(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු සියලූ පියවර ගෙන තිබියදීත් පිටකොන්දක් නැති බව කියා තමාට චෝදනා කරන්නේ දේශපාලන න්‍යාය පත‍්‍ර අතේ තබාගත් අයයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ප‍්‍රහාරයට මාස තුනක් පිරෙන අවස්ථාවේදී මේ සම්බන්ධ පරීක්‍ෂණ නිසලෙස නොකෙරී ඇතිබවට, නායකයින්ට පිට කොන්දක් නැති බවට හා නායකයින් ගෙදර යා යුතු බවට ප‍්‍රකාශයන් ඉදිරිපත් වී ඇතැයි කී ජනාධිපතිවරයා මැතිවරණයකින් දිනා බලයට ආ අය නිල කාලය ඉවර වූ පසු ගෙදර යා යුතු බවත් එය කිසිවෙක් කියන්නට උවමනා නැති බවත් සඳහන් කළේය.
අවශ්‍ය නම් නැවත මැතිවරණයකට මුහුණ දෙන බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමන්ට හොඳ පිටකොන්දක් ඇති බව කී ජනාධිපතිවරයා එය 2015 ජනවාරි 8 වැනිදා මෙන්ම අගමැතිවරයා ඉවත් කර හිටපු ජනාධිපතිවරයාට අගමැතිධූරය ලබාදීම ඇතුළු අවස්ථා ගණනාවකදී ඔප්පු කර ඇතැයිද කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවති ‘සත්විරු අභිමන්’ රණවිරු ප‍්‍රතිලාභ ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි
කිසිම ජනාධිපතිවරයෙක් නොකළ අයුරින් හිටපු ආණ්ඩුවේ දූෂණ වංචා මෙන්ම වත්මන් ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමටද තමන් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා පත්කළ බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
තමන් බලයේ සිටි වසර හතර හමාර පුරා සටන් කරන්නේ මත් ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, පාතාලයින්, ස්ත‍්‍රී දූෂකයින්, දුම්කොළ හා ඖෂධ සමාගම් ආදී අය සමඟය මෙන්ම දේශපාලනයේ දූෂිතයින්, හා පාතාලයින්ට විරුද්ධව ඒ බව කී ජනාධිපතිවරයා පිටකොන්ද ශක්තිමත් නැති නම් එසේ කළ නොහැකි බව ද කීවේය.
එසේ තිබියදීත් පිට කොන්දක් නැති බව කියමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට නම් නොකියා චෝදනා කරන්නේ දේශපාලන න්‍යායපත‍්‍ර අතේ තියාගෙන බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
යම් ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඕනෑම කෙනෙකු සමඟ විවෘතව මාධ්‍ය ඉදිරියේ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව කී ජනාධිපතිවරයා ඇතැමුන් තමාට අපහාස, උපහාස, කරන්නේ තමන් දුප්පත් පවුලකින් ආ අයෙකු නිසා බවද කීවේය.
තමාට පෙර සිටි ජනාධිපතිවරුන්ට මෙවැනි චෝදනා කළේ නම් එසේ කළ අයගේ දේපළ පවා අහිමි වන බව කී ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට තිබූ බරපතල චෝදනා කිසිවක් තමාට එල්ල වී නැතැයිද කීවේය.
මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වී ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ වරදින් බව මේ වන විට තහවුරු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අධිකරණය හා පරීක්‍ෂණ කෙරෙන කොමිෂන් සභා තුළ ස්වාධීන පරීක්‍ෂණයන් සිදුවන බව ද සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් කිසිවක් හංගා නැතැයි කී ජනාධිපතිවරයා සියල්ල විවෘත බව ද කීවේය.
කිසිවෙකුට හෝ අසාධාරණයක් වී ඇත්නම් ඔවුන්ට අධිකරණයට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට ගොස් කරුණු ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
COMMENTS
ජනාධිපති වරණයේ ප්‍රචාරක කටයුතු දැන්ම ඒ අය පටන්ගෙන... ඒ නිසා දැන්ම ආණ්ඩුවට ජනාධිපතිට බනින්න ඒ අය පටන්ගෙන...
මම මේ ජනාධිපතිතුමාට කැමති නැත. එ්ත් මේ කතාව නම් හරියට හරි..
කාදිනල්තුමා කාගෙවත් නමක් කිව්වද? හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නයි කියන්නේ ඕකටයි !
පලබර ගසක් වුනොත්.. පොලුපාරවල් විඳදරාගත යුතුයි නේද?
හිටපු ජනාධිපතිවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කලේ නැහැ. නමුත් ඉතිහාසයේ ඒ වැරැද්ද කල එකම එක්කෙනා ඔයාමයි. ඔයා බලයේ සිටි වසර හතර හමාර පුරා කරපු සේරම අසාර්ථකයි. දින 52 ආණ්ඩුවට වෙච්චදේ මතකයි නේද? එදා දුප්පත් පවුලකින් ආවට, අද දුප්පත්ද? රංගේ බණ්ඩාර කිව්වා වගේ ගරු කියන්නත් වටින්නේ නැහැ.
කිසිවෙක් කිසිවෙකුට චෝදනා කිරීමට බැරි බව සියලුම පුරවැසියන් දන්නා දෙයකි.
කියන්නා කෙසේ කිවත් ඇස් පනාපිට සිදුවූ විනාශය නිසා දන්නෝ දනිති.
කාර්දිනල් ලිමිට් පනිමින් සිටින බව නම් කිවයුතුය. විවේචන කලයුත්තේ තේරුම් අරගෙනය නිකන් කටට ආව පලියට යන්න හිතුන පලියට හැම තැනම ගොස් ඔහුද විහිලුවක් වෙමින් තිබේ.
මෙතුමා කියන දේ ගැන මම කිසි දෙයක් කියන්නේ නැහැ. හැබැයි කාදිනල් තුමානම් නම් කාගේ හරි දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන බව හොඳටම පැහැදිලියි.
" දේශපාලුවන් " ඔක්කොම සැමවිට සුදනොනේ..// වැසිකිලි යනවිටත් මල්වට්ටිය අතෙමනේ..// අහිංසක පුරව්සියන් තමජිවිත පුජ කලේ..// "
කට ඇරියොත් ටෝම්පච තමයි කෙලින්නේ අපිට ලැජ්ජයි 62 දෙලක්ශයටත් .
නිවැරැදි ස්වාධීන පරීක්ෂණයකට ඉඩ නොදෙන්නේ දැන් ඉන්න ජනාධිපති ම තමා. ඒ බව පසුගිය කාලයේ මහජනතාව හොදින් දුටුවා. බොම්බ පතරොම් හමුවුනාට ඒවා නිපදවන ලද්දේ කොහෙද කවුරුන් විසින් ලංකාවට ගෙන ආ ඒවාද.. ත්‍රස්තවාදීන්ට ආයුධ ලැබුනේ කෙසේද? කිසිවෙක් මහජනතාවට දැනගන්න දුන්නේ නෑ. ජනාධිපති ඇතුලු ඉහල ඇවරිය විසින් චූදිතයන් නම්කොට ඔවුන්ට අවශ්‍යාකාරයෙන් වැරදිකරුවන් නම් කරමින් සිටී. බල තන්හාව හැර මෙහි වෙන කිසිත් නැත
කොන්ද කෙලින් තියන් වැඩ කරනවනම් ඇයි ඔයතරම් විවේචන වලට බය වෙන්නේ
කාදිනල් තුමා හරියට හරි . අපිට ඔහොම කියාගන්න බැරි එක තමයි එතුමා බය නැතුව කියන්නේ .බල ලොබි දේශපාලකයෝ සහ හෙන්චයියෝ , පක්ෂ බේදයක් නැතුව වසර 71 ක් තිස්සේ මේ රට කෑවා. මේ රටේ රාජ්‍ය අංශයට හෙන්චයියෝ පුරෝලා එකත් විනාශ කළා .
අවංකවම රටේ පාලනයට නුසුදුසු ඔබගේ නොහැකියාවත්, ගමේ තිබෙන්නාවූ ගැමි මෝඩකමත් මනාවට පෙන් වූ අවස්ථාවක්
පිට කොන්දක් නැහැ කිව්ව කතාව ඔබතුමාට ආරංචි වෙච්ච එකම ඇති අපට.
ඔබ තුමා කරපු ගොඩක් දේවල් හරි ගියේ නෑ නේ. අන්තිමේදී ඔබ තුමාට උනේ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච දේ.
ගත්ත ලොකුම පියවර සිංගප්පූරුවේ දිගටම සාප්පු සවාරි ගිය එක...
බෝම්බ ගහපු එකේ පරීක්ෂණ හරියට කරන්නෑ කියන ගමන් රතුපස්වල ,කටුනායක උන දේවල් වල පරීක්ෂණ ගැනත් කතා කරමුකො. අනුන්ගේ කොන්දවල් ගැන කතා කරන්න ඉස්සෙල්ලෙ ඔහේ කොන්දක් තියනවද කියල අතගාල බැලුවනං වටිනව නේද? බෝම්බ පුපුරපු තැන් ගිහින් බලද්දි අඩපු නැති මිනිහ ඊට මාසෙකට පස්සෙ රෝමයට ගිහින් කතා කරද්දි අඩනව. මේව හොදයි වහල්ලුන්ට ආතල් දෙන්න. අපේ උන්දැලටත් ඉතින් කවුරු හරි ඇවිල්ල ඔලුව අතගාල ලස්සනට කතා කරනව නං ඊට වඩා දෙයක් නෑ.මිනිහගෙ යටි අරමුණ දැනගනිද්දි බඩු හම්බවෙලා ඉවරයි.කාලයක් අර ආව කල්ලියෙ කොල්ල ඇවිල්ල කතා කරද්දි ඌව රටේ ජනාදිපති කරමුකෝ කිය කිය බුකියෙ වැලලෙන්න ගිය උන් කදිනාල්ගෙ මත්තෙ පහුගිය ටිකේ මැරෙන්න ගිය එක පුදුමයක් නෙවෙයි. හිමින් කල්පනා කරල බැලුවනං තේරෙයි කවුරු කවුරුත් බොරදියේ මාලු බාන විත්තිය ... ඇස් ඇරල බලපියවු.
කාදිනල්තුමා වැරදියි නම් ඉක්මනින් ජනාධිපතිවරණයක් තියලා බලන්නකෝ ඔයාට මොකද වෙන්නේ කියලා. කෙලින් තීරණයක් ගන්න කෙනෙක්නම් මේ වෙලාවේ කරන්න තියෙන හොදම දේ ඒක නේද?
ප්‍රහාරයට පෙර ආරක්ෂක අංශ දුර්වලව තිබුණ එක ඇත්ත. එත් පසු ක්‍රියාකාරිත්වය හොඳින තිබුණ .දේශපාලන අරමුණු නැති අයට පෙනෙන ඇත්ත එකයි
මෙතුමා කියන කරුණු බොරුම නෙවෙයි. ඒත් සද්දෙ තරමට වැඩ නැති එකයි ප්‍රශ්නය
ජනපතිවරණයට කලින් දුන් පොරොන්දු ඉටු නොකර එකෙක්කෙනාට චෝදනා කරමින් අවුරුදු 4 1/2ක් ගතකරලා, අන්තිමට ආරක්ෂක ඇමතිකමවත් හරියට නොකර එක්දින මිනිස්සු 300ක් විතර මැරිලා, 200ක් විතර අාබාධිත වෙලා... රටේ ආර්ථිකය වැටිලා... දැන් එනවා විකාර කතාකරන්න.
කට ඇති ජනපති තුමන් කියල තියන දෙය කිරිගහට ඇන්න වගේ උනාට කරන දේවල් මහදැනමුත්තා එළුවාගේ බෙල්ල කපල කළේ බිදලා එළු ඔලුව අරන් පෙන්නුවා වගේ දේවල්නේ. එහෙම මෝඩ වැඩ කරන්නනම් ඔබතුමන්ට හොදට කොන්ද පන තිනවා කියල මුළු රටටම පෙන්නුව් අගමැති පුටුවේ මහින්දව ඉන්දවල දින 52ක් රට අරාජිකා කරපු වෙලේ. ඒ වැඩෙන් මහින්ද විරුද්ධ පක්ෂයේ නායක තනතුරට පත්වී රනිල් ඔබ තුමන් පරාජයට පත්කර රජයේ නිලධාරියෙකුට ස්ථාන මාරුවක් දෙන්නවත් බලයක් ඔබතුමන්ට නැහැ කියල ඔප්පුකරල ජේ.ආර් ට සැලකිල්ලක් ලෙසද කොහෙද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරුපනය කර එසේ කළාට අදිකරණයට ජනාධිපතිව අභියෝගයට ලක්කරන්න බැරි තත්වය රැකලා තිබුණ.
තව අවුරුදු පහකට කෙලහලනවා.
පිට කොන්දක් නැහැ කියල කීවහම නේ හොඳටම ජුවල් ගිහින් තියෙන්නේ. කොමිසන් පත්කළාට මහත්තයෝ අවුරුදු තුන හමාරකට කලින් බලය ඉල්ලපු වෙලාවේ පොරොන්දු උන ආකාරයට දුෂිතයින් එක්කෙනෙකුටවත් දඬුවම් කලාද කියලයි අපට අහන්න වෙන්නේ. එදා මෙදා තුර කියපු දේවල් පොඩ්ඩක් මතක් කරන්නද? "ඡන්දය දවසේ මධ්‍යම රාත්‍රියේ අපි කටුනායක දොරවල් වලට ඉබ්බෝ දානවා, දුෂිතයින් එක්කෙනෙකුටවත් රටෙන් පිට වෙන්න දෙන්නේ නැහැ, හිරකාමර වල පොලව පලාගෙන අවීචි මහ නරකාදියට හරි ගිහිල්ල දුශිතයින්ට දඬුවම් දෙනවා දෙනවා මයි, කවුරු මොන කතා කිවත් කුඩු කාරයෝ එල්ලනවා එල්ලනවා මයි, දැනටමත් හතර දෙනෙක් එල්ලන්න අත්සන් කරලයි තියෙන්නේ. " 2015 ජනවාරි 8 වැනිදා 64 ලක්ෂයක් වූ ජනතාව ඡන්දය භාවිතා කලේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවටත් ජනතාවටත් වගකියන ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුක්‍රමයක් සහ නීතියේ ආධිපත්‍යය ගරු කරන නව දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහායි. එහෙම නැතුව උදේට එකයි සවසට එකයි බැගින් හැම බඩ කඩිත්තුව කටම නිදහසට කරුණු කියා කියා තමන්ගේ නොන්ජල් කම වහ ගන්නට අනුන්ට දොස් පවර පවරා කාලය කා දමන්න නොවේ. ඒක මතක තියාගන්න.