IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක  හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල  පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන ඇත.

මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු විදෙස් රටවල් ගණනකට ගොස් ඇති අතර  එසේ ගිය විදේශයන් අතර ඩුබායි රටද ඇතුළත් වන බව පොලිසිය සඳහන් කරයි.

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ  කංජිපානි ඉම්රාන් සමග සැකකරු  සමීප සම්බන්ධතා කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ  සිටි කාලයේ සැකකරු  එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද පොලිසිය පැවසීය.

මෙම පාතාල නායකයන් දෙදෙනා සමග සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා සමීප සම්බන්ධකම් පැවැත්වූයේ කුමන  අරමුණකින්ද යන්න ගැන සොයා ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ  මෙහෙයවීම යටතේ එම බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙම වැටලීමට හවුල් වී ඇත.



අදහස් (9)

අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි

shyam Thursday, 16 May 2019 04:11 AM

අයිඑස් අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ අවි පුහුණුව ලබන කෙනෙක් අල්ලන්න මෙහෙ නීති නැත්නම් අයිඑස් අයිඑස් එක්ක සම්බන්දකම් තියෙන මෙයාව ඇල්ලුවේ මොන නීති වලින්ද, හදිසි නිතිය මගින්ද ?

:       201       236

thushara Thursday, 16 May 2019 04:17 AM

අහිංසක තරුණ ජිවිත විනාශ කර මුදල් ඉපැයූ මොහුගේ සියලුම දේපල තහනම් කරන්න. එයට අමතරව මරණ දණ්ඩනය දිය යුතුය.

:       1       376

sanjeeva Thursday, 16 May 2019 04:44 AM

"ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි " අයියෝ ඕක හරි සිම්පල් වැඩක් නේ. ගිහිල්ල අහන්නකො අර දියවන්නාවේ ඉන්නේ පොඩි කොමියුනිකේෂන් එකක් දාගෙන පටන්ගත්ත කෙනා අද සුවිසල් මන්දිර සහ අධි සැප වාහනවල යන්නේ ?

:       190       661

Amila Thursday, 16 May 2019 05:39 AM

අන්තිමට බෝම්බ කාරයෝ කියලා වෙන වෙන මිනිස්සු අල්ලනවාද කියලත් සැකයක් ඇතිවෙනවා. 2009 ත්‍රීවීලර් පැද්දා කියලා 2019 වෙනකනුත් එහෙම වෙන්නම ඕනද. අවුරුදු 10කින් කාර්ගෝ ව්‍යාපාරයකින් දියුණු නොවුනොත් තමයි පුදුම. සල්ලි ගැවසෙනවා නම් පාතලයෝ දේශාපාලුවොත් ලගින්ම ඇති කොහොමත්.

:       91       239

Sinhalaya Thursday, 16 May 2019 07:39 AM

ඇඳුම් ශොපින් බෑග් එකේ දාන් ආපු අය මෙහෙම තමයි....

:       0       0

lankasri Thursday, 16 May 2019 08:54 AM

සේරම අතහැරලා දාලා ත්‍රී රෝද රථයක් ගන්න හිතෙනවා.

:       0       0

රුවන් Thursday, 16 May 2019 09:17 AM

පොහොට්ටුවෙන් ඉල්ලපු අපේක්ෂකයෙක් .. පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ.

:       0       0

priyan Thursday, 16 May 2019 12:09 PM

නායකයන්ගෙන්ම තමයි අහන්න ඕනේ...

:       0       0

isurandi Thursday, 16 May 2019 07:03 PM

මාබෝල ,එඩේරමුල්ල,හුණුපිටිය,වත්තල , මේ නගර ආවරණය කර හොද සුද්ධ පවිත්‍රයක් දානවනම් ලොකු උදව්වක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 195 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 126 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 704 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 49 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 15 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2073 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site