ණය මුදලක් ගෙවා ගත නොහැකිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ශ්‍රී ලාංකික පවුලක් රැඳී සිටින බව එරට පළවන ගල්ෆ් නිව්ස් පුවත් වෙබ් අබවිය අද (19) වාර්තා කළේය.
කාලයක් තිස්සේ ඩුබායි නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියදී එම ව්‍යාපාර සඳහා එහි බැංකුවලින් ලබා ගත් ඩිරාම් 252,000 ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක්) ගෙවා ගත නොහැකිවීමෙන් මොහොමඩ් ෆෙරාට් අබ්බාස් නමැති පුද්ගලයා, ඔහුගේ බිරිඳ වන ඉෂාරා විජේතුංග සහ ඔවුන්ගේ 5 සහ 6 හැවිරිදි දරුවන් දෙදෙනා එහි රැඳ සිටිති.
මොහොමඞ් ෆෙරාට් අබ්බාස් 2008 වසරේ සිට ඩුබායි හි පෞද්ගලික ආයතනයක සේවය කර ඇතත්, 2016 වසරේදී ඔහුට සිය රැකියාව අහිමි වී ඇත. ඉන් අනතුරුව ෆෙරාට් අබ්බාස් ඔහුගේ බිරිඳ විසින් පොල් කොහුබත් පොහොර ගෙන්වීමේ ව්‍යාපාර කටයුතු කිහිපයක් සිදු කර ඇති අතර කලක් ලාභ ලැබූ එම ව්‍යාපාර පසුව බංකොලොත්භාවයට පත්ව ඇති බවද ගල්ෆ් නිව්ස් පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ ව්‍යාපාරය සඳහා එමීර් රාජ්‍යයේ බැංකු මඟින් ගත් ණයපත් සහ ලබාගත් බැංකු ණය වාරික නොගෙවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට නැවත ලංකාවට පැමිණීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අවසර හිමි නොවන බවද එහි සඳහන් වේ.
ගෙවා ගත නොහැකි ණය බර හේතුවෙන් මාස 10 ක් පමණ සිරගතව සිටි අබ්බාස් මහතා ගේ බිරිඳට මේ වනවිටත් එරටින් සංචාරක තහනමක් පනවා ඇති අතර සිය දරුවන් දෙදෙනා සමග යළි ලංකාවට පැමිණීමට නම් ඇයට ඩිරාම් 252,000 ක මුදලක් ගෙවිය යුතුවේ. ඔවුන් සියලූදෙනාගේ වීසා බලපත‍්‍ර වල වලංගු කාලය ද මේ වනවිට අවසන් ව ඇති බවද වාර්තා වේ.
එසේම මොහොමඞ් ෆෙරාට් අබ්බාස් මහතාද ඩිරාම් ලක්ෂ දෙකක ණයකර ( ක්‍රෙඩිට් කාඞ් පත්) ගෙවීමටද ඇති බවද ගල්ෆ් නිව්ස් වාර්තාවේ සඳහන් වේ.
සිය දෙමව්පියන්ගේ ණය බර හේතුවෙන් පාසල් අධ්‍යාපනයක් නොලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා මේ වනවිට පවුලේ මිතුරන් විසින් ලබා දුන් කුඩා කාමරයක ජීවත් වන බව ද වාර්තා වන අතර මෙලෙස කිසිඳු ආදායමක් නොමැතිව ණය ගෙවා දමන්නේ හෝ ඩුබායි නගරය තුළ රැඳී සිටින්නේ කෙසේද යන්න ගැටලූ සහගත බව ෆෙරාට් අබ්බාස් එම පුවත් වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත.
අසීරුතාවයට පත්ව සිටින මෙම ලාංකික පවුලට අවශ්‍ය උදච් උපකාර කිරීමට එමීර්යේ වෙසෙන ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා නිරන්තරයෙන් පෙනී සිටින ‘‘ සහන ’’ සුබසාධන සංගමය ඉදිරිපත් වී සිටින අතර එහි කළමනාකාර ඇල්බට් ජොර්ජ් හෙට්ටිආරච්චි මහතා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත්තේ මෙම පවුල ණය ගෙවා ගත නොහැකිව සිටින බවට සනාථ කළ හැකි බවය.
මෙවැනි තත්ත්වයක් හමුවේ ඔවුන් මුහුණපා සිටින අසීරුතා තම්දුරට අඩුකර ගැනීම වෙනුවෙන් සහන සිය සංවිධානය විසින් ආහාර ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීමට කටයුතු කරන බවද හෙට්ටිආරච්චි මහතා ගල්ෆ් නිව්ස් වෙත වැඩිදුරටත් පැවසුවේය.
එසේම ඔවුන්ට ලංකාව බලා යෑමට තාවකාලික ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය කටයුතු කර ඇතත් , ඔවුන්ට ගෙවා ගත නොහැකි අධික ණය බර ලිහිල් කර ගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සංගමය කැමැත්තෙන් සිටින බවද ඔහු කියා සිටී.
(125)


COMMENTS
ඩුබායි, කටාර්, අබුඩාබි වගේ රටවල වැඩ කරපු සමහරක් ලාංකිකයින් ජාති භේදයකින් තොරව නියම බැංකුවලට සහ තමන්ගේ අායතනයට පොලුතියලා පැනපු නිසා දැන් මෙහේ වැඩකරන අහිංසක මිනිසුන්ටත් ලෙහෙසියෙන් ගන්න තිබුණු ණයවලට අවහිරතා ගොඩයි. ඕක ලාංකිකයින් විතරක් කරපු කරන දෙයක් නෙමෙයි. දකුණු අාසියාවේම සමහර කට්ටිය රටවල්වල නම කැත කරනවා. මම මෙයාලා එහෙම කරා කියනවා නෙමෙයි යථාර්ථය ඕකයි.
තමන්ට දරාගන්න බැරි ණය ගැනීමේ විපාකේ තමයි. අනික දුන්නු අයත් වැරදියිනේ. හොයලා බලන්න තිබුණා මේ අය කොහොමද මෙච්චර ගෙවන්නේ කියලා. උත්සාහ කරන්න එ් රටින්ම රැකියාවක් හොයාගන්න. එහෙම නැත්තම් දන්නා දෙයක් උගන්වන්න. කාලයක් තිබුණා මිනිස්සු සැලකුවේ ලොකුකමට නමුත් අද සලකන්නේ සල්ලි වලට. ඉතින් ලෝකෙට පේන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමට අමාරුවේ වැටෙන්නෙත් තමන්මයි.
ඩුබායි බැංකු ලෝභනැතිව ණයදෙනවා. හැබැයි ගන්න කෙනා හරි සැලැස්මක් ඇතිව ගන්න ඕනෑ. ඩුබායිවල බොහෝදෙනෙක් මේ ප්‍රශ්නයට මුහුණදෙනවා.
නෝනා ගැන නම් දුකයි. එ්ත් කරන්න දෙයක් නැහැ. අරයට කියන්න ජුම්මා පල්ලියෙන්වත් ණයක් අරගෙන ගෙවන්න කියලා...
මම දන්න විදිහට ඔයවගේ කිහිප දෙනෙකුට උදව් කරලා තියෙනවා කතා කළොත් හොඳයි.
මෙච්චර සල්ලියකට මේ දෙන්නා මොනා කරලද?
අධ්‍යාපන සුදුසුකම් මොනවා වුනත් කාන්තාවකට ආර්ථික කළමනාකරණය කුඩා කාලයේ සිට ගෙවල් වලින් ඉගෙන ගත යුතු දෙයක්. යමෙකුගේ දුකකදී සංවේදී වෙන ගමන් අපිට ඉගෙනගත හැකි පාඩම් රැසකි. අද කාලයේ ඇතැම් කාන්තාවන් රූපලාවන්යයේ සිට පරිගණක තාක්ණය තෙක් පරතෙර පැමිණි මුත් ආදායමේ හැටියට වියදම් කිරීම නොදනී. එදා වේල සොයා ගැනීමට සහ ලෙඩකදී ණය වීමත් , ව්‍යාපාර සඳහා මහා පරිමාණ ණය ගැනීමත් අතර විශාල වෙනසක් ඇති බව ඇතැම් ලාංකික කාන්තාවෝ තවමත් තේරුම් ගෙන නැත. තමන්ගේ මුලික අවශ්‍යතා සහ සිහින අතර වෙනස දැන ගෙන ජීවත් වීම කොයි කාන්තාවටත් වැදගත්. මම මේ පවුලට ඉක්මන් සහනයක් පතමි.
ගත් මුදලට වැඩිය මෙතන එකතු වෙලා තිබෙන්නේ බැංකු පොළිය. ක්‍රෙඩිට් කාඩ් පොළිය ඒ වගේ දෙගුණයක් ඇති . ඒ රටේ පිළිගත් ආයතනයක වැඩ කරන කෙනකුට කියා මෙහි පොළිය අයින් කරගෙන ණය මුදල වාරික දෙකකින් ගෙවන බවට පොරොන්දු වෙන්න . ඔය කියන මුදල් ප්‍රමාණය එවිට අඩු වෙනවා . ලංකාවට එනවා කියන්නේ කබලෙන් ලිපට. ඒ ගැනත් හිතන්න .
මිනිහට වැඩ කරන්න පුලුවන් නේ .
අවබෝධයක් නැතිව වැඩ කරල. අසරණ පොඩි අය.
අපි කටත් මෙය හොඳ පාඩම්. තමන්ගේ ඇඟිල්ලේ තරමට ඉදුමුම තියන්ඩ ඕනේ.
ඒ ගැහැණු කෙනාගේ ආගම මොකක්ද දන්නේ නැහැ නේද? අර චමින්ද කියන විදිහට ජුම්මා පල්ලියෙන්වත් මොනවා හරි කරගන්න පුළුවන් නම් හොඳයි. අනාගතයේදී මුස්ලිම් බෞද්ධ ළමයින්ගෙන් රටම පිරිලා තියෙයි නේද?
තාම සිංහල මෝඩ ගෑණු මේ යක්කුන්ට අහු වෙනවනේ. ඒ අයට ඕනේ ඕකතමයි.. එ් නිසා පල්ලිය මේකට මැදිහත් වෙන්න. ඩුබායි වලින් අාපු කළු සල්ලි ගොඩක් තාම පල්ලි ඇතුලේ තියෙනවනේ. ඒවා කඩු ගාන්නද තියාගෙන ඉන්නේ...?