(උපාලි ආනන්ද)

ජාත්‍යන්තර කරාටි ශුරයකු වූ වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරොන් රණසිංහ යන අය නාඳුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි පහරකින් අද (5) මිය ගිය බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර  දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ වෙඩි තැබීම සිදුකර තිබේ.

අපරාධකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

එස්.එෆ්.ලොක්කා මෝටර් රථයකින් අනුරාධපුර ප්‍රදේශයට යමින් සිටියදී  මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)