IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ජල ව්‍යාපෘති‍යකදී කොන්ත්‍රාත්කරුවකුට කෝටි 22ක් වැඩියෙන් ගෙවලා

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නැගෙනහිර කොළඹ ජල ව්‍යාපෘති‍යේදී ‍කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 22ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ‘කෝප් කමිටුව‘ හමුවේ අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ෂනයක් කර ඊට වගකිව යුතු නිලධාරීන් කවුදැයි සොයාබලා දැනුම් දෙන්නැයිද කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

කොන්ත්‍රාත්කරුවකු සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමකට අනුව බේරුම්කරණ ක්‍රියාවලියේදී නිසි සිද්ධාන්ත අනුගමනය නොකිරීමෙන් මෙම පාඩුව සිදුවූ බව ද හෙළි වූ අතර තවත් මෙවැනි පාඩු සිදුව ඇත්දැයි බැලීම සඳහා වසර හයක බේරුම්කරණ නඩුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස ද කෝප් කමිටුව ජල සම්පාදන මණ්ඩල ලේකම්වරයාට දැන්වීය.

ඊට අමතරව ජල ව්‍යාපෘති කිහිපයකටම අවශ්‍ය නල ගෙන්වීමේදී අවශ්‍ය ප්‍රමාණය මෙන් කිහිපගුණයක් නල ගෙන්වා ඒවා වරායේ ගබඩා කර තැබීමටද රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවා ඇති බව මෙහිදී හෙළිවිය.

කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම තොරතුරු අනාවරණය විය.



අදහස් (12)

ජල ව්‍යාපෘති‍යකදී කොන්ත්‍රාත්කරුවකුට කෝටි 22ක් වැඩියෙන් ගෙවලා

Chandana F Friday, 23 August 2019 05:16 PM

කෝ මේ ජල ඇමතිතුමා...?

:       20       190

Rasika Friday, 23 August 2019 06:37 PM

හොරු අල්ලන්න ආපු කම්බ හොරුන්ගේ තත්වය... තවමත් ඉන්නවනේ ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ මේ කම්බහොරු රෑනට ඡන්දේ දෙන...

:       215       561

Ajantha Friday, 23 August 2019 06:42 PM

කොහොමත් රජයේ වැඩ මෙහෙම තමයි. හැමතැනකම මහජන මුදල් අවභාවිතය සහ නාස්තිය.. මේවාගැන හොයලා වැරැදිකාරයින්ට දඬුවම් දෙන්න. ඒ මුදල් අයකරගන්න කවුරුවත් නැහැ. කෝප් එකේ දෙන නිර්දේශත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. රට වලපල්ලට යන එක පුදුමයක් නොවේ.

:       0       256

රවින් Saturday, 24 August 2019 01:58 AM

ඊට පස්සේ එම මුදල ගෙවන්නත් ඕනේ වතුර බිලෙන් නේද? වතුර සැපයුම් මිල අදිකයි කියලා සුත්තරයක් දමලා අපිමෙන්ම තමා අය කරගන්නේ . සියලු අත්‍යවශ්‍ය පොදු සැපයුම් වෙනුවෙන් අයකරන මුදල් පිලිබඳ විශේෂිත විගණනයක් කරන්න. ඔක්කොම කම්බා හොරු ටික එලියට එයි.

:       0       3

Bamunuarachchi Saturday, 24 August 2019 05:25 AM

හැබැයි ඇමතියෝ වතුර බිලනම් වැඩිකරන්න ලැහැස්ති වෙන්න එපා.

:       0       29

lankasri Saturday, 24 August 2019 08:12 AM

මේ ඡන්දෙදීවත් මේ දෙගොල්ලන්ටම නැතිව පිටස්තරයෙකුට දුන්නොත් තමයි අපිට ගොඩයන්න පුළුවන් වෙන්නේ...

:       0       56

RangaSaturday, 24 August 2019 12:26 PM

ප්‍රභාකරන් ඡන්දෙ ඉල්ලන්න ආවොත් මම දෙනවා.. මොකද ප්‍රභාකරන් කවුද කියන්න අපි දන්නවා.. මීට පස්සේ මොනම හේතුවකටවත් නොදන්න මළ ඉලව්වලට ඡන්දෙ දෙන්නේ නෑ...

:       12       5

Chanak los angelesSaturday, 24 August 2019 08:36 PM

ඔව් රංග ඔහු ජීවිත හානි දේපොළ හානි නොකලා නම් ඔබ දරන මතය වැරදි නැහැ .

:       0       2

AmilaSaturday, 24 August 2019 02:20 PM

පිටස්තරයෙක් වගේ මනුස්සයෙක් 2015 දාලා කෙලවාගත්තා මතක නැද්ද? ක්‍රමය ගැන අවබෝධයක් නැති පුද්ගලයෙක් ආවොත් ඉන්න කෙනාට වඩා විහිළුවක් වෙනවා.

:       0       2

RATHNAYAKE Saturday, 24 August 2019 11:03 AM

කරුණාකර දින වකවානු, කවුද හිටපු හෝ ඉන්න ඇමතිගේ නම ආදියත් විස්තර කරන්න.

:       0       30

Kumar Saturday, 24 August 2019 02:37 PM

ලංකාවේ හොඳ ඉංජිනේරුවෝ නැද්ද? එහෙම නැතිනම් හොරු රංචුවක් බලය අල්ලගෙනද? අනේ ඔය මොන කොමිටියට පැමිණිලි කළත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. කොන්ත්‍රාත්කාරයා නම් අවසාන චෙක්පත අරගෙන සිනාමුසු මුහුණින් බැංකුවට යන්න ඇති. ඊට දින කිහිපයකට පසු සල්ලි මිටියක් අරගෙන සුවිසල් මන්දිරයක වසන මිතුරෙක් හමුවෙන්නත් යන්න ඇති...

:       0       1

Chanak los angeles Saturday, 24 August 2019 08:30 PM

ඔහොම ගැහිලි අතීතයේත් සිදු කෙරුනා නමුත් එදා ඒවා රටට කාන්දු වීමට දේසපාලන බලවතුන් ඉඩදුන්නේ නැහැ . අද මෙහෙම කරලා කියලා රටට හෙලිවීමක් හරි සිද්ධ වෙනවා නමුත් පවතින මඩගොහොරු නීතිය නිසා දුෂකයන් දැලෙන් රිංගා යනවා .කෙසේ වෙතත් මෙවැනි දුෂණ වර්තමානයේත් සිදුවෙනවා අනාගතයේත් සිදුවෙන නිසා ජනතාවට උරුමවෙන්නේ පැතිමාරුවෙනකොට පෝලිම් වල තැපලා චන්දෙ දීලා හොරුටික බලයට පත්කරවා උන්ටම කන්න ඉඩදීලා දෙන දේ කාලා ඊළඟ පැතිමාරුවට ලෑස්ති වීම පමණයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1145 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site