(ජයන්ත සමරකෝන්)
ජනතාවගෙන් අල්ලස් ලබාගන්නා , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිබඳව සොයාබලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (09) උපදෙස් ලබා දුන්නේය.
ආයතනයේ අකාර්යක්ෂමතාවය අවම කර ජනතාවට වඩාත් හොඳ සේවයක් සලසන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී නිලධාරීන් හමුවේ පවසා තිබේ.
සහතික කළ ලිපියක් ලබාගැනීමට වැඩි කාලයක් ගතවෙන බවටත් දඩගෙවීම් වලදී ගැටලු පවතින බවටත් ජනතාවගෙන් චෝදනා එල්ලවන බවත් පෙන්වාදී ඇති අමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ සමාගම් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.