IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කතානායකගේ උපදේශකට ඇමෙරිකාවෙන් වැටුප් ගෙවීම ගැන විපක්ෂයේ විරෝධය

ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු 

   

කතානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ප්‍රසාද් කාරියවසම් මහතා පත්කර ඔහුට  ඇමෙරිකානු ආයතනයකින් වැටුප් ගෙවීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද (18) විරෝධය පළ කළහ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එවැනි උපදේශකවරයකු අවශ්‍ය නම් පාර්ලිමේන්තුව හරහා වැටුපක් නොගෙවා ඇමෙරිකානු ආයතනයකින් ගෙවීම වරදක් බවයි.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වූහ.

කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේ ප්‍රසාද් කාරියවසම් මහතාට වැටුප් ගෙවන යූ එස් ඒඩ් ආයතනය පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතුවලට ප්‍රදානයන් ලබාදෙන බවයි.

මේ හරහා පාර්ලිමේන්තුව විදේශයකට යටත්වීමක් නොවන බවද කතානායකවරයා කීවේය.



අදහස් (6)

කතානායකගේ උපදේශකට ඇමෙරිකාවෙන් වැටුප් ගෙවීම ගැන විපක්ෂයේ විරෝධය

Cisco Tuesday, 18 June 2019 03:28 PM

ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට

:       876       1133

rasika Tuesday, 18 June 2019 03:44 PM

මොන රටේද පාර්ලිමේන්තුවේ කතානායකගේ උපදේශකට වෙන රටකින් වැටුප් ගෙවන්නේ. මේක ඇමෙරිකාවට ඕනේ විදියට රට යටත් කරගෙන දැනටමත්. තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නැහැ ඇමෙරිකාවෙන්, චීනෙන්, ඉන්දියාවෙන් වැටුප් අරන් ඒ රටවලට වැඩ කරන.

:       727       704

Arachchi Wednesday, 19 June 2019 12:36 AM

අනාගත ජනාධිපති අපේක්ෂකයෙකුගේ උපදේශකයෙක් ... දැනටමත් එක්සත් ජනපදයේ වැටුප් ගෙවීම්වල .. ඇමරිකාවේ ආරක්ෂක ගිවිසුම් තල්ලු කළේ ඔහුයි.

:       97       10

sarath Wednesday, 19 June 2019 01:38 AM

මේකත් හරියට ද්විත්ව පුරවැසි භාවය ලැබුවා. කතානායක කෙනෙක් වගේ තමයි .

:       0       1

ලුම්බිණි Wednesday, 19 June 2019 04:57 AM

යූ එස් ඒඩ් ආයතනය වෙන දේවල් වලට ගෙවනවා නම් මෙතන මොකද්ද ප්‍රශ්නය?

:       1       124

kap Wednesday, 19 June 2019 05:18 AM

හෑම කොමෙන්ට් එකක්ම ඈමෙරිකන් විරෝධී , හෑබෑයි දිගම වීසා පෝලිම තියෙන්නෙ ඈමරිකන් එම්බසිය ඉස්සරහ..

:       1       129

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site