IMG-LOGO

දෛවයේ කෲරතම සරදමක්

(විනීතා එම් ගමගේ)

ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු සොයමින් ඇවිද ගිය පියාට රෝහල් මෘත ශරීරාගාරයේදී පුතා හමුවී තිබේ.

තම දියණියත් බිරිඳත් මියගිය පසුව 20 හැවිරිදි පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමන්ගේ නම හෝ ජාතිකත්වය කුමක්ද යයි කීමට නොහැකි තරමට කැළඹී සිටියේය. එම ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඔහු ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා සිටි නමුත් රෝහල් භූමිය පුරා තම පුතු සොයමින් ඇවිද ගියේය. එහෙත් ඔහුට ඇලෙක්ස් නිකල්සන් නම් වූ සිය පුතා හමුවූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ස්ථානයක් වන රෝහල් මෘත ශරීරාගාරයේදීය.

බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණි බව කී ඔහු ෂැංග්‍රිලා හෝටලයේ දී අද උදෑසන ආහාර ගනිමින් සිටිය දී මෙම අනතුරට ලක්වූ බව ද කියා සිටියේය.



අදහස් (16)

දෛවයේ කෲරතම සරදමක්

Nihal Sunday, 21 April 2019 07:18 PM

දෙවියනි ඔබ කොහිද? හැමදාම ස්වර්ග රාජ්‍යයේ ඉඳලා බැහැ...

:       211       265

surath Sunday, 21 April 2019 09:22 PM

එන්න අපි සංචාරක ව්‍යාපාරය නගාහිටවමු.

:       2       60

kule Sunday, 21 April 2019 09:27 PM

මේ අහින්සකින් ඒ කෘරතම ත්‍රස්තවාදීන්ට කල වැරැද්ද අකටයුත්ත කුමක්ද මෙවැනි ත්‍රස්තවාදීන්ට දෙන දඩුවම දස වසරකින් නිදහස් කිරීමද නැත්නම් සාක්ෂි නොමැත කියා අවසානයේ නිදහස් කිරීමද

:       1       163

Akila Monday, 22 April 2019 02:08 AM

සංචාරක කර්මාන්තය ඉවරයි, යුද්දේ කාලෙදිවත් සංචාරකයන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ල කලේ නැහැ, මේ ප්‍රහාරයෙන් ලංකාවත් ඇෆ්ගනිස්ථානය, ඉරාකය , ලිබියාව තත්වයට වැටුන මෙහි සම්පුර්ණ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනේ

:       81       720

chathuri Monday, 22 April 2019 04:54 AM

හෝටල් කළමනාකරුවන් දැනගන්න ඕන විදේශිකයින් ගැන හොයලා බලන්න මේවගේ අවස්ථාවක කටයුතු කරන්න. දන්නේ නැත්ද දහස් ගණන් බිල් කඩන්න විතරද දන්නේ, විදේශිකයින් වෙනුවෙන් වගකියන්න ඕන එම හෝටල් අයිතිකරුවන් ඔවුන් ලග තිබෙනවා පැමිණි රට ඇතුළු පවුලේ විස්තර, මේවට කරදර වෙන්න වෙනවට මග අරිනවා

:       143       213

RoshanMonday, 22 April 2019 05:38 AM

ඒකට තමයි රටක ඔත්තු සේවයක් තියෙන්නේ. ඒ අයව හිරේ දාලා යුද්ධ කරපු මිනිස්සුන්ව යුධ අධිකරණයට ගෙනියනකන් අපි පාඩුවේ හිටියා. දැන් බොරුවට කෑ ගහල වැඩක් නෑ. ගුණමකු ජාතියකට මෙහෙම වෙලා මදි...

:       210       336

BamunuarachchiMonday, 22 April 2019 04:51 PM

දැන් ඔබ පිළිගන්නවාද සිංහලයා ගුණමකු ජාතියක් කියලා?

:       21       10

අස්ලම් Monday, 22 April 2019 05:08 AM

ඇග හිරි වැටුනා. පව් අහිංසක මිනිස්සු, කොච්චර ලොකු ශෝඛනීය අවස්ථාවක්ද? අපේ පුංචි රට කෑවා.

:       56       205

Nir Monday, 22 April 2019 05:31 AM

පව් අහිංසක මිනිස්සු මේ පුංචි ලස්සන. රටට නිවාඩුවකට ඇවිත් වුන දේ.

:       2       176

Chaminda Monday, 22 April 2019 05:56 AM

රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු සියලු බුද්ධි සේවා අදාල කිරීමටත් ඔවුන් අනවශ්‍ය විදියට හිරේ දම දඬුවම් දීමත් නිසා සහමුලින්ම අධෛර්යමත් කල පාපය අද මුළු මහත් ජාතියටම කරුමයක් වී පල දීම ආරම්භ වූ අවස්ථාවක් ලෙස මෙය දකිමි . මෙවට අනුබල දීපු උන්ට මීට වැඩ දෙයක් මේ රටට කල නොහැක .

:       46       182

Bamunuarachchi Monday, 22 April 2019 07:11 AM

මේ සිදුවීමට සරදමක් කියන්න එපා. මට මේ බ්‍රිතාන්‍ය ජාතිකයා ගැන හරිම දුකයි. මෙයා අර 62 ට අයිති නැත.

:       0       100

Kumara Monday, 22 April 2019 07:54 AM

සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම වැටෙනවා. කිසි සැකයක් නැ. රටේ ආර්ථිකයත් එහෙමම වේවි. ලෑස්තිවෙයල්ලා වැඩිවන බඩුමිලට මුහුණදෙන්න.

:       0       7

Apeksha Monday, 22 April 2019 08:30 AM

රජය ඒකට වගකියන්න ඕනේ.... එයාලගේ පවුලේ කාටහරි වුණානම් දුක තේරෙයි.. බැලුවද හරීන් ඇමතිතුමාගේ කතාව?

:       0       50

rohana kumara mendis Monday, 22 April 2019 08:58 AM

මොහු ගැන තව ලියනවා නම් මොහු ලංකාවට ඇවිල්ල‍ා තියෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට රෝහලක් පරිත්‍යාගයක් කරන්න. එහි වැඩ සියල්ල නිමකර බිරිඳගේ උපන් දිනයට එය විවෘත කරන්න. සියල්ල ලක ලෑස්තිකර එදා උදේ නැවත යන්නට පෙර උදේ ආහාරවේල ගන්න තෙවැනි මහලට ඇවිල්ලා තියෙනවා. එහිදී බිරිඳ සහ දියණිය කුරීරු බෝම්බයට හසුවී මරණයට පත්වෙලා තම පුතනුවන් සොයා ඇවිදලා තියෙනවා. අර කියනවා වගේ ඉපදීම මහා දුකකි. පල්ලියේ, පන්සලේ, කෝවිලේ හෝ කොයි තැනක වුවත් මරුට නැත කිසිවිටෙක බාධා...

:       0       121

pradeep hettiarachchi Monday, 22 April 2019 03:17 PM

අනෙක් පල්ලි ටිකටත් ඔය විදියට පහර දුන්නොත් තමා වත්මන් ආණ්ඩුව ට දැනෙන්නේ...

:       0       0

wTuesday, 23 April 2019 07:24 AM

මොන පල්ලිවලටද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site