(රංජන් කස්තුරි)
රුපියල අවප්‍රමාණය වීම බරපතල ආර්ථික ප්‍රශ්නයක් හෝ රට කඩා වැටීමක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.
එම නිසා රුපියලේ අගය කෘතිම ලෙස ආරක්ෂාකර ගැනීමට විදේශ සංචිත මුදා හැරීමට තමා සුදානම් නැතැයිද එය අනවශ්‍ය දෙයකැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයේ අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.
‘‘රුපියල අවප්‍රමාණය වීම සාමාන්‍ය දෙයක්.ඒක හැමදාම වුණා.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රුපියල් අගය සියයට 14න් අවප්‍රමාණය වුණා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සංචිත මුදා හරින්නේ නැතුව තියෙන විදේශ සංචිත ආරක්ෂා කරගත්ත නම් නරකද ඇමතිතුමෝ? අමාරුවෙන් හොයා ගන්න විදේශ මුදල් ටික කන්නේ ඔතන ඉන්න අයමනේ. එක නැවැත්තුව නම් හරිනේ.
රුපියලකට කිසිම දෙයක් රටේ ගන්න නැතිකොට රුපියලේ ආරක්ෂා කරගන්න තරමේ අගයක් තියෙනවද?
ඔබලට ඡන්දෙ දුන්නේ, ඒ කාලේ උන දේවල් දැන් කරන්න නෙමෙයි...