( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය ද නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබාදුන් උසස්වීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇති ප්‍රතිසන්ධාන, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළ ඒකාබද්ධ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිඳ දමා ඇතැයි මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අදාළ පත්කිරීම අතිශයින් ගැටලු සහගත බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පෙන්වා දෙන්නීය.
යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නීති උල්ලංඝණය කළ බවට චෝදනා ඇති බැවින් අදාළ පත්කිරීම සිදුනොකර යුත්තක් යැයිද ඇය කියා සිටින්නීය.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා අඛණ්ඩව දායක වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සිය නිවේදනයෙන් අනතුරු අඟවා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පසුගිය මාර්තු මාසයේ දි ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ද කණස්සල්ල පළ කර තිබිණි.
එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.
“යුද සමයේ දී ඔහුට සහ ඔහුගේ හමුදාවන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම පිළිබඳ බරපතල චෝදනා තිබියදීත්, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීම ගැන දැඩි සේ කනස්සල්ලට පත්ව සිටිමි.
2019 මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ මහ කොමසාරිස්වරයා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීම “කනස්සල්ලට කරුණක්” ලෙස දැනටමත් විස්තර කර තිබිණි.
එල්ටීටීඊයට එරෙහි ආරක්ෂක මෙහෙයුමේ අවසන් අදියරේ දී ලුතිනන් ජෙනරාල් සිල්වා ශ්‍රී ලංකාවේ 58 වැනි සේනාංකයට අණ දුන් අතර, එක්සත් ජාතීන්ගේ අනුප්‍රාප්තික පරීක්ෂණ මගින් ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
“ලුතිනන් ජනරාල් සිල්වාගේ උසස්වීම මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සන්දර්භය තුළ යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම දැඩි ලෙස බිඳ දමයි.
විශේෂයෙන් එය යුද්ධයෙන් විශාල වශයෙන් පීඩා විඳි වින්දිතයින්ගේ සහ දිවි ගලවා ගත් අයගේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් වලක්වනු ලැබේ. එය ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ද වළක්වන අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව දායක වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි එය බලපානු ඇත. ”
COMMENTS
මීට අවුරුදු ගානකට කලින් ඇමරිකාව එංගලන්තය අපේ රටේ ස්වෛරීභාවයට අත පොවනවා කිව්වම සමහරු හිනා වුණා, ඒ වගේ ලොකු රටවල් වලට අපේ රටට ඇඟිලි ගහනවට වඩා ලොකු වැඩ තියනවා. නිකන් මිනිස්සු අවුස්සන්නේ නැතුව ඉන්න කියල. දැන් තේරෙනවා ඇති අත පෙවීම කොහොමද කියල.
එහෙමනං විග්නේශ්වරන්ව පත් කරන්නද කියන්නේ?
ලංකාව ස්වාධීන රටක් බව සියලුම කොටි හිතවාදීන් දැනතගත යුතුය. ඔය කඳුළු ගැන අපි හොඳින්ම දනිමු. ඔවුන්ගේ අවශ්‍යතාවය රටක ආරක්ෂාව හෝ ස්ථාවරය නොව. ඔවුනගේ මත යැපෙන අස්ථාවර , අනාරක්ෂිත රටකි. ඔය නිවට කඳුළු ඒ සඳහා ය.
මේක අපේ රට පාලනය කරන්නේ මෙහෙ රජය. මානව හිමිකම් කොමසාරිස් නෙවේ
ජනපතිතුමා සුදුස්සාට සුදුසු තැන දීම අපි අගය කරනවා. මේ අයගේ කණගාටුව අපට වැඩක් නැහැ. අපේ රටේ ලක්ෂයක් පමණ ජනතාව මැරුණා. ඒ කාලේ මොවුන් කණගාටු වුනේ නැහැ. නව යුදහමුදාපති තුමාට අපේ සුබපැතුම්.
මැතිණියනී, මේ රටේ අතීතයේ සිදු වු දැවැන්ත මිනිස් සංහාරය වලක්වා ගැනිමේ මෙහෙයුම සිදුකරන විට අපිට හානි කරපු බටහිර රටවල් අදත් මේ ලෙස එරෙහි විම ගැන ඇත්තේ කණගාටුවක්. යුධ සමයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තයින් සිදුකල දැවැන්ත මිනිස් සංහාරය තුළදී සිංහල, දමිළ, ඉස්ලාම් ලෙස වර්ග විමක් සිදු නොවුනී. එහිදී රට ආරක්ෂා කල ආරක්ෂක අංශ සිදුකලේ රට මේ ත්‍රස්තවාදයෙන් ගලවා ගැනිමය. ඒ සදහා ඔබ නියෝජනය කරනු ලබන රට තුලද සිදුවන ත්‍රස්ත ක්‍රියා වලක්වාගැනිමට නොහැකි තත්වයක් තුළ මේ රටේ ආරක්ෂක අංශ දිවි හිමියෙන් කටයුතු කල ආකාරය අගය කිරිමක් නොකර මෙවැනි අවලාද ඇයි ප්‍රශ්ණයකී.
ඔය චෝදනා අද වෙනතුරු ඔප්පු කරන්න බැරි වුනානේ.
කොන්ද නැමෙයිද.. ?
අපිට තවත් ඇමෙරිකාව වගේ රටක යටත් විජිතයින් වෙන්න බැහැ. අපේ රටේ අපිට ඕන විදියට ස්වාධිීන තීරණ ගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය කවදාවත් ලංකාවේ වසර 30ක් තිබුණ යුද්ධය ගැන කියන්නේ නැහැ.කොටි ත්‍රස්තවාදීන් ගම්මාන පිටින් විනාශ කරා. බෝම්බ ප්‍රහාර වලින් මිනිස් ජිවිත විශාල ගානක් විනාශ කළා. අපේ රටේ ආර්ථිකය බින්දුවටම බැස්සුවා. සංවර්ධන වැඩ කටයුතු අඩාල කළා . ඒවා ගැන එක වචනයක් කියනවද ? ලංකාවේ පාලකයින් මේවා තේරුම් ගන්නේ නැත්තේ කුමන හේතුවක් නිසාද ?
මිෂෙල් , එල්ටීටීඊ එක, දහස් ගණන් නිරායුධ මිනිස්සු අමු අමුවේ මරද්දී මානව හිමිකම් කවුන්සලය නිදි ද, ඒවාට කියන්නේ "මොන හිමිකම්" කියලද?
ඇමෙරිකාවෙන් අපි හිඟා කාලා නැති නිසා අපි ඕවට බයවෙන්න ඕනි නැහැ. ඒත් මේ දේශපාලුවෝ ඒ රටවලින් ණය අරගෙන මහජනයාට අපිට 1% ක් දිලා, ඉතිරිය තමන්ගේ ගෙදර නඩත්තු කරගත්ත නිසා අපිට මේවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අපේ රටට මොකද්ද මේ වෙන්නේ ......
අපි එහෙ කොලනියක් නෙමෙයිනෙ
ඔය යුධ විරුවන් නොසිටින්නට මේවන විට අපට අහිමි වූ ජිවිත ප්‍රමාණය කොපමණක් දැයි ගණනය කල නොහැකියි. රට අපේ රණවිරුවන්ට ණයගැතියි.
ඇමෙරිකාව සහ ඔය ජාත්‍යන්තරේ කියන ඒවා කරලා කරලා අපිට මොනවද ලැබුනේ? අන්තිමට වුනේ සහරන්ලා බෝම්බ ගහපු එක විතරයි. ඒකෙන් මැරුනෙත් අපේ මිනිස්සු. ආර්ථිකේ නැත්තටම නැති වුණා. ඇමෙරිකාවෙන් ලැබුනේ මොනවද. අද රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ගානක්. එදා යුද්ධේ තියෙද්දිත් ආර්ථිකය වර්ධනය වුනා සියයට 6-8 අතර වේගයෙන්. අපි අපි ගැන විශ්වාස කරලා රට හදන්න ඕනේ.
ඇමෙරිකාව විසින් වියට්නාමය, ඇෆ්ගනිස්තානය, ලිබියාව,ඉරාකය වැනි රටවල සිදුකරන ලද කෲර ඝාතන සියල්ල අමතක කරලා දැන් අපිට පාඩම් උගන්නන්න හදනවා. රණ විරුවන් විසින් යුද්ධය අවසන් කිරීම නිසා තවත් ඝාතනය වීමට ඉඩ තිබූ ලක්ෂ ගණනකගේ ජීවිත අද රැකිලා තියෙනවා.
මෙයා කොයිරටේ මානවහිමිකම් කොමසාරිස්ද? එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටවුවේ මොන පදනම යටතේද? ඒකපාර්ෂිකද නැතිනම් බහුපාර්ශිකද ?