IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි - පුරාවිද්‍යා වාර්තාවත් ඉල්ලයි

තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග

මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.

මන්නාරම සමූහ මිනීවළේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වන තුරු පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.

මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය නියෝජනය කරමින් එහි සභාපති සාලිය පීරිස් මහතා හා තවත් සාමාජිකයෙක්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් කිහිප දෙනෙකු ද සභාගී වී තිබේ.

දැනට කර ඇති කැනීම් සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමට මෙම සාකච්ඡාවේදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා එකඟත්වය පළ කර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු යළිත් වරක් සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු ගැන කතා බහ කිරීමට ද තීරණය වී ඇත.

එමෙන්ම මේ හා සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බව ද සාකච්ඡාවේදී කියැවිණි.

කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටැවුවද මෙහි ආරක්ෂාව තර කර තිබෙන බවත්, දැනට මතුකරගෙන ඇති අස්ථි කොටස් විනාෂ වීම නැවැත්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කටයුතු කරන බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කීවේය.



අදහස් (7)

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි - පුරාවිද්‍යා වාර්තාවත් ඉල්ලයි

C.K.Lankaputhra Saturday, 23 March 2019 04:15 AM

අපට නං ඔය රාජපක්ෂලා කියන කට්ටිය ගැන නං කිසිම විශ්වාසයක් නැහැ.

:       410       122

Chanak Los angelesSaturday, 23 March 2019 04:56 AM

ඇයි අපිට.. අපිටත් ඒ වගේමයි ..

:       48       9

Sanath Kandy Saturday, 23 March 2019 05:11 AM

මාතලේ සමුහ මිනි වල ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? ඒක යට ගැහුවේ කාගේ උවමනාවටද? ඊළඟ ජනාධිපතිවරණයට කලින් ඒ ගැන හොයල බැලුවොත් හොඳයි. නැතිනම් එක සදාකාලිකවම යට යන්න පුළුවන්.

:       0       74

D.P.Sinhaputhra Saturday, 23 March 2019 06:20 AM

රාජපක්ෂලා තමයි කොටින්ගෙන් රට බේරාගත්තේ

:       0       41

Nihal Saturday, 23 March 2019 09:11 AM

පරංගින්ට අවනත නොවුණු අයට අත් වුනු මිලේච්ච සිදුවීමක්

:       1       46

Aris Saturday, 23 March 2019 11:07 AM

රජකාලේ දඩුවම් කනත්තක් වෙන්න ඇති. මරණ දඩුවම දීලා මෙතන තමයි දාන්න ඇත්තෙ.

:       98       2

rocky Monday, 25 March 2019 02:33 AM

මාතලේ මිනී වලවල් පිලිබඳ කළ පරීක්ෂණ කටයුතු ගැන තොරතුරු යටපත් කරන්නේ ඇයි? එතන ලොකු අභිරහසක් තියනවා වගෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 678 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 859 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site