(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සමග සබඳතා පැවැත්වූ බවට දෝෂාරෝපණය එල්ල වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනා මන්නාරම, යාපනය සහ මුලතිව් යන පොලිස් කොට්ඨාසවලට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මාගලකන්දේ සුදන්ති හිමියන් පොලිස් මූලස්ථානයේ කරන ලද පැමිණිල්ලක් අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුලිත පුස්සැල්ල මහතා මූලික පරීක්ෂණ පැවැත්වීය. වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කළ බව පොලිස් අධිකාරීවරයා කීය.
මෙම පරීක්ෂණය බලපෑමකින් තොරව සිදුකිරීම සඳහා මෙම මාරුවීම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවූන්ගේ සේවය තාවකාලිකව අත්හිටවා, විමර්ශනයක් පවත්වා, වරද සනාථ වුවහොත් සේවයෙන් පහකරන්න. මාරැවීම් අවශ්‍යය නැත.
මොවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා බලන්න කළු සල්ලි ඇති