(රවින්ද්‍ර ලියනගේ)
පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද (21) නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරියගේ පියා සහ නැගණිය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇයගේ පියා හා නැගණිය රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තුම්මෝදර ලුණුවිල පදිංචි 21 හැවිරිදි දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු නැමැති මන්ත්‍රීවරිය වේ.
පසුගිය 19 දා ලුණුවිල සිරිගම්පොල තුම්මෝදර මාර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය නතර කර පරික්ෂා කිරීමේදී රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන තිබේ.
(වීඩියෝ අනුග්‍රහය - පොලිස් මාධ්‍ය ඒකකය)
COMMENTS
මේ මෝඩ, තකතීරුවන් කවදාවත් හැදෙන්නේ නැහැ. සමහර ප්‍රාදේශීය දේශපාලකයෝ ස්ත්‍රී දූෂණවලට හිරේ, සමහරු මිනී මැරුම්වලට, තවත් සමහරු සෙල්ලම් පිස්තෝලවලට. ඒවායින්වත් පාඩමක් ඉගෙන ගන්න මේ හැතිකරේට බැහැ. හැබැයි ඔතැන තියන අපූරුම දේ තමයි මොවුන් හිරේ ඉඳන් ඡන්දෙ ඉල්ලුවත් අපේ අය පැනලම දෙනවා...! මේක හැදෙන රටක් නෙමෙයි.
මොන පක්ෂේ වුනත් කිසිදු අදාලත්වයක් නොමැත. මෙවන්නන් සදහටම ඇතුළට දැමීමට හැකිනම් මොනතරම් අගේද?
විශිෂ්ඨයි.. හොඳ ප්‍රවණතාවයක්..
මේ අය 3 දෙනෙක් ඉන්නවා.. කටවල් නම් කටවල් තමයි මේ දරුවන් නෙවෙයි වැරදි.. මොවුන්ගේ දෙමාපියන් තාත්තා අරක්කු විකුණනවා. හැදියාවක් කියලා එකක් ගෑවිලාවත් නෑ. සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගේ...
225ම ගෙදර යවන්නම වෙනවා. එතකොට මෙයාලා නිකම්ම ගෙදර යනවා.
දත්ටික බඩට යන්න ගහන්න තිබුණනේ. එතකොට බැන්න කතාව නොවෙයි එන්නේ රනිල් පාර්ලිමේන්තුවේ කියන්නේ අසරණ එජාප මැතිණියකට පොලිස් නිලධාරීන් වටවෙලා පහරදීලා කියලා...
ඔන්න දේශපාලනයට උගත් තරුණ මන්ත්‍රීවරියක් යවලා.
පරණ රජය යටතේ වුණා නම් පොලිස් නිලධාරීන් ටික මෙලහකට යාපනේට මාරුකරලා. මේ අාණ්ඩුවේ අගය කළයුතු එක දෙයක් මේ දෙයයි. පිස්තෝල සෙල්ලම් දාපු කට්ටිය වසර ගාණක් බේරිලා හිටියේ රජ උණුසුමෙන් තමයි.
අවුරුදු විසිඑකේ දීම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ලෙස ප්‍රදේශවාසීන් පත්කර ඇත්තේ, සමහරවිට පියාගේ ගණන්කාර කැරැට්ටුව හෝ කසිප්පු ව්‍යාපාරයක ප්‍රගතිය සලකලා වෙන්න ඇති. මව්පියන්ගේ වරදින් පුනරුත්ථාපනය කළයුතු දරුවන් මන්ත්‍රීවරියන් බවට අභිෂේක කිරීමද සමාජය කළ යුත්තේ? ගරු අධිකරණය මේ තැනැත්තිය ගැලපෙන තැනකට යවා තිබෙනවා. අඩුතරමේ එය මාස තුනකට වත් දීර්ඝ වෙනවා නම්, එය සමාජයට ආදර්ශයක්...
නීතිය ක්‍රියාත්මක වන්නට කලින් ටිප් එක ලැබුණු නිසා අරක්කු වලින් බේරුණා. දැන් නීතිය අතට ගන්නත් හදනවා. හොඳ වැඩේ මාස 3කට විතර යවන්න, මම නම් කියන්නේ.
මෙවන් අයව මින් ඉදිරියටවත් මෙවැනි තනතුරු වලට පත් නොකරන්න ජනතාව වග බලාගත යුතුයි.
වියයුතු දෙය මෙයවේ. ප්‍රාදේශීය දේශපාලකයින්ට සහ සට්ටම්බියන්ට ඕනෙවිදිහට නටන්ඩ දුන්නු එක මහින්ද මහත්තයා කරපු එක හරි නැති වැඩක්... ගෝඨාබය මහත්තයා එම වරද නොකර ඉඳීවි කියලා විශ්වාස කරනවා.
මෙයාට එන වාරේදී පළාත් සභාවටද ඊට පසු පාර්ලිමේන්තුවටද ආදී වශයෙන් ඉහළට යාමට සුදුසු කම් තිබේ.
නාගනන්දගේම පිහිටයි !
ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අයගෙන් 95% නූගත් සහ මැර බලයෙන් ඉදිරියට පමණ සිටින්නවං.. සමහර නළු නිළියෝ, රූප සුන්දරීලා... ඉතින් කොහොමද ඔවුන් රට පාලනය කරන්නේ...?
වැස්සකටවත් පාසල් නොගිය අය ..
උසස් පෙළ හරි තිබුනොත් තමා හොඳ ....
උසස් පෙළ හරි තිබුණොත් තමයි හොඳ...
පළාතේ මිනිස්සු ඔයවගේ අයව ප්‍රාදේශීය සභාවල යවලා කියන්නේ අපි උගත් බුද්ධිමත් තරුණ දේශපාලුවෙක් අපිට වැඩකරන්න යැව්වා කියලානේ. අපිට ඒ පළාතේ මිනිස්සු ගැන හිතාගන්න හොඳ සාධකයි.
මට පහසුවෙන් ‘‘විජය සතුට‘‘ බලන හැටි කියාදෙන්න.
මේකේ මහා ලොකුවට අදහස් දාන අයත් ඡන්දෙ කාට හරි මෝඩයෙකුටම තමයි දෙන්නේ.
වෙන්නප්පුවේ කුඩු චමින්දත් මේ වගේම ප්‍රාදේශීය සභාවට පත්වෙන්න සුදුසුකම් ලබලයි හිටියේ... හොඳ වෙලාවට ඒ පුද්ගලයා මේ මන්ත්‍රී තුමියලගේ ගෙවල් පැත්තේදීම ගහලා මැරුවා. අනුන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගෙන ඉන්නවා තවමත්...
කුරුසෙකුත් කරේ එල්ලගෙන, ජේසුස් වහන්සේට අගෞරව කරන්න එපා. උන්වහන්සේ ලෝකයට කරුණාව ඇති වෙන්නට ධර්මය දේශනා කලේ. හිරේ ඉන්නකොටවත් බයිබලය කියවන්න... මුළු ගමටම ඇහෙන්න. නැතිනම් පන්සලකට ගිහින් ධර්මය ඉගෙන ගන්න. පොලිස් නිලධාරීන් අව්ව, වැස්ස බලන්නේ නැතිව පොඩි දරුවෝ ගෙදර දාලා ඔය රාජකාරිය කරන්නේ උඹගේ පව්ලේ අයගෙයි, මගේ පව්ලේ අයගෙයි ආරක්ෂාවට. ඕකට හවුල් වෙච්ච ඔක්කොම ගිහිල්ලා වැඳලා සමාව ගන්න... පොලිස් නිලධාරින්ගෙන්...
කොහොමද ? මෙයාලව පත් කරපු ජනත්වයි මෝඩ ?
මෙහෙම නිලධාරීන්ට තර්ජනය කරන්න කාටවත් හැකියාවක් නැහැ. එහෙම වුනොත් රටට යන කල මොකක්ද?
නියෝජ්‍ය ඇමතිට දඩකොල දීලා තමයි... වාහනය ගිනිබත් කරගෙන ගුටිකාපු පොලිස් නිලධාරීනුත් හිටියා.
ඔය පළාත් සභා , ප්‍රාදේශීය සභා වලින් හා පාර්ලිමේන්තුවෙන් තේරී පත්වෙන අය නියම පාලකයින් නොවේ.