
(බිඟුන් මේනක ගමගේ)
විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසී ය.
කිසිදු අවස්ථාවක නීතියට පිටින් කටයුතු කිරීමට රජය අදහස් නොකරන්නේ යැයි කී හෙතෙම රජය අධිකරණයට මෙන්ම පාර්ලිමේන්තුවට ද සාවධාන වන්නේ යැයි අවධාරණය කළේය.
විසි වැනි සංශෝධනයෙන් සිදුවන්නේ නැවතත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෑම යැයි ද වේගවත් ආර්ථික සංවර්ධනයක් රටට අත්පත් කරගැනීම එහි මූලික අරමුණක් යැයි ද අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ඔබලා 1978 ව්‍යවස්ථාවට නැවත යන්නේ නම් ඔබලාගේ නායකයන්ගේ උපදෙස් අනුව එම ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට විරුද්ධ වීම හේතු කරගෙන මැරුණු අයට ඔබලා පළ දෙන්නද?
ජේ ආර්ගෙ ව්‍යවස්තාවට විරුද්දව මැරෙන්න හදපු එදා ශ්‍රීලනිප වත්මන් පොහොට්ටු ඡන්ද දායකයන්ට කීමට යමක් තිබේද?
ජේ.ආර්. ගේ 78 ව්‍යවස්ථාවට යනවානම් කළ යුත්තේ ඊට පස්සේ ආපු සංශෝධන සියල්ලක්ම අහෝසි කරන එක එතකොට 13ත් අහෝසි වෙනවා.
සර්, ජනමත විචාරණ නොවෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳද, නරකද කියන එක උගතුන් සහ බුද්ධිමතුන් තීරණය කළ යුතුයි. අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයෝ ආවේගශීලියි. ඡන්දෙ දෙන්නේ හොඳම සටන් පාඨය ඉදිරිපත් කරපු කෙනාට. ඒ අයට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නැහැ. ඉතින් දැනට ජනාධිපතිතුමාගේ තිබෙන පුද්ගලික ජනප්‍රියතාවය ප්‍රයෝජනයට අරගෙන රටට අයහපතක් කරන්න උත්සාහ කිරීම අපරාධයක්.. ඔබතුමාලා විතරක් නොවෙයි ඔබතුමාලගේ දරුවොත් මේ රටේ ජීවත් වෙන්න ඕනේ... ඒක මතක තියාගන්න.
ජනමත විචාරණයේදී 20 පරදිනවා. ඒකට හේතුව තමන් සතු බලය ජනාධිපතිට දෙන්න පොහොට්ටු මන්ත්‍රීවරු උඩින් කැමැත්ත පෙන්නුවට යටින් කැමැති නැහැ. ඒ නිසා ජනමත විචාරණේ දිනන්න ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ.
78 ආයෙමත් ද.? පොල්, පොල් ලාබයි.?
ජනමත විචරනයක් උවමනා නැත.
ජනතා සල්ලි කන්න...
වැඩක් නෑ. ජනතා මුදල් නාස්තියක් විතරයි. මේ වේලාවේ රජය තමාගේ වත්තේ අසූචි දැම්මත් ඡන්දය දුන් අය ඒවා පොහොර ලෙස බාරගන්නවා. මේ බව රජයත් හොඳින් දන්නවා..
ඔය හැම සෙල්ලමක්ම තව ටික දවසයි. රටට ජාතියට හොඳක් කරන්න ඕවා අවශ්‍ය නැහැ.
ඒ කියන්නෙ 13 අහෝසියි?
බයවෙන්න එපා... අපි අත් දෙකම උස්සලා 20ත් ඡන්දය දෙනවා.
20 ගැන සිංහලයෙක්ට නැති අමාරුවක් මුස්ලිම් ජාතිකයෙක්ට මොකද කියලා කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ෂාපි ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහැව්වාම පරල වෙච්ච හැටියෙන් තේරුම් ගන්න පුළුවන්... ගෝඨාභය සිංහලයෙක් නැතුව මුස්ලිම් ජාතිකයෙක් අධිකරණ ඇමති කලේ සිංහල අධිකරණ ඇමතිවරයෙක් කවදාවත් 20 කියන විදිහට රට පාවා දෙන්න කැමති නැති නිසා. මේ ගොල්ලෝ ගැන සිංහල ප්‍රස්ථාපිරිළු තියෙනවා ඕනෑතරම්...
ජේ.ආර්. ගේ ව්‍යවස්ථා කවදාවත් ඉවත් කරන්නේ නැහැ මේ ආණ්ඩුව... ඔය අලුත් ඒවා ගෙනාවා කියන කතා බොරු.. ජනතාව රැවැට්ටුවා... අපේ ජනතාව ගොනාට ඇන්දා මම ඇතුළුව..
ජනමතය පැරදුණොත් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයි නේද? ඒකට කට්ටිය ලෑස්තිද?
ජිනීවා ගිවිසුම වගේම 20 ආකෘතියත් හදලා දීපු එකක්. සිංහල, බෞද්ධ ඡන්දෙන් බලයට ඇවිල්ලා සිංහලයිනුයි, සිංහල රටයි පාවාදෙන අයගේ විස්තර කරන්න වචන නැහැ. මහින්දට නම් ගුත්තිල, මූසිල ජාතකය මතක් වෙනවා ඇති මේ දවස්වල. රනිල් ගෙනාපු ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඒකීය වචනය නැහැයි කියලා මහා ඝෝෂාවක් කරපු හාමුදුරුවරු අද නිහඬයි. හේතුව ජනාධිපතිවරයා හාමුදුරුවන්ව කේවට්ට සභාවකට හිර කරගෙන ඉන්න නිසා... ඒකේ ඉන්නවා නම් කරන්න පුළුවන් ප්‍රශස්ති ගායනාව විතරයි. තනතුරු සහ අනාගත දේශපාලන පදවි වෙනුවෙන් රට පාවා දෙන තැනට හාමුදුරුවරු ඇවිල්ලා තියෙන හැටි පුදුම වෙන්න දෙයක් නැහැ. අතීත සිංහල පොතපත් වල කියලා තියෙනවා. මේ වගේ විපරිත කාලයක් එනවා කියලා. ටිකක් හරි කතා කරන්නේ හැමදාම තමන්ගේ වචනය වෙනස් නොකළ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ විතරයි. හැබැයි මේ දවස්වල මම හිතන්නේ ජීවිතයත් පරදුවට තියලා කතා කරන්නේ... අභයාරාමයෙන් නම් ඇහෙන්නේ එකම අඳෝනාවක්...
පාර්ලිමේන්තුව ශක්තිමත් වීම ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් රටකට සුබ වුණත්, ශ්‍රී ලංකාව වැනි බෙදුම්වාදී ප්‍රශ්න, භාෂා ප්‍රශ්න ඇති රටකට විධායකය ශක්තිමත් වීම කළයුතු බවයි මාගේ හැඟීම. නැතිනම් පාර්ලිමේන්තුවේ විවිධ ජාතීන්ගේ න්‍යාය නිසා රට අනාරක්ෂිත, අස්ථාවර වීමට පුළුවනි...
මේ අලි සබ්‍රි ජනතාව ගොනාට අන්දනවා. 20ටත් වේගවත් ආර්ථික සංවර්ධනයටත් මොන සම්බන්ධයක්ද? 20 කියන්නේ තනි පුද්ගලයෙකුට බලය ලබාදීම... අධිකරණ ස්වාධීනත්වයට විශාල පහරක්. රාජ්‍ය ආයතනවල මූල්‍ය සම්බන්ධව විගණනයක් කරන්න බැහැ.
සාමාන්‍යයෙන් නඩුවකට පෙනී ඉන්න නීතීඥයින්ට නඩුවට අදාළ සියලුම තොරතුරු චූදිත පක්ෂය විසින් බොරු නැතිව කියන්න වෙනවා නේද? නොමිලයේ නඩුවලට පෙනී ඉඳලා දැන් බෙල්ල ළඟටම හිරකරගෙන වගෙයි පේන්නේ... කියලා සමහරු කියනවා ඇහෙන්නේ මොකද මන්දා...
ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව ඕනේ නම් ඒක එපා කියමින් පාරවල් දිගේ පාද යාත්‍රා ගියේ කුමකටද?
මෙතන චම්පා දාලා තියෙනවා මුස්ලිම් එක්කෙනෙක් දාලා තියෙන්නේ රට පාවලා දෙන්න කියලා. එතකොට බහුතර ආණ්ඩුවේ මන්ත්‍රීවරු, අගමැතිතුමා, ජනාධිපතිතුමා ඔක්කොම සිංහල නෙමෙයිද? අලි සබ්රි හදපු එකක්ද මේ ව්‍යවස්ථාව..? ඒ කියන්නේ අනිත් කට්ටිය ඔක්කොම උඩ බලාගෙන මේකට අනුමැතිය දෙන්නද හදන්නේ? නිකන් ජාතිවාදය අවුස්සන කතා කියන්න එපා. ඔයාලා වගේ නූගත් කට්ටිය හින්දා තමයි මිනිස්සු නිකං රණ්ඩු වෙන්නේ.
ලංකාව රාජපක්ෂ කොළනියක් වෙන්න ඉඩතියන්න එපා.
ජනමත විචාරණයක් පැවැත්වීමට අරමුදල් කෝ?
පරණ දේවල් කතාකරලා වැඩක් නැහැ. 20 දිනවමු අසීමිත බලය දෙමු.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සූදානම්ද?
හරි අලි සබ්‍රි පත්කලේ කවුද? ජනාධිපතිතුමානේ, එතුමාට කියන්න. අලි සබ්‍රි අයින් කරලා වෙන කෙනෙක් දාන්න කියලා. කාටහරි පත්වීමක් දීලා එහෙම කරන්න දෙන්න බෑ. මෙහෙම කරන්න දෙන්න බෑ කියන්නේ නැතිව... අලි සබ්‍රි ආපු එක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් නම් ජනාධිපතිතුමා එ්ක නිවැරදි කරයි.
ජනමත විචාරණය හරි... තියන මගුලක් මහින්ද දේශප්‍රිය යන්න කලින් තිබ්බොත් හොඳයි. දැන් හූල්කාරයා පෙත්සමකුත් දාලානේ...
දැනටම සංශෝධන 20ක්.. ජනමත විචාරණ මේ මහජන මුදල් වැය නොකර කරන එකක් එකපාර කරන්න.
ශා..!!! බමුණු උන්නැහේ නියම ‘‘ලයන් බ්‍රෑන්ඩ්‘‘ ඔරිජිනල් පොරක්නේ.!!! ඔන්න බොලේ ජාතික වීරයෙක්..!!!