්පිටිය සිද්දිය සම්බන්දයෙන් අදාල විනිසුරුවරයා කෙරෙහි සැක පහළ වී ඇත. විශේෂයෙන් ම වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ගේ ප්‍රකාශයත් සමගම.

:       0       0

Rata Perata Thursday, 16 May 2019 06:21 AM

නායකත්වය කෙලින් හිටියොත් අනිත් අයත් එහෙම වෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 928 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site