ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ, හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් බවත්, උත්තර්ප්‍රදේශ් සමීපයේ දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයන්ද උදරයේ වේදනාවක් පිළිබද ගැටලුවකට මුහුණදී ඇති බවත් නිලධාරීහු පවසති.
මෙම පිරිස මිය ගොස් ඇත්තේ හූච් නමැති දේශීය මත්පැන් භාවිත කිරීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි හරිද්වාර් පොලිසිය පවසයි.
හරිද්වාර්හි මිනිසුන් 36ක් මිය ගොස් 18ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, උත්තරප්‍රදේශ්හි පුද්ගලයන් 69ක් මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
(රොයිටර්ස් ඇසුරිනි)
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ISO සහතිකය බලලා ගන්න.
ඕවයින් තොගයක් මෙහාට ගෙන්නලා සුරා සොඬුන් සඳහා පමණක් වෙන්කෙරුණු බීම දන්සැලක් දාන්නයි තියෙන්නේ...
කොච්චර වැරදි වැඩක් වුනත් අනුන් පිළිබදව වෛරයෙන් ක්‍රෝධයෙන් සිතන්න එපා. ඒවා සංසාරිකව රැගෙන යන නිමා නොවන අකුසල් බවට පත්වෙනවා ..