මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා අද (8) පැවසීය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති වියත් මග සමුළුවට සහභාගී වෙමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා මේ බව සඳහන් කළේය.
මුරලිදරන් මෙසේ ද පැවැසීය.
“නායකයකු වුණාම හැමෝටම ආදර්ශයක් වෙන්න ඕනේ. කතා කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. වචන හරි ලස්සනයි. හැබැයි ආදර්ශයක් වෙන්න හැමෝටම බැහැ. එය ඉතා දුෂ්කර සහ අමාරු කාර්යයක්. මිනිස්සු විශ්වාස කරන්නේ ආදර්ශයක් වුණොත් විතරයි. මට මේ රටට ඕනේ එහෙම නායකයෙක්. මගේ ඡන්දය හම්බවෙන්නේ එහෙම නායකයකුට පමණයි.
නායකයා ලෙස තෝරා ගන්නා ඕනෑම පුද්ගලයකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්නත් පුළුවන්, ඕනෑම නායකයකුට විසඳන්න ප්‍රශ්න රැසක් තිබෙනවා. ඔවුන් තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. නායකයෝ දෙවියෝ නෙමෙයි. ඔවුන් ඔබේ ප්‍රශ්න විසඳන්න කැමැතියි. ඔවුන් රටේ ප්‍රශ්න විසඳන්න කැමතියි. ඔවුන් ඔබට සේවය කරන්න කැමතියි. රට ආරක්ෂා කරන්න කැමතියි. ඒවා තමයි වැදගත්.
අපේ රටේ ආගම්, ජාතීන් රැසක් ඉන්නවා. නායකයාට මේ හැමෝම එකයි. තාත්තා කෙනෙක් වගේ. තාත්තා කෙනෙක් දරුවන්ට සලකනවා වගේ. තාත්තා දුවද පුතාද බලන්නේ නැහැ. පළවෙනි දරුවද දෙවැනි දරුවද කියලා වෙනසක් කරන්නේ නැහැ. හැමෝටම ආදරෙයි. අපිට නායකයා විදියට ඉන්න ඕනේ ඒ වගේ පුද්ගලයෙක්.ඒ වගේම ඔහුට නිවැරැදිව සහයෝගය ලැබෙන්න ඕනේ. රට විශාලයි. අංශ ගණනාවක් තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
සමාජ ප්‍රශ්න, කාන්තාවන්, සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එක මනුස්සයකුගේ මොළයකට මේ සියල්ල කරන්න බැහැ. ඔහුට කණ්ඩයාමක් ඕනේ. අපිට ඕනේ කණ්ඩායමක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. අණ කරන, අණ දෙන කෙනෙක් නෙමෙයි පාලනය සහ කළමනාකරණය කරන කෙනෙක්. නායකයා කියන දේ විශ්වාස කරන සහ ඒ ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් කරන කණ්ඩායමක් තමයි අපිට ඕනේ.
රට වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් කියලා සමහර අය කියනවා මට ඇහිලා තියෙනවා. මම නම් කියන්න කැමැති නැහැ. ඇයි ඔබ මැරෙන්නේ? ඔබ රට පාලනය කළ යුතුයි. ඔබට රට පාලනය කිරීමේ වගකීමක් තිබෙනවා. මට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දෙන්න.
මං මැරිලා හරි විකට් ගන්නම්. ඔබ මැරුණොත් විකට් ගන්නේ කවුද? ඒක නෙමෙයි හරි ක්‍රමය. ඔබ තීරණ ගන්න ඕනේ. නායකයකු වුණාම ස්මාර්ට් වෙන්න ඕනේ. උපදෙස් ගන්න ඕනේ, හරි වුණත් වැරැදි වුණත් නායකයා තමයි තීරණ ගන්න ඕනේ. අපිට ඕනේ ඒ වගේ නායකයෙක්. අපේ රටේ ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒ නිසා අපිට ඕනේ ඒ වගේ නායකයෙක්. මම හදවතින්ම ඒ වගේම නායකයෙකුට සහයෝගය දක්වනවා.
මම දෙමළ ජාතිකයෙක්. මම බය කියන්නේ මොකක් ද කියලා හොඳට දන්නවා. පාකිස්තානයේ දී වැඩි වැදුණාම තත්පර දෙකකට මට බය මොකක්ද කියලා දැනුණා. එතකොට හමුදා සාමාජිකයෝ යුද්ධයට යනවා. අපේ තත්පර දෙක වගේද ඒ බය. සොල්දාදුවෝ කොතරම් දුෂ්කර කාර්යයක් කරනවාද? මිනිස්සු මේ රට වෙනුවෙන් කැප කිරීම් කරනවා. අපි හැමදේම ඇපයට ගන්නවා. බය කියන්නේ පුංචි දෙයක් නෙමෙයි. එය මහ විශාල දෙයක්.
අපි බයෙන් ජීවත්වුණා. 72 දී, 77 දී. මගේ තාත්තට කඩු පහරවල් වැදුණා. තාමත් ඔහුගේ පිටේ මැහුම් පාරවල් තියෙනවා. අපේ ගෙවල්වලට ගිනි තිබ්බා. සියයට 80ක් ඉන්දියාවට ගියා. මම ශ්‍රී ලාංකිකයෙක්. මට මේ රටින් යන්න ඕනේ නැහැ.
ඒ කාලයේ ආණ්ඩුව කරපු දේවල් වැරැදියි. එල්.ටී.ටී.ඊය කරපු දේවලුත් වැරැදියි. ඔවුන්ට තේරීමක් තිබුණා. අන්තිමට වුණේ මොකක්ද? අහිංසක මිනිස්සු සැමන් වගේ තැලුණා පොඩි වුණා. දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි, හැමෝම. 97, 98 දී මම හිටියේ පැලවත්තේ. මම කවදාවත් පාර්ලිමේන්තු පාරෙන් ගියේ නැහැ. අපි වටේට ගියා. බෝම්බයක් පිපිරෙයිද කියලා බයෙන් ජීවත් වුණා. කොළඹ වුණත් එහෙමයි.
2009 දී වෙනසක් වුණා. බෝම්බයක් පිපිරෙන්නේ නැතිව නිදහස් යන්න පුළුවන් හැඟීමක් ඇතිවුණා. අද ආයේත් අපේ හිත්වලට බයක් ඇතිවෙලා. ඒ නිසා මේ මැතිවරණයේදී වැදගත් වෙන්නේ ජනතාවට ආරක්ෂාව දෙන්නේ කවුද කියන එකයි. නිදහසේ ජීවත්වීමට පරිසරය හදන නායකයෙක්. ඒ වගේ නායකයෙක් විතරයි මට ඕනේ.
ගොඩක් අය ඒවි. මං නම් කියන්න ඕනේ නැහැ. ඒ වගේ නායකයෙක් දැක්කොත් මම ඔහුට ඡන්දය දෙනවා. කවුද කියලා මම කියන්නේ නැහැ. ඒක ඔබේ තේරීම. මම කියනවා ඔහු කලින් දේශපාලනඥයෙක් විය යුතුයි. නායකයා කියන පුද්ගලයා දේශපාලනඥයකු විය යුතුමයි. මේ රටේ මිනිස්සු වැරැදි පාරවල්වල යනවා.
ව්‍යාපාරිකයෝ එනවා. විසඳන්න බලන්න ගොඩක් දේවල් තියෙනව ද? ව්‍යාපාරිකයාට පුළුවන් ද? ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඔවුන් මොනවද දන්නේ? හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. හොඳ මහත්මයෙක් වෙන්න පුළුවන්. රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් කරලා තියෙන්න පුළුවන්.
එහෙත් ඔහු මොනවද දන්නේ? මට වුණත් එච්චරයි. මාව තෝර ගත්තොත්, මට වුණත් එච්චරයි. මම හොඳ නායකයෙක් නෙමෙයි. මං දන්නේ ක්‍රිකට් ගහන්න විතරයි. මං ව්‍යාපාර ගැන ටිකක් දන්නවා. මං දේශපාලනය ගැන කිසිදෙයක් නැහැ.
දේශපාලනයේ අත්දැකීම් තියෙන්න ඕනේ. වයස හරි වෙන්න ඕනේ. අවුරුදු 20, 30 ක, 40ක අත්දැකීම් තියෙන්න ඕනේ. රට වෙනුවෙන් සේවය කරලා තියෙන්න ඕනේ. දේශපාලන අත්දැකීම් තියෙන්න ඕනේ. දෙයක් කරලා තියෙන්න ඕනේ. අපි බලා ඉමු. නාම යෝජනා දේවි, මැතිරවණ කොමිෂන් සභාව ඒ නම් නිවේදනය කරාවි.
එතකොට අපි බලමු කවුද හොඳ නායකයා කියලා. තේරීම තිබෙන්නේ ඔබේ. එතකොට ඔබේ නායකයා තෝරාගන්න. රටට දෙයක් කරලා තියෙන කෙනෙක් තෝරාගන්න. එය තමයි වැදගත්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නාලක ගොඩහේවා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා යන මහත්වරු සහ මුත්තයියා මුරලිදරන් මහතාගේ බිරිඳ මතිමලර් රාමමූර්තී මහත්මිය යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකතාවේ පැති දෙකක් තියෙනවා. ඔබ "මන් මොනවද දේශපාලනය ගැන දන්නේ " කියනවා වගේම තවකෙනෙකුට " ගෝඨාභය මහත්තයත් මොනවද දේශපාලනය ගැන දන්නේ කියලත් " තර්ක කරන්නත් පුළුවන් මුරලිදරන් මහත්තයෝ. අයියට බලය ලැබෙනකල් එයා රටේ හිටියෙත් නැහැනේ. දැනට උනත් එයාගේ මුළු පවුලම ඇමෙරිකන් කාරයො. ඇත්තම කියනවානම් රාජපක්ෂ පවුලට නඩු හබ තිබුනේ නැත්නම් සමහරවිට ගෝඨාභය මහත්තයට උනත් චන්දයක් ඉල්ලන්න අවශ්‍ය තාවයක් පැන නඟින්නේවත් මහින්ද රාජපක්ෂ මහත්තයට වෙන පක්ෂයක් හදා ගන්න වෙන්නේ වත් නැහැ නේද?
මට තේරෙන විදිහට මේ කියන සුදුසුකම් ඔක්කොම තියෙන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට පමණයි.
ඔබ වටෙන් ගොඩෙන් කියාගෙන එන්නේ මොකටද කියා වැටහෙමි . ඔබ ඔය අතට අත දෙන නායකයා වෙන්න හදන පුද්ගලයාට ඔබ ඔය කියූ කිසිම ගුණාංගයක් නැතිබව සිහිකරමි .ඒ අත්දෙක ලේ තැවරුණු අත්දෙකකි .
අපිට ඔබලාගේ අදහස වටිනේ මේ නිව්ස් එකට.
ඔබේ නායකයගෙ ආදර්ශමත්කම බලාගන්න පුළුවනි බලයට ආවොත්.. පැය 24ක් යන්න කලින් අර මිනීමරු දුමින්දව නිදොස් කර නිදහස් කලාම.
මුරලිත් අන්තිමේ හත්පොලේ ගා ගත්තා.
වියාපාරික ඔබට හොද තෝතැන්නක් වේවි. ආත්මාර්ථකාමී නොවන්න.
අපිත් බලාගෙන ඉන්නේ ඔබ ඔය කියන ගුණාංග වලින් 70%ක්වත් තියෙන නායකයෙකු මේ රටේ නායකත්වයටා පත් වේවි කියලයි. මොකද අපේ රටට දැක්මක් තියෙන අයෙක්ට හැරෙන්න මේ යන විදිහට මේ රට ගොඩ දාන්න වෙන කෙනෙක්ට බැහැ අපි බලමු..!
අනේ මුරලි, මේපාර පත්වෙන ජනාධිපති රටේ ආරක්ෂාව පමණක් භාරව කටයුතු කරන කෙනෙක්. අනික් බලතල මේපාර චන්දෙන් පස්සේ යන්නේ අගමැති අතට. ඉතින් ජාතික ආරක්ෂාව අබමල් රේණුවකවත් නොදන්නා කෙනෙක්ව, එහෙමත් නැතිනම් අමාරු කාලේදී රටට විරුද්ධව පිට රටවල ගිහින් ගතු කියපු කෙනෙකුට, එහෙමත් නැතිනම් රටේ ආරක්ෂාව පාවාදුන් කෙනෙකුට නම් චන්දෙ දෙන්න එපා.
මගේ චන්දයත් රටට ජනතාවට ආරක්ෂාව දුන් හා තවදුරටත් දියහැකි නායකුටයි. අහිංසකයින් 2 කුට ආරක්ෂාව දීමට මැරයින් 50 මරා දැමිය හැකි නායෙකුටයි.
මුරලි ඔබ කියන දෙය ඇත්ත. ඔබ කියන නායකයාගේ කතාවත් ඔහු බලය ඇතිකළ ක්‍රියා කල විදියත් දෙස හොඳට බලන්න.හොඳට නිරීක්ෂණය කරන්න. එසේ කල පසු ඔබට ඔබ බල පොරොත්තු ගති ලක්ෂණ වලට ඔහු සැසඳේ නම් ඔබ ඔහු සමග පෙරට යන්න.
ලෝකේ ඉන්න කිසිම නායකයෙක් යුද්ද හමුදා මුලස්ථානය සහ යුද්ද හමුදා රෝහල් ඉඩම් විකුණලා නැහැ ඒ වගේ දෙයක් කරපු නායකයින් හරිද ? පාරවල් වහල බයිසිකල් පැදපු නායකයෝ හරිද? නුවර කරපු දේවල් කියන්න ඕනද? අපිට ඇමරිකන් කාරයෙක් ඕන නැහැ.ළමයි ඉන්නේ ඇමරිකාවේ නෝනා ඉන්නේ ඇමරිකාවේ එහෙම කෙනෙක් අපිට අවශ්‍ය නැත. ඒවගේ කෙනෙකුට චන්දෙ දාන එකෙකුගේ පරම්පරා හතකට හෙන ගහනවා.
නායකයා දේශපාලඥයෙක්. වෙන්නම අවශ්‍ය නැහැ. රටක් පාලනය. කරන්න , කරුණාව මයිත්‍රීය , පිහිටලා රටේ සම්පත් වලට. කෑදර නොවෙන කෙනෙක් වෙන්න ඕන , නැතිනම් වෙන්නේ. බලය අතට ගත් පසු. රටේ සම්පත්. පිටරටට කුනුකොල්ලෙට විකුණලා , හොඳ දේ තමන්ගේ අයටත් දීලා , ජනතා. මුදලින් මාලිගා හදලා සිහිවටනත් හදනවා මිලියන ගණනින් , මේවා කිසිම නායකයෙක් නොකළ. යුතු දේවල් , ඇමරිකාවේ ජනාදිපති , කලින් දේශපාලනය කෙරුවේ නැහැ , නමුත් රට තිබුනට වැඩිය පොහොසත් , අපේ නායකයින්ට පුළුවන් මොනවද . . රැජිනටවත් නැති ආරක්ෂාව , එක සිරුරයි පිහිටලා තියෙන්නේ නමුත්. අතිසුපොකබෝගී වාහන ඕනෑවටත්. වැඩියෙන් , කෑම බිමට. හරිම කැදරයි , එක. වේලක් හරි කනකොට දුප්පත් ජනතාව. මතක් වෙනවනම් ඔය විදියට වියදම් කරන්නේ නැහැ , බලයට කැදරයි එය තාවකාලිකයි බව දන්නේ නැහැ , ඔහුගෙන් පසු පක්ෂේ කෙනකුට එන්න ඉඩ සලසන්නේ. නැහැ , යනකොට යන්නේ කොරහත් බිදගෙන , මොකද යක්කුන්ගෙන් තමයි වැඩ ගත්තේ
එදත් අදත් ඔබ නොබියව අදහස් ප්‍රකාශ කළා. නිවැරිදි දේ වෙනුවෙන් පෙනී සිටීම කාටවත් කඩේ යාමක් ලෙස අර්ථ දක්වන්න එපා.
ඔව් සර්, ගෝඨාභය සර් ජනාධිපති වුන දවසක අපටත් ආදර්ශමත් පුරවැසියන් විදිහට එතුමා ගේ ආදර්ශය අනුවම නීති කඩන්න පුළුවන් නේද සර්, ඵක් ද ලෝ නේද සර්.
දේශපාලනේ දන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න මුත්තයියා, ඔය වගේ පල්හැලි අහල අපට ඇතිවෙලා. ඔයාලව වේදිකාවකට ගෙන්නන්නේ ජනතාව ආකර්ෂණය කරගන්න මිසක වෙන දෙයකට නොවෙයි කියල ඔයාලත් තේරුම් ගන්න.
කතාවනම් සහතික ඇත්ත, ආදර්ශමත් නායකයෙක් වුනාම අතට අත දෙන විට හුනස්නෙන් නැගිටින්නේ වත් නැති නායකයෙක් කොහොමද ආදර්ශමත් නායකයෙක් වෙන්නේ ?
මුරලි අපිට ඔබ ගැන ලොකු ඇල්මක් තියෙනවා. ඒ ඔබ අපේ රට ක්‍රිකට් වලින් ජාත්‍යන්තරයට ගෙනගියාට විතරක් නෙමෙයි, හැම වෙලාවේම කෙලින් කතාකරන රට ගැන ආදරයක් තියෙන හොද මහත්තයෙක් නිසා. ඔබට ජය සතුට ප්‍රාර්ථනය කරනවා.
අඉයෝ මුරලි මොනවද මේ කරගතේ, ඔයා ඔය කුණු ගොඩට වැටේ කියල අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. උඹටත් පුතෝ අබ සරනෛ.
එකට ආණ්ඩු පක්ෂේ , තමන්ගේ ආණ්ඩුවෙන් ඉතා විශාල වැඩක් වුන කියල අගමැති විතරක් කියනවා. ඒ විශාල වැඩේ කල අගමැති එපා කියල මන්ත්‍රීලා කියනවා . මිනිස්සුන්ට රට එපාවෙලා නිසා කෝටිගණන් වියදම් කරලා ඉන්න හිතෙන රටක් කියල එයාලම කියනවා
මොනවා උනත් ගොඨාභය මහත්මයා කරන කථා වලින් ඔහුට දැක්මක් හා අදහසක් තිබෙන බව පැහැදිලි වෙනවා.ගැලරියට කථා කිරීමට වඩා උගතුන් සම්බන්ධ කර ගනිමින් නිවැරැදි ගමනක් යාමට හැකිවෙවායි පතන අතර මුරලි සෘජු අදහසක් පුුකාශ කලා ඔහුට එයට හොද කොන්දක් තිබුණා.ඔහු ගොඨාභය මහත්මයට සහාය දෙන බව කිව්වෙ නැහැ අපෙක්ෂකයන් දිහා බලලා හරි අපෙක්ෂකයාට සහාය දෙන බව කීමට හැකි වීම අගය කල යුතුයි
මුරලිගේ අයියාට එතනෝල් චෝදනාවක් තිබුණා මතකයි.
මුරලි ඇස්දෙක හොඳට ඇරලා බලන්න ඔය ආදර්ශමත් නායකයා වටා ඉන්න කට්ටිය... රෝහිත අබේගුණවර්ධන, අලුත්ගමගේ, වීරවංස... ඒවගේ තව කොච්චරක්ද? ඔය නායකයාගෙන් ඔය නඩය සමග මොන ඉදිරි ගමනක්ද?
"ආදර්ශමත් නායකයෙකු" වශයෙන් ගෝඨාභය මහත්තයා අද කරපු තවත් ඉතා ඉහළ "ආදර්ශමත්" වැඩක් ගැන අපට ආරංචි වෙනවා මුරලිදරන් මහත්තයෝ... මහරගම හන්දියේ කාන්ති කොඩිකාර මහත්මිය විසින් ගෝඨාභයට ජයපතා අටවපු දැවැන්ත කටවුට් එක කඩාවැටී අවට තිබූ රථවාහන කිහිපයකට අලාභහානි සිදුවුණු බවත් එයින් "ජීවිත හානියක් සිදු නොවී බේරී තිබුණේ පුරුවේ පිනකට" බවත් වාර්තා වුණා මතකද? අද මේ ගැන ගෝඨාභය මහත්තයා මහරගම හිටපු නගරාධිපතිනි කොඩිතුවක්කු නෝනාට දුරකථන ඇමතුමක් අරගෙන සුද්ධ සිංහලෙන් දෙකක් කිව්වලු ඔන්න. හරිම ආදර්ශමත් මුරලිදරන් මහත්තයෝ.... ආයේ කියලා වැඩක් නැහැ...
මුරලිදරන් මහත්තයෝ. මම දැක්ක කවුදෝ අද මෙහෙම සටහනක් අන්තර්ජාලයේ දාලා තියෙනවා. "පාකිස්තානයේ ක්‍රිකට් තරුවක් හොරු අල්ලලා ජාතික වීරයෙක් වෙද්දී.. අපේ සමහර ක්‍රිකට් තරු, නඩු වැටුණු අය බව දැනදැනම ඒ ගොල්ලෝ එක්ක නිකං චාටර් වෙනවා.." අපි නං නෙවේ ඔන්න.