(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර අංශයේ රෝගීන් ලියාපදිංචි කිරීමේ අංශයට අද (22) උදෑසන අකුණක් වැදීම හේතුවෙන් එහි පරිගණක පද්ධතියට හානිවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
බාහිර රෝගි අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙම තත්වය හේතුවෙන් රෝගින් ලියා පදිංචි කිරීමේ අංශයේ පරිගණක පද්ධතිය අක්‍රීය වී ඇති බවයි.
කෙසේ වෙතත් රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බවද හෙතෙම පැවසීය.
මෙම අකුණ අද (22) උදෑසන ගාල්ලට පතිත වූ ධාරානිපාත වර්ෂාව සමඟ ඇතිවි තිබේ.
මෙම අක්‍රීය පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd