(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හතර වැනි මණ්ඩලයේ චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වලමින් පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද (18) අතුරු නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ චිත‍්‍රපට සමාගම් 4 ක් විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදීය.
එම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු මෙම අතුරු නියෝගය ලබා දී ඇත.
චිත‍්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සිනමා සමාගම් 04ක් වන ඊ.ඒ.පී චිත‍්‍රපට සමාගම, ලංකා ෆිල්ම් ඩිස්ටි‍්‍රබියුටර්ස් පෞද්ගලික සමාගම, සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම, මූවි ප‍්‍රඩක්ෂන් යන සමාගම් විසින් ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාව ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
4 වැනි මණ්ඩලයේ චිත‍්‍රපට බෙදා හැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ කටයුතු වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයට පෙත්සම්කරුවන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව අදාළ දිසා අධිකරණය වාරණ නියෝගයක් ලබා දී පසුව එය විසුරුවා හරිනු ලැබීය. ඉන් අනතුරුව අගතියට පත් පැමිණිලිකරුවන් විසින් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නිතිඥ අනෝමා ගූණතිලක මහත්මිය පෙනි සිටියාය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චිත්රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක්