(මහේෂ් කිර්තිරත්න)
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් බව කියන මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22 හමාරක ඉඩම රාජසන්තක කිරීමේදි එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කළ යෝජනාවක් මාතලේ ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.
සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා කියා සිටියේ දැනට ගම්මිරිස් වගා කර ඇති මෙම ඉඩම සභා බල ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගත හැකි බවත් ඒ සඳහා මෙම ඉඩම යොදා ගැනීමට කටයුතු කළ හැකි බවත්ය.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සඳහා සිය එකඟත්වය පළ කළ අතර සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය මහතා පැවසුවේ දිසාපතිවරයා හරහා නඩු කටයුතු නිමවීමෙන් පසු ඉල්ලීමක් සිදු කරන බවයි.
පසුගිය දිනවල මෙම ඉඩම පරීක්ෂා කළ නමුත් ආරක්ෂක අංශයට කිසිවක් සොයා ගත නොහැකි විය.
මිය ගිය ඉන්ෂාෆ් අහම් නැමති සැකකරු මීට මාස 6කට පෙර මෙම ඉඩම මිලදි ගෙන ඇති බවද අනාවරණය විය.
COMMENTS
වහාම මෙම ඉඩම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා කදවුරක් පිහිටුවීමට යොදා ගන්න නැතහොත් අනාගතයේ මෙය යලිත් තවත් අයගේ උවමනාවන් සදහා යොදවනු ලබයි.... වගකිවයුතු අය මෙයට වහාම මැදිහත් වන්න
මේකෙන්ම පෙනෙනවා අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා කොච්චර බුද්ධිමත් ද කියලා. මේ මිනිහා මේකෙන් ගම්මිරිස් අපනයනය කරලා කොච්චර සල්ලි හම්බකරන්න ඇතිද, . මේ මෝඩයන්ට බැරිද මේක තවත් දියුණු කරලා විදේශ විනිමය රටට ගෙන්න. කුණු වලට වෙන තැනක් මාතලේ ඇත්තෙම නැද්ද.
ඔය හදන්නේ ඒ ඉඩම සභාවේ කට්ටිය බෙදාගන්න තමයි. ඕක රාජසන්තක කොට වෙන්දේසි කලානම් හරි.
මුන් කරපු වැඩේ නිසා ඩොලර් බිලියන ගණනක් අපේ මිනිස්සුන්ට පාඩු. මේවා ගන්න මෙච්චර ඇබරි ඇබරි ඉන්න එපා
එය අනිවාර්යයෙන්ම කළයුතු දෙයකි. එය පවරාගෙන යුද හමුදාවට දී ඔවුන්ට වගාකටයුතු කර ගැනීමට බාර දෙන්න... අපරාධ කාරයින් මෙවන් ඉඩම් රැගෙන කරන්නේ අධම නරක ක්‍රියාවන්ය.
මේක අපරාධයක්... කරුණාකර එම ඉඩම ප්‍රාදේශීය සභාවට පවරාගෙන කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න යොදාගන්න එපා. එම ඉඩම පැවරිය යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හෝ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. දැනට එම ප්‍රදේශයේ තිබෙන එම ආයතවලින් විශිෂ්ඨ සේවයක් රටට, ජනතාවට සැලසෙනවා. මෙවන් විශාල ඉඩමක් කුණු වලින් පුරවනවාට වඩා ප්‍රතිඵලදායක එම ඉඩම භෝග වගා පිළිබඳව පර්යේෂණ කරන, ගොවි මහතුන්ට, සුළු, මධ්‍යම වැවිලිකරුවන්ට උපදේශන සේවා සහ පුහුණු වැඩමුළු පවත්වන ස්ථානයක් බවට පත් කිරීමයි. රටක් විදිහට ගන්න ඕනෑ එවන් තීරණයන් නොවේද?
නගරයේ කසල සැලසුමක් නැතිව කොතනත් තැන්පත් කිරීම හොද ක්‍රියාවක් නොවේ. එම කසල නිසා මහපොළවේ ඇති බීමට ගන්න ජලය අපිරිසිඳු වෙනවාමයි. ඊට අමතරව දුගද සහ මැස්සන්ගෙන් මජනයට හිරිහැර සිදුවීමට ඉඩ ඇත.
මෙවැනි රාජසන්තක වෙන ඉඩම් හමුදාවේ වැඩ පිණිස යොදවන්න.