(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203 ග්‍රෑම් 265 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසයි.
පරයානන්කුලම් පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාළ ලොරි රථය ධාවනය කරමින් සිටි මාර්ගයේ සෝදිසි වැටලීමක් කර මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන දකුණට සහ උතුරට බෙදාහැරීම වෙනුවෙන් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇත.
කේරල ගජා ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.


COMMENTS
සියලු හමුදා කඳවුරු වසමු. පළාත් සභාවලට පොලිස් බලතල ලබාදී උතුරු පළාතෙන් පමණක් පොලිසියට බඳවාගමු.ඉන් පසු උතුරෙන් දකුණට කේරල ගංජා සහ බීඩි කොළ ආනයනය කරමු.
මේවා ගෙන්වන උන්ට කිලෝ ගණන් පොවන්න ඕනේ. දැන් අපිට දරුවෙක් බයක් නැතිව පාරේ යවන්න බැරි තත්වයක් තියෙන්නේ, කුඩු, ගංජා,පෙති, අයිස් විකුණන උන්ගෙන් ළමයි බේරගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. පොලිසියේ, උසාවි වල , පාර්ලිමේන්තුවේ ඉන්න පගා මරුවන්ට ... ගහන්න ඕනේ.අගමැතියෙක් ජනාධිපතියෙක් ,පාර්ලිමේන්තුවක් තියෙන/ඉන්න රටක් ද මේක
මේවා පාර්සල් කරලා තියෙන ලස්සන... කී දෙනේක්ගේ ජිවනෝපායවූ කර්මාන්තයක් වෙන්න ඇත්ද? හදන පුද්ගලයෝ මෙමගින් තවත් පුද්ගලයෙකුට අයහපතක් වෙනවා කියා දැනගෙන හදනවාද? අතර මැදියෝනම් දන්නවා වෙන්න පුළුවන්. හදන තැන කෙසේවෙතත් අතර මැදියන්ගේ ක්‍රියාකාරම් අවම කිරීමට හොඳ වැඩ පිළිවෙලක් තිබුනොත් හොඳයි. හදන තැන ඉබේටම් වැහිලා යයි.