(මනෝජ් හර්ෂික)

කැලණිය විශ්වවිද්‍යාලය අසළ දී තරුණයකු එල්ල කළ පිහි පහරකින් සරසවි සිසුවියක් තුවාල ලබා අද(13) උදෑසන උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

 තුවාල ලැබූ සිසුවිය (21)වැනි වියේ පසුවන කැලණි සරසවියේ ශිෂ්‍යාවක වන අතර සැකකරු 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බව පොලිසිය කියයි.

 සැකකරු අද(13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.